IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එස්.අයිගේ බිරියත් රිමාන්ඩ්

බණ්ඩාරගම පොලිසියේ නඩු කටයුතු බාර උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ඩබ්ලිව්. පළිහවඩන මහතා පානදුර නිවසේදී මරා දැමීයැයි සැකපිට ඔහුගේ බිරිය තුප්පහි දෝන රත්නා රංජනී, ඇගේ නැන්දම්මා වන ටී.එම්.චන්ද්‍රවතී හා පානදුරේ කුකුළු මස් කඩකරුවකු වන ඉන්දික මදනායක ලබන 7 වැනිදා තෙක් පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

මිය ගිය උප පරීක්ෂකගේ බිරිය මනෝ වෛද්‍යවරයකුට පෙන්වන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය. සිව්වැනි සැකකරුවන කාලින්ද දාබරේ පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර දුන්නේය.

පොලිසිය අධිකරණයට පැවසූයේ එම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

IMG_3704 IMG_3706 IMG_3717 IMG_3735 IMG_3802 IMG_3803 IMG_3805

IMG_3810 IMG_3809 IMG_3808

ඡායාරූප - සිරි මහබෙල්ලන



අදහස් (0)

එස්.අයිගේ බිරියත් රිමාන්ඩ්

මදූ Thursday, 23 April 2015 10:28 AM

කසාදයක් කරන කොට ජාතකේ මොකක්ද කියල බලන්න කියන්නේ ඕක තමා (අ)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 10:36 AM

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස්ගහකට නොවේ. (ර)

:       0       0

ගැමුණු Thursday, 23 April 2015 10:37 AM

තුප්පහි වූ පමණින් නරක වැඩ නොකළ යුතුය. (ර)

:       0       0

නයන බණ්ඩාර දසනායක Thursday, 23 April 2015 03:25 PM

පොලිසිය ගැන මොන කතාද ? (ස)

:       0       0

ශාන් සෞදි Thursday, 23 April 2015 11:08 AM

තහනම් ගහේ ගෙඩි කාල කොල නැති ගහේ යන්න වේවි වගේ ඕකට තමා කියන්නේ කළකම් පළ දෙනව කියල (බ)

:       0       0

අනුර Thursday, 23 April 2015 11:08 AM

ඔබල වැරදිය ඇය මේ තත්වයට පත් උනේ පුරුෂය නිසා ලු .වෙනත් කන්තාවන් නිවසට ගෙනෙනවා මැයට කියල කෑම උයවල දෙන බවක් කියවෙනවා දේපලද බලෙන් ලියා ගෙන සත්‍ය එළිවේවි (බ)

:       0       0

කපිල Thursday, 23 April 2015 11:16 AM

මේකෙ ඇත්ත නැත්ත තාම ඔප්පු වෙලා නැහැ. සැකයක් විතරයි. නමුත් අදකාලේ බොහෝ ගැහැණූන් ඉතා දරදඩු බවත් පිරිමින්ට නොදෙවෙනි බවත්, සල්ලි හා දේපොළ වෙනුවෙන් නොකරන දෙයක් නැති බවත් නොකියාම බැරිය. (ස)

:       0       0

දිල්හානි Thursday, 23 April 2015 11:17 AM

කසාදයක් කරගන්නා කොට හදිසි නොවි තමන්ට ගැලපෙන හා නියම ආදරයක් ඇති කෙනෙකු තෝරා නොගතහොත් වන්දි ගෙවන්න වෙන්නේ ජීවිතයෙනි. සල්ලි වලට නොකරන දෙයක් නැත. එය වත්මන් ගැහැනුන්ටද පොදුය. (ස)

:       0       0

විජය Thursday, 23 April 2015 04:24 PM

අනුර. . ඔයාට හිතෙන්නේ ඔයා හරි කියලද?. කරුණාකරලා විතාරණගේ කමෙන්ට් එක පස් වතාවක් වත් කියවලා තේරුම් ගන්න. ඔයත් මේ නෝනා එක්ක මනෝ වෛද්‍යවරයකුට පෙන්ව ගන්න. (ස)

:       0       0

ලීලාරත්න Thursday, 23 April 2015 11:22 AM

එකට ඉන්න බැරිනම් දික්කසාද වෙන්නේ නැතුව මිනි මරනවා. අනේ මෙහෙමත් ගැහැනු? දික්කසාද වෙන්නත් ලේසි නැහැනේ අපේ රටේ. ඉතිං නූගත්තු කරන්නෙ මිනි මරාගන්න එක. (ස)

:       0       0

කෙවින් Thursday, 23 April 2015 11:24 AM

වෙන ගෑණියෙක් ගෙනාව නම් දික්කසාද නඩුවක් දාන්නනේ තිබුනේ. මිනි මරලා හරියනවද අනුර මහත්තයෝ? (ස)

:       0       0

කරුණාදාස Thursday, 23 April 2015 11:27 AM

දියුනු රටවල දික්කසාද ගන්න ලෙහෙසියි. ඒ නිසා එකට ඉන්න බැරිනම් වෙන් වෙනවා මිනිමරාගන්නෙ නැතුව. අපි සුද්දගෙ කාලේ යල් පැනපු නිතියක් තියාගෙන ඒක තව තවත් තද කරලා නිසා ගැහැනු මිනිස්සු අසහනයෙන් ඉන්නේ. ඒ නිසයි මේවගේ දේවල් වෙන්නේ. නොකෙරෙන දිග අපහසුවෙන් මූට්ටු කරන්න යාමේ ප්‍රතිපල තමයි මේ. (ස)

:       0       0

ඩොරති - ප්‍රංශය Thursday, 23 April 2015 11:31 AM

දියුණු රටවල අය සමාදානෙන් වෙන්වෙනවා . ලංකාව වගේ රටවල අය මිනි මරාගෙන වෙන් වෙනවා. දියුණු නොදියුණු රටවල් වල හා උගත් නූගත් අයෙග් වෙනස ඒකයි. (ම)

:       0       0

සුදත් Thursday, 23 April 2015 11:33 AM

කාගෙ කාගෙත් දේපොල තන්හාව තමයි මේ සේරටම මුල. මැරැනු කෙනාගෙන් සාක්කි අහන්න බැහැනේ. ගැහැනුත් නරකම නැහැ බලාගෙන යනකොට. (ස)

:       0       0

විතාරණ Thursday, 23 April 2015 11:37 AM

අනුර කියනවා මැය මේ තත්වයට පත් උනේ පුරුෂය නිසා කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් පුරුෂයා ඒ තත්වයට පත් උනේ මේ කාන්තාව නිසා කියලා. හැම කතාවෙම දෙපැත්තක් ඇති බවයි මම නම් හිතන්නේ. එක් අයෙකු 100% වැරදි නොවන බවත් අඩු වැඩි වශයෙන් දෙපැත්තම වැරදි ඇති. නමුත් මිනි මැරිම එයට විසඳම නොවන බව ලංකාවේ බහුතර මෝඩ දනන් නොදැනිමයි කනගාටුව. (ස)

:       0       0

නාලිකා Thursday, 23 April 2015 11:40 AM

කියමනක් තියෙනවා “ හදිසි වී කසාදයක් කරගෙන නිවිසැනසිල්ලේ විඳවන්න“ කියලා. අද සමාජයේ බොහෝ පවුල් ආරවුල් මිනි මැරුම් වලින් කෙලවර වෙන්නේ මේ නිසයි. ගැහැනුන්ගෙත් කිසිම සෞම්‍ය බවක් නැහැ. කැත්තට පොල්ල වගේ. සල්ලි මත්තෙම තමයි හැපෙන්නේ. ඒකත් එක හේතුවක් මේ වගේ දේවල් වලට. (ස)

:       0       0

මහින්ද Thursday, 23 April 2015 11:40 AM

පොඩ්ඩක් ඉන්න තාම නඩුනෙ සමහර විට වෙන අයකු වෙන්නත් පුළුවන් (ස)

:       0       0

කෝලිත Thursday, 23 April 2015 11:43 AM

මෝඩ ගැහැණුනේ/මිනිසුනේ, තමන්ගෙ කැමැත්තෙන් බැන්දා වගේම එකට ඉන්න බැරිනම් සමගියෙන් වෙන් වෙයල්ලා. මිනි මරාගෙන රටටත් කැලලක් කරලා යන තැනටත් පව් පුරවා ගන්නේ නැතුව. (ස)

:       0       0

ෆර්ඩි Thursday, 23 April 2015 11:45 AM

මෙයා මැදිවියේ කාන්තාවක් නේද? දේපලද බලෙන් ලියා ගන්න තරම් නොදරුවෙක්ද? (ස)

:       0       0

ලසිත Thursday, 23 April 2015 11:47 AM

ආවේගශීලි වුනාම මෙහෙම වෙනවා. ප්‍රශ්නයක් ආවම විසඳ ගන්න හුඟක් අය දන්නේ නැහැ. (ස)

:       0       0

විදූෂ Thursday, 23 April 2015 11:48 AM

තමන්ගෙම සැමියා මරන්නේ මොකටද? (නි)

:       0       0

උදාර Thursday, 23 April 2015 11:50 AM

පවුල් ප්‍රශ්න හරිම භයානකයි. හැබැයි තාම සැකයක් විතරයි. අපිට තීන්දු දෙන්න බැහැ (නි)

:       0       0

කෙවින් Thursday, 23 April 2015 11:54 AM

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස්ගහකට සමයි. බිඳුනු දා පූජාව ප්‍රේමයේ, ඇයගේ ආගම වෛරයයි (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 23 April 2015 11:56 AM

මේකත් කරගෙන තියෙන්නේ පුදුම කාලයකනේ! (නි)

:       0       0

නිර්මල Thursday, 23 April 2015 06:48 PM

රාගය මේකට මූළික වෙලා. (ස)

:       0       0

අනෝජා Thursday, 23 April 2015 12:53 PM

ගැහැණිය හොඳ නම් පිරිමියා හොඳ නැහැ. පිරිමියා හොඳ තැන්වල ගැහැණිය හොඳ නැහැ. දෙන්නම නරක හරි දෙන්නම හොඳ හරි වෙන්නේ හරිම කලාතුරකින්. කාට කාටත් මොළය පෑදෙන්න‍ෙ අවුරුදු 35 විතර පැන්නම. හැබැයි එතකොට හුඟක් අයට වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. (නි)

:       0       0

කුමාරසිංහ Thursday, 23 April 2015 12:56 PM

පුදුම ගැහැණු තමයි අපේ ධර්මද්වීපයෙත් ඉන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 23 April 2015 01:17 PM

ඉස්සර හිටපු මිනිස්සු පෙළපත් නම් දුන්නේ ඒ ඒ මිනිසුන්ගේ කල්ක්‍රියාවන් අනුවනේ. දැන් පේනවනේ මතන වෙලා තියෙන දේ! හරිහම්බ කරලා කන්න දෙන මිනිහවනේ මරලා තියෙන්නේ ! (නි)

:       0       0

කුරුවිට Thursday, 23 April 2015 02:20 PM

නැන්දම්මත් හවුල් වගේ (ස)

:       0       0

චමල් Thursday, 23 April 2015 09:18 AM

තුප්පහි බිරිඳ තුප්පහි වැඩක් කරලා වගේ (ස)

:       0       0

ෂෙරිෆ් Thursday, 23 April 2015 09:50 AM

නැන්දම්මත් හවුල්ද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 25 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 119 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site