(ගයාන් සූරියආරච්චි)
පොලිස් විශේෂ කාර්ය බළකායේ නව නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) වශයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙටිටිආරචිචි මහතා ඉකුත් දා වැඩ බාරගත්තේය.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හැදෑරූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් නීතිය පිළිබදව පශ්චාත් උපාධිය සහ අන්තර් ජාතික මානුෂික නීතිය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් ද වෙයි.
තායිලන්තයේ කෙසටිසර් විශ්ව විද්‍යාලය, මැලේසියාවේ යු. පී.එම් විශ්ව විද්‍යාලය සහ උතුරු ඉංදියාවේ හරයානා යන විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය හදාරා තිබේ.
උතුරු පළාත භාර කලාප අණදෙන නිලධාරී තනතුරේ සිට විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ, සෝදිසි හා බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂ සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ වශයෙන් ද ඔහු කටයුතු කළේය.
1988 දී විශේෂ කාර්ය බළකායට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස වශයෙන් බැඳුණු ඔහු විවිධ නිලතල හා තනතුරු හොබවමින් වසර 35 ක අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ද වෙයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
එස්.ටී.එෆ් නව නියෝජ්‍ය අණදෙන නිලධාරී