IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එහේ සැප බස් තිබුණත් අපට එහෙම නෑ

(නිමල් ජයරත්න)

පොලොන්නරුවේ ගම් රැසකට දරුවවෝ පාසල් බසයක් නොමැතිව දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව සිටිති.

වැලිකන්ද, මදුරංගල, මලින්ද, සුසිරිගම, යන ගම්මානවල පාසල් දරුවන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවකට 2011 වසරේ සිට පාසල බස් රථයක් නොමැතිකම නිසා තම දරුවන්ට පාසල වෙත අත්ට්‍රැක්ටරයෙන් යෑමට සිදුව තිබේ.  

මෙම ගම්මානවල පාසල් දරුවන් සෙවණපිටිය, වැලිකන්ද, මනම්පිටිය, යන විද්‍යාලවලට ගමන කරන අතර ඔවුන්ට තම ගම්මානවල සිට සෙවනපිටියට යෑමට මාසිකව එක්දරුවකු වෙනුවෙන් මවුපියන්ට රුපියල් තුන්දාහක මුදලක් අත්ට්‍රැක්ටර් රියදුරුට ගෙවීමට සිදුවන බවද මවුපියන් ප්‍රකාශ කරති.

පොලොන්නරුව ඩිපෝවට අයත් ලංගම බස් රථයක් 2011 වසරට පෙර පාසල් සිසුන් පාසල වෙත ප්‍රවාහනය කළ අතර ඉන් අනතුරුව එම බස් රථය නතර වීමෙන් පසු කිසිදු ප්‍රවාහන පහසුකමක් නොලැබීමෙන් තම දරුවන් වන අලි තර්ජන මැද පාසල් වෙත යැවීමට සිදුව ඇති බවද මවුපියන් පවසති.

පවුල් දාහකට ආසන්න සංඛ්‍යාවකගේ දරුවන් දෙසීයක් පමණ මෙම ගම්මානවල සිට සෙවනපිටිය, මනම්පිටිය, වැලිකන්ද යන විද්‍යාලවලට ගමන් කරන අතර ඒ සදහා බස් රථයකින් ගමන් කරන්නේ නම් මාසික වාර ප්‍රවේශ පත්‍ර සඳහා අවශ්‍ය වන්නේ රුපියල් 800 ක මුදලක් බවත්, ඒ වෙනුවට රුපියල් 3000 ක මුදලක් එකදරුවකු වෙනුවෙන් අත්ට්‍රැක්ටර්යට ගෙවීමට සිදුව ඇති බවද මවුපියන් සඳහන් කරති.

ලංකා ගමනාගමන මණ්ඩලයේ පොලොන්නරුව ඩිපෝ අධිකාරී ඩී.ඒ. ප්‍රේමසිරි මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම ගම්මාන සඳහා යෙදවීමට ප්‍රමාණවත් තරම් බස්රථ නොමැතිකමත්, රියදුරන් සහ සේවකයන් නොමැතිකමත් එම ගැටළුවට ප්‍රධාන හේතුව බවයි.

 



අදහස් (5)

එහේ සැප බස් තිබුණත් අපට එහෙම නෑ

ගමේ එකාලා Friday, 01 September 2023 01:11 AM

හිටපු ජනාධිපතිගේ ආසනේ වුණාට වැඩක් නැහැ. හාල් මෝල් කාරයින්ට නම් හොඳයි..!

:       0       5

සල්ලි Friday, 01 September 2023 07:28 AM

පුතාලා හොදට ඉගෙන ගෙන වෙන රටකට යන්න ඒ රටවල නායකයෝ යන්නේ එන්නේ බස් වල මෙහේ අමුතු මාෆියාවක් තියෙන්නේ ...

:       1       3

ජුනයිඩ් නානා Friday, 01 September 2023 08:31 AM

ජනාධිපති කෙනෙකුත් හිටිය පැත්තක ළමයි නෙව මේ බස් එකක් නැතුව දුක් විඳින්නේ... කොයි මේ බස් බෙදන විපක්ෂ නායක...?

:       1       4

Perakum Friday, 01 September 2023 11:40 AM

දුක්වෙන්න එපා දරුවනේ... හෙට අනිද්දා ඡන්දේ එනකොට කට්ටිය කවුරුත් පාසල් බස් දාලා දේවි…!

:       0       2

Rata Perata Friday, 01 September 2023 11:42 AM

ඒත් ජනපති යන කාර් එක පස්සෙන් යන්න නම් වාහන 505ක් විතර තියෙනවා. මේ කාලකණ්ණි දේශපාලුවන් එළවන්න දැන්වත් ඔලුව හදාගන්න බැරිනම් ඒක නූගත්කම හා කාලකණ්ණි කමම තමයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site