IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


එස් පවර් බලාගාරයට කෝටි 200ක් ගෙවීමට සිදුවීමෙන් ලංවීම අර්බුදයක

(රංජන් කස්තුරි)

එස් පවර් ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් ඉකුත් මාස 4ක කාලයක් සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන් රුපියල් කෝටි 200 කට අධික මුදලක් ගෙවීමට සිදුවීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තාවේ.

එස් පවර් ඇඹිලිපිටිය පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ලංවීම හා එම බලාගාරය අතර අත්සන් කළ ගිවිසුම නීති විරෝධී හෙයින් ඊට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අවසර හිමිවී නොමැති තත්ත්වයක් මත එම අර්බුදය හට ගෙන ඇතැයිද පැවසේ.

එම පෞද්ගිලික විදුලි බලාගාරයෙන් ඉකුත් අප්‍රේල් මාසයේදී ලබා ගත් විදුලිය වෙනුවෙන් රුපියල් කෝටි 85ක මුදලක් ගෙවීමට නොහැකිව තිබූ අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ විශේෂ නියෝගයක් මත එම මුදල ගෙවා දැමීමට ලංවීම පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.

ඉන්පසු ඉකුත් ජූලි මාසය දක්වා කාලය තුළ ලබාගත් විදුලිය වෙනුවෙන් තවත් රුපියල් කෝටි 115කට අධික මුදලක් එම බලාගාරයට ගෙවීමට තිබෙන අතර එම ගෙවීම නීත්‍යානූකූල අයුරින් සිදුකිරීමේ ගැටළු මතුව තිබෙන බවද පැවසේ.



අදහස් (14)

එස් පවර් බලාගාරයට කෝටි 200ක් ගෙවීමට සිදුවීමෙන් ලංවීම අර්බුදයක

Kumar (Gulf) Monday, 03 September 2018 05:02 PM

පහුගිය මාස 5 හේම වැහැලා වැහැලා ජලාශ පිරිලා වතුර අහකත් ගියා, දැන් මේ හොර නඩේ කියන්නේ පෞද්ගලික බලාගාර වලට ණය ගෙවන්න වෙලා කියාලා, කාගේ සාක්කුවටද මේ සල්ලි ගමන්කරන්නේ?

:       0       166

Bamunuarachchi Monday, 03 September 2018 05:08 PM

කෝ මේ යහපාලකයෝ වෙනුවෙන් අලගු තියන ගොයියෝ. නීත්‍යනුකූල නැතයි කියන මේ කූඨ ගනුදෙනු ගැන මොකද කියන්නේ කියලා අපි දැනගන්න සතුටුයි.

:       0       155

amila Monday, 03 September 2018 06:33 PM

බලාගාරයක් හදන්න තිබ්බා තව සල්ලි කීයක් හරි දැම්මනම්. අනිවාර්යෙන් මේ පෞද්ගලික බලාගාරේ අයිතිය ඇත්තේ ලොකු දේශපාලුවෙක්ට තමයි. රට කනවා කට්ටිය එකතු වෙලා.

:       0       142

nihal Monday, 03 September 2018 07:51 PM

විදුලි බල ඇමති කෙනෙක් හා කාර්ය මණ්ඩලයක් ඉන්නවා නේද පඩි ගන්නවා නේද... මේ ගණන් හිලව් මුලින් දැනගත්තේ නැතිද... නොහැකියාවෙන් පෙලෙන තවත් කට්ටියක්ද.? නුගතුන් පිරිසක් නිසා මජනයා තවත් පීඩවට පත්වේ.

:       0       138

Kamal Tuesday, 04 September 2018 03:06 AM

ඇමතිතුමාගේම බලාගාරයක් නේද ඕක.

:       0       125

nishantha Tuesday, 04 September 2018 03:16 AM

මෙච්චර හොරකන දේශපාලකයෝ ඉදිද්දි කොහොමද රටක් හදන්නේ මහින්දත් එකී මෛත්‍රීත් එකයි..... දුප්පත් අපි තම හැමදේම දරාගන්න ඕනි................

:       0       114

Jeevan Perera Tuesday, 04 September 2018 03:54 AM

කෝටි දෙසීයෙන් ලංවිම ඉහළ තැන්වලට ලැබෙන කුට්ටිය මත ඔය මුදල හැකි ඉක්මනට ගෙවීමට පියවර ගනු ඇත. මහජනයාගේ ලයිට් බිලට අබසරණයි.

:       0       105

sarath Tuesday, 04 September 2018 05:02 AM

රාජ්‍ය සේවයේ ඉන්න උදවිය රාජ්‍ය මුදල් අමු අමුවේ දුෂණය කිරීමක් ...... ඇමතිටත් කුට්ටියක් ගිහිල්ල ඇති.

:       0       172

සතයපාල Tuesday, 04 September 2018 06:55 AM

පුදුම ආදරයක්නේ අපට තියෙන්නේ නීති විරෝධීව හරි කමක් නැහැ විදුලිය අරගෙන අපිව කළුවරේ තියන්නේ නැතිව බලා ගන්නවා විදුලිබල මණ්ඩලයේ මහත්වරු.

:       0       110

Hafeel Tuesday, 04 September 2018 07:35 AM

විදුලිබල වෙනුවෙන් රටේ ඇමතිවරු කීදෙනක් ඉන්නවද? කැබිනෙට් ඇමති, නියෝජ්‍ය, රාජ්‍ය ඇමති, පළාත් ඇමති, කාර්ය මණ්ඩලය. නමුත් වැඩක්ම නැහැනේ. මෙහෙම පුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගන්නවනං, මොනවටද මහජන මුදලින් නඩත්තුවන මේ ඇමතිලා?‍ වැඩේ සාමාන්‍ය නිලධාරීන්ටත් කරන්න පුළුවන්.

:       0       106

BamunuarachchiTuesday, 04 September 2018 03:45 PM

හෆීල් මෙරටේ දැන් දේශපාලුවෝ කරන වැඩ බොහොමයක්ම දැනට අවුරුදු 50 කලින් කලේ රාජ්‍ය නිලදාරීන්. මත්පැන් විකිණීමේ පර්මිට් එක දුන්නේ සුරාබදු කොමසාරිස්. රටේ බොහෝ ඉඩම් ප්‍රශ්න විසඳුවේ දිසාපති. පරිපාලන වැඩකලේ රජයේ සිවිල් නිලදාරීන්. 1977න් පස්සේ තමයි ඉඩම් ප්‍රශ්න පළාත් සබා සබාපති විසදන්න පටන් ගත්තේ. පර්මිට් එක ඇමති දෙන්න පටන් ගත්තේ දැන් රට හදන්න බැහැ මෙරට ඉවරෙටම ඉවරයි.

:       0       87

ගුණවර්ධන Tuesday, 04 September 2018 08:40 AM

දැන් ඉතින් මේවා ගෙවන්න ලුණු ඇටේ ,ගිනිකූරේ ඉදලා බදු ගහවි..බලන් ගියාම මහින්ද මහත්තයාගේ කාලෙ හොදයිනෙ තව..

:       118       93

latha Tuesday, 04 September 2018 09:23 AM

පුදුම වැඩේ කියන්නේ වෙන රටවල බදු ගහන්නේ රටේ සංවර්ධනයට. මේ රටේ ගහන්නේ හොරකම් පියව ගන්න. හොරුන්ගෙන් ගන්නේ නැහැ. අහිංසක මජනයගෙන් ගන්නේ. මේ වගේ රටවල ඉපදෙන්නේ පෙර කරුම වලටම තමයි. කොහොමද හොර කාල තියන තරම. කවුරුවත් හොයන්නේ බලන්නේ නැති නිසා හොරුන්ට මරේ මරු.

:       0       188

Ruwan Tuesday, 04 September 2018 12:54 PM

ලංකාවේ නිවාස වලට අඩු මුදලට හෝ ගෙවීමේ ක්‍රමයට සෝලා පැනල ලබා දෙන ක්‍රමවේදයක් රජය සකස් කලොත් නියමයි.

:       0       112

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 558 0

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 1939 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 766 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 367 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


තැනින් තැනට අද තද වැසි
2025 මැයි මස 10 134 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 426 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1344 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 344 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site