IMG-LOGO

එස්. එස්. සී තණතීරුව යළි ඇතිරීම ගැන සිතා බැලීමට කාලය හොඳයි

ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරග වලදී ප‍්‍රතිඵල බලාපොරොත්තු වන්නේ නම් එස්. එස්. සී. පිටියේ තණතීරුව නැවත ඇතිරිය යුතුය ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන අදහස් කරයි. කොළඹ එස්. එස්. සී. පිටියේදී පාකිස්තාන පිලට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය අවසානයේදී මහේල මේ බව පවසා සිටියේය. මේ තණතීරුවේදී ටෙස්ට් තරගයක තීරණයක් ලබාගන්න නම් මා හිතන්නේ මේ තණතීරුවට තව මොනව හරි දෙයක් එකතු වෙන්න  ඕනෑ. නියත වශයෙන්ම ඒ ගැන අප සිතා බලන්න  ඕනෑ” යයි මහේල ජයවර්ධන පැවසීය. පසුගිය වසර හයක කාලයේදී එස්. එස්. සී. පිටියේදී පැවැති ටෙස්ට් තරග 10 කින් තරග හයක්ම ජය පරාජයෙන් තොරව නිමා වී ඇත්තේ පිතිකරුවන් වාර්තා පිට වාර්තා තබමිනි. මහේල ජයවර්ධන (374) සහ කුමාර් සංගක්කාර (287) එක්ව තුන්වැනි කඩුල්ල සඳහා ලෝක වාර්තාවක් පිහිටවූයේදී එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදීය. කෙසේ වෙතත් කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්තානු පිලට ආරාධනා කිරීම සම්බන්ධයෙන් තමන් ගත් තීරණය තමන්ටම පාරාවළල්ලක් වූ බව මහේල පිළිගනී. මෙම තීරණය නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කී‍්‍රඩකයෝ කඩුලූ 5 කට ලකුණු 551 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා පිල දැඩි පීඩනයකට නතු කළහ. අප ඒ පිළිබඳව ගත්තේ සාමූහික තීන්දුවක් තමා. ඒත් නායකයා වශයෙන් මා වගකීම බාරගත යුතුයි. මා එහි වගකීම බාරගන්නවා” එය අපි ගත්තු එක්තරා අවදානම් සහගත තීරණයක්. ඒත් ඒක ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. තව පොඞ්ඩෙන් ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්නට අපට සිදුවෙනවා” යයිද මහේල පැවසීය. වසර ගණනාවක් තිස්සේ, එස්. එස්. සී. පිටිය පිතිකරුවන්ට කොයිතරම් යෝග්‍ය තණතීරුවක් වුවද, මෙම කී‍්‍රඩාංගණයේදී විශාල ඉනිම කරා යන පිතිකරුවන් තමන්ගේ ඉලක්කය ආසන්යේදී දැවී යාම සුලබ දසුනකි. දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී මහේල ජයවර්ධන ලකුණු 374 කටද, කුමාර් සංගක්කාර ලකුණු 287 කට දැවී ගියේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 624 ක ලෝක වාර්තාගත සම්බන්ධතාවක් එක් කිරීමෙන් අනතුරුවය. එහිදී මහේල තවත් ලකුණු 27 ක් ලබාගත්තා නම් බ‍්‍රයන් ලාරාගේ ලකුණු 400 ලෝක වාර්තාව තමන් සතුකරගත හැකිව තිබූ අතර කුමාර් සංගක්කාරට සිය පළමු ටෙස්ට් ති‍්‍රත්ව ශතකය ලබාගත හැකිව තිබිණ. 1997 දී සනත් ජයසූරිය එස්. එස්. සී. පිටියේදීම ලකුණු 199 කට දැවී ගිය අතර ඉන් වසර 10 කට පසුව එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී මහේල ජයවර්ධන ලකුණු 195 කට දැවී ගියේය. මේ සතියේදී පැවැති ශී‍්‍ර ලංකා - පාකිස්තානු දෙවැනි ටෙස්ට් තරගයේදී මොහොමඞ් හෆීස් ලකුණු 196 කට දැවී ගිය අතර කුමාර් සංගක්කාර ලකුණු 192 කට දැවී ගියේ සිය 9 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය අත පොවන මානයේ තිබියදීය. ඉතිරි ලකුණු 8 ලබාගත්තා නම් ලෝකයේ වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතරේ දෙවැනි ස්ථානය ලබාගැනීමේ අවස්ථාව සංගක්කාරට තිබිණ. ඒ ගන මහේල දරන්නේ මෙවන් අදහසකි. බොහෝ වෙලාවට අප දේවල් සැහැල්ලූවට බාරගන්නවා. විශේෂයෙන්ම ඒ වාගේ පහසුවෙන් පන්දුවට පහර දෙන අවස්ථාවල. ඒත් පිතිකරුවකුට කඩුල්ල අහිමි වීමට වැරද්දකින් බාගයකුත් ඇති” ඒ නිසා තමන්, ලකුණු 100 ක හිටියත්, 190 ක හිටියත්, ඉලක්කය කරා යනතුරුම දැඩි අවධානයෙන් සිටීම හරිම වැදගත්” යයිද මහේල පැවසීය.



අදහස් (0)

එස්. එස්. සී තණතීරුව යළි ඇතිරීම ගැන සිතා බැලීමට කාලය හොඳයි

අනුරාධ Friday, 06 July 2012 02:56 PM

යම් දෙයකදි ගත්ත තීරණ 100%ක් හරි වෙනවද හැම වෙලාවෙදිම? දිනනකොට හොද කියන එකත් පරදින කොට බනින එකත් දැන් අපේ ජන්ම ගතියක් වෙලා

:       0       0

මනුජ Friday, 06 July 2012 03:00 PM

අමිල ඔබ ක්‍රිකට් ගැන දන්නවනම් ඔහොම කතා කරන්නේ නැහැ. ඕනෙම දක්ෂයෙක් බින්දුවට වී යන්න පුළුවන්. ක්‍රීඩාවේදී ජය පරාජය දෙකම දරන්න පුරුදුවෙන්න.

:       0       0

සනත් ඉන්දික Friday, 06 July 2012 03:59 PM

අමිල ඔයාලට ගහනකොට හොඳයි . මහේල නිහතමානිව තමන්ගේ අතපසුවිම පිළිගත්තනේ .ඔයාල ඉන්නේ බනින්න බලගේනනේ හැමදාම .

:       0       0

සුසු Friday, 06 July 2012 11:16 PM

අමිල ඔබගේ අසනීපයට මට කරන්න දයක් නැත .තරග නොබලා ඉන්නකෝ .

:       0       0

අචින්ත්‍ය Tuesday, 10 July 2012 11:04 AM

අයියෝ මල්ලී????මෝඩ කතා කිව්වම ඔහොම වෙනවා‍‍‍‍....

:       0       0

අමිල Friday, 06 July 2012 11:38 AM

ප්‍රතිඵලේ බලා ගන්න තිබුණා සංගයි, දිල්ෂානුයි නොහිටියා නම්.බිංදුවටම බැහැලා මදිවට තව බයිලා ගහන්නත් එනවනේ

:       0       0

.W.A.අශෝක Friday, 06 July 2012 11:39 AM

ඔබ ඇත්තෙන්ම හරියටම හරි මහේල

:       0       0

දිලීප Friday, 06 July 2012 05:42 PM

අයියෝ අමිල පවු

:       0       0

සරසි Friday, 06 July 2012 01:53 PM

මහේල බින්දුවට බහින්නේ කලාතුරකින් ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 156 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2270 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site