IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එස්. අයි. මාරු කරයි, යළි අවලංගු කරයි

කල්පිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පල්ලමට හා නවගත්තේගමට මාරුකර බඩු ද පටවාගෙන ගිය පසු මාරුව අවංගු කර යළි කල්පිටියට පැමිණෙන ලෙස දන්වා ඇතැයි පොලිස් ආරංචි කියයි. ප්‍රාදේශීය දේශපාලනාඥයකුගේ අනවසර වැලි ගොඩ දැමීමක් ඔහු මෑතදී වටලා ඇතැයි දැන ගන්නට ඇත.



අදහස් (0)

එස්. අයි. මාරු කරයි, යළි අවලංගු කරයි

දිසානායක Sunday, 06 July 2014 07:35 AM

පළාතේ දේශපාලඥයෙකුට විරුද්ධව නැඟී සිටින්න පෙර හිතන්න තිබුනා නේද ටිකක්? (නි)

:       0       0

චමින්ද Sunday, 06 July 2014 07:52 AM

දිසානායක,මොනවද ඔබගේ අදහසින්, අදහස් කරන්නේ? වැරැද්ද දුටු තැන ඇස් කන් පියාගෙන,දේශපාලකයන්ට කඩේ යන්න ඕනෑ කියලද ඔබ කියන්නේ...? (නි)

:       0       0

විපුල Saturday, 05 July 2014 03:06 PM

මේ අයටම දෙමු ඡන්දේ. සුභ අනාගතයක්. (නදී)

:       0       0

මෛත්‍රී Saturday, 05 July 2014 03:20 PM

මෙහෙම නොවේ නම් අපේ පොලිසියට පොලිසිය කියල කියන්න පුලුවනිද? (නදී)

:       0       0

ෆෙඩ්රික් Saturday, 05 July 2014 03:26 PM

පොලිසියේ රථවාහන රක්ෂණය කරන්න (නදී)

:       0       0

පිටිගල Saturday, 05 July 2014 03:28 PM

පොලිසියට තියෙන්නේ වැටලීම් කරන්න. දඩ කොළ දෙන්න, අත් අඩංගුවට ගන්න වාහනයක් නවත්වන්න කියලා සංඥා කරන්න ඉස්සර කව්ද මේ කියලා සොයා බලන්න. එහෙම නැත්නම් මොකුත් නොකර අනික් අය වගේ ඔහේ ඉඳලා පඩිය අරන් ගෙදර යන්න. හැපෙන, මැරෙන,එකා ඔහේ මැරියන් කියල නිකම් ඉන්න, මලාට පස්සේ පරීක්ෂණ කරන්න. වැඩක් කරන්න දෙන්නේ නැති ආශ්චර්යයක් නේ අද ලංකාවේ තියෙන්නේ. (නදී)

:       0       0

සමන් Saturday, 05 July 2014 04:14 PM

පිටිගල මහතාණනි ඔබ හරියටම හරි. අද පොලිසියේ හා අනික් රජයේ නිලධාරීන්ට සිදුව ඇත්තේ සිදුවන ඕනෙම අකටයුත්තක් නොදැක්කා සේ සිට රැකියාව ආරක්ෂා කරගෙන මාසික වැටුප රැගෙන ගෙදර යාමයි. (නදී)

:       0       0

සේන Saturday, 05 July 2014 04:20 PM

මෙහෙම කරන කොට අවංක පොලිස් නිලදාරියෙක් රටේ හොයාගන්න පුළුවන් වෙයිද? (නදී)

:       0       0

සමන් - දෝහා Saturday, 05 July 2014 04:29 PM

ඉස්සර පොලිසියේ අය බය කරේ " යාපනයට මාරු කරනවා" කියල. නමුත් දැන් කරන්නේ ගම් වල ඉන්න දේශපලකයන්ට අවනත නැති නිලධාරීන් කොලඹට මාරු කරන එක. (නදී)

:       0       0

සිල්වා Saturday, 05 July 2014 04:47 PM

විපුල ඌවේ මිනිස්සු වත් මේවා අවබෝධ කරගත්තොත් හොඳයි නේද. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 05 July 2014 05:48 PM

අපේ පොලිසියේ මාද්‍ය ප්‍රකාශක මහත්තයා මේ ගැන මොනවද කියන්නේ කියල හිතල දාමු බලන්න ලස්සන අදහස් ටිකක් ? (නදී)

:       0       0

තරඳු Saturday, 05 July 2014 06:21 PM

මෙවන් සිද්ධි දැකලා, අහලා, සමහරුන් හිතනවා ඇති ඌව ඡන්දයෙන් රජය පැරදෙයි කියා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපට තිබෙන්නේ දේශපාලුවන්ගේ බලය අඩු කරන්න ක්‍රම සහ විධි සොයා ගැනීමයි. මැතිවරණ සාධාරණ නැහැ. (නදී)

:       0       0

චමින්ද Saturday, 05 July 2014 06:38 PM

පිටබැද්දර ජයා, ඇගිලි ටික උත්සහා රනවා හොඳ අදහස් ටිකක් කොටන්න. මොලේ කියනවා කොටලා වැඩක් නැහැ නිකන් මහන්සිය විතරයි කියලා. ඒ නිසා සැර අඩු කරලා කොටන්න උපරිම උත්සාහය දරනවා. (නදී)

:       0       0

චමින්ද Saturday, 05 July 2014 06:48 PM

ඔය මාරුව අවලංගු කිරීමට හේතුව තමයි ඒ ගොල්ලන්ටම දැන් තේරෙනවා ඉදිරියේදී එන පොට එතරම් සුබදායක නැති බව. (නදී)

:       0       0

අනුහස් Saturday, 05 July 2014 08:10 PM

සමන්, මාද ඔබේ අදහසට එකඟයි. (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Sunday, 06 July 2014 03:27 AM

දේශපාලුවන් පාලනය කිරීම දැන් මැලේරියා හෝ බරවා මර්දනයට වඩා අමාරු වෙලා (නි)

:       0       0

හසන්ත Sunday, 06 July 2014 03:43 AM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site