ආධුනිකයනට තම ගායන හැකියාව ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලංකාදීප එසැණින් සැලැසේ. ඔබේම පදමාලා අනුව ලියන ගීත, කවි, විරිදු හා බයිලා ඉදිරිපත් කිරීමට අපි සූදානමින් සිටින්නෙමු.
ඔබේ නිර්මාණය ද ඔබේ ඡායාරූපයක් සමඟ අපට විද්‍යුත් තැපෑලෙන් එවන්න. විනිශ්චය මණ්ඩලයකින් තෝරා ගැනෙන ඕඩියෝ/වීඩියෝ නිර්මාණවලට පමණක් ඉඩ ලැබෙන බව කරුණාවෙන් සලකන්න.
(ඔබේ දුරකතන අංකය ඊ්මේල් පණිවුඩයේ සටහන් කරන්න.)
01) කළුතර නිහාල් විතානගේ පළමු ගීතය ගයයි. ඔහු ලුණාව ආයුර්වේද රෝහලේ සේවය කරයි. පදිංචි කළුතර දොඩංගොඩ ය. එහි පදමාලාව හා තනුවද ඔහුගේමය. සංගීතය එස් එම් ප්‍රනාන්දුගේය. (නිහාල් විතානගේ - 071 84 19 394)
02) දෙවැනි ගීතය සුදේශ් ගුණසේකරගේය. එහි පදමාලාව හා සංගීතය දර්ශන අශෝක කුමාරගේ ය.
03) මේ ගීතය ප්‍රසාද් සුබසිංහගේය. උසස් අධ්‍යාපනය නිමා කර භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කරන ප්‍රසාද් පාසල් කාලයේ සිට සංගීතය හැදැරීය. මේ ගීතයේ තනු නිර්මාණය ද ඔහුගේමය.
04) බහරේනයේ සේවය කරන රජින් රුද්‍රිගු ද ඔහු නිර්මාණය කළ ගීතයක් එසැණ වෙත එවා තිබිණි.
05) උමේෂ් ශාමිත් නාත්තන්ඩියේය. මේ ඔහුගේ ගීතයයි.
06) ගායනය - මලින්ත දිනේෂ් රත්නායක
පද රචනය - මලින්ත දිනේෂ් රත්නායක
සංගීතය හා තනු නිර්මාණය - ක්‍රිෂාන්ත රත්නායක
මාතලේ -ලග්ගල , හත්තොට අමුණ
දුරකතන අංකය-071-2945517
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එසැණ නවක ගී රැල්ල
සහන් බණ්ඩාර Friday, 15 August 2014 05:49 PM
දස්කම් විස්කම් තිබුනට උඩට එන්න හයියක් නෑ..... ඒත් අපේ හිත් හයියයි අපිත් මිනිස්සු..... ලොවට හොරෙන් සැඟව ගියත් අපිත් හපන්නු.... ඒ හපනට තැනක් දෙන්න එසැණ තුළින් ගෙනෙනා ඉඩ... සත්තකින්ම ලොකු හයියක් ලැබිය යුතු පිදුම්... ඒ මිනිසත්කමට පුදමි හදේ පිපි කුසුම්... (නි)
අසෝකා Thursday, 14 August 2014 06:31 PM
වටිනා සේවයක්! ඒ වගේම මේ ගායනයත් ලස්සනයි. ලංකාදීපයට ස්තුතියි! (නි)
නිලන්ත Friday, 22 August 2014 12:14 PM
මෙය ඉතා හොඳ කාර්යයක් (නි)
සුජීව Friday, 15 August 2014 06:22 PM
නීතිරීති එහෙම තිබෙනවද? මම ඇහුවේ වයස වගේ... තව ඔය තියෙන්නේ අනෙක් ගීත තරඟවල විවිධ දේවල් (නි)
නාමල් Friday, 15 August 2014 06:27 PM
ඔය ගීත එවන තැපැල් ක්‍රමයක් තිබෙනවා නම් සහභාගි වෙන අයට තවත් හොඳ වේවි (නි)
මහේෂ් Saturday, 16 August 2014 07:17 AM
මෙය ප්‍රසංශනීය සේවයක් ලංකාදීප වෙතින් .(දිල්)
රූපවතී Thursday, 14 August 2014 08:12 PM
ලස්සන අර්ථවත් කවියක්.ගොඩාක් කාලෙකින් ඇසුව අපුර්ව සිංහල සින්දුවක්. ඇත්තෙන්ම ලංකාදීපයට ගොඩාක් ස්තුතියි. පසුගිය කාලේ අපේ "දෙවියෝ සාක්කි " තුලින් අපේ බොහෝ පාඨක සොයුරු සොයුරියන් ලස්සන අදහස් ,කවි සින්දු ,විරිදු වලින් තම අදහස් පළකරලා තිබුනා. බොහෝදෙනා කතෘතුමාගෙන් ඉල්ලා සිටියා මෙවැනි අවස්ථාවක් ලබාදෙන ලෙසට.ඔන්න අපේ ලංකාදීප ඒ අවස්ථාව අද සලසා දී තිබෙනවා.ලංකාදීප කතෘතුමාට ගොඩාක් ස්තුතියි! (නි)
අජිත් කරුණාරත්න Monday, 25 August 2014 03:33 AM
මෙම වැඩසටහන අපි ඉතාමත් ඉහළින් අගයමු. එසැණ පුවත් පාඨකයින් අතරේ උසස් කලා හැකියාවන් තිබෙන පිරිසක් ඉන්න බව මෙම තීරයේ පළවූ නිර්මාණාත්මක අදහස් දැක්වීම් වලින් පැහැදිලි වුණා. ලංකාදීපය කවදත් පාඨකයින් ගැන හිතන පුවත්පතක්. මෙය සාර්ථක වේවා! එසැණ කලාකරුවන් රැසක්ම බිහිවේවා! (නි)
දුමින්ද Sunday, 17 August 2014 02:55 AM
ගොඩක් ලස්සන සින්දුවක් (නි)
දෙව්ලි Sunday, 17 August 2014 03:04 AM
ගොඩක් ලස්සන ගායනයක් (ස)
චින්තක Friday, 22 August 2014 03:33 AM
අනුන්ගේ ගීත කියලා තරු වෙලා ටික කාලෙකින් නිවිලා යන අයට මේක හොඳ පාඩමක්. තමන්ගේම පදමාලා හදාගෙන සංගීතය යොදාගෙන තමන්ගේම අනන්‍යතාවයක් හදාගෙන නම ගිය කලාකරුවෙක් වෙන්න. (නි)
ශශීමාල් Sunday, 17 August 2014 03:09 AM
සුබ පැතුම්. ඉතාම ලස්සන ගායනයක් (නි)
නිලන්ති Sunday, 17 August 2014 03:13 AM
අර්ථවත්, කාලයට උචිත සින්දුවක් (නි)
චන්දි Friday, 15 August 2014 07:44 PM
අනේ ගොඩක් හොඳයි.මට මතකයි ඉස්සර අපි කවි විරිදු ලියන විට අපිට ගොඩක් අය බැන්නා කවි කියන තැනක් නෙමෙයි කියලා. එසැණ කතෘතුමාට ගොඩක් පින් අහිංසක අපේ සිත් සතුටින් තියන්න ගන්නා උත්සාහයට! නමුත් මෙය කෙසේ කරන්නේද කියාත් මඳක් පහදාදෙන්න (නි)
වර්ණසිංහ Friday, 22 August 2014 01:53 PM
කාලීන අවශ්‍යතාවක් වගේම විද්‍යුත් නාලිකා වලට හොඳ පුර්වාදර්ශයක් (නදී)
ලලිත් ධම්මික Friday, 15 August 2014 10:23 AM
කොහොමද ගීතයක් දාගන්නේ (නදී)
සත්‍යයා Friday, 22 August 2014 03:10 PM
මැණික්, මේ ගීත රස විඳින්න ඔබ භාවිතා කරන පරිගණකයේ ඇති පාලන මෘදුකාංගයට ගැළපෙන "ෆ්ලෑෂ්" මෘදුකාංගය හා සුදුසු "මීඩියා ප්ලේයරයක්" අන්තර්ජාලයෙන් සොයාගන්න. එය සාර්ථකව ඔබගේ පරිගණකයෙහි ස්ථාපිත කරගත්තාට පසු, ඔබට ශ්‍රව්‍ය හෝ දෘෂ්‍ය ඕනෑම විකාශනයක් අන්තර්ජාලය හරහා රසවිඳිය හැකියි. (නි)
එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 16 August 2014 12:56 AM
ජනතාවගේ හද ගැස්ම හඳුනාගත් ප්‍රථම පුවත් පත යැයි පැකිළීමකින් තොරව කියන්න පුළුවන් ලංකාදීප වැනි පුවත්පතක් මෙවැනි කාර්යකට අත ගැසීම ගැන අප කාගේත් ප්‍රශංශාව ඒ පුවත්පතටත් කර්තෘ මණ්ඩලයටත් හිමිවිය යුතුයි. මන්ද මෙවැනි දෙයක් ආරම්භ කළ ලංකාවේ ප්‍රථම පුවත්පත මෙයයි. සහජ දක්ෂතාවය ඇති එහෙත් ඉදිරියට ඒමට අපහසුකම් ඇති හැමටම මෙය ආශිර්වාදයක්. (නි)
රෙජි -සිඩ්නි Friday, 15 August 2014 04:06 AM
ඔබ සේවයෙන් කරන්නේ වටිනා සේවයක්. අපේ අයට දිරි දීමක්, උදව් දීමක්, ඔබ සේවය අගය කරමි. (නදී)
නැනී Friday, 15 August 2014 04:43 AM
ලංකාදීපයේ නව සංකල්පයට මල් දෝතක්. සිංහල ගීත කලාව අභාවයට යමින් තිබෙන යුගයක ප්‍රබුද්ධ ගනයේ ගීත ලොව පුරා විසිරී සිටින හෙලයින්ට යලි අසන්නට මහඟු අවස්තාවක්. කතු තුමනි, අපව හැත්තෑවේ දසකයට යලි ගෙනයන්න. (නදී)
අසෝකා Thursday, 21 August 2014 02:39 PM
ලිව්වත් කොතෙක් සුන්දර ගී පද සැමදා! ගයනට නොහැක මගේ රළු කට හඬ හන්දා! තනුවක් යොදා කිව හැකි නම් මනබන්දා! ලියලා එවන්නම් ලස්සන පද බන්දා! (නි)
ඉන්දු මෙල්බර්න් Saturday, 16 August 2014 02:07 AM
පාඨකයාත් එක්ක ජීවත්වෙන පුවත්පතක් ලංකාදීප. උණුසුම් සුබ පැතුම් !!! (මම උදේ අවදි වූ ගමන් කරන්නේ ලංකාදීප බලන එක.) (නි)
ජෙහාන් Saturday, 16 August 2014 02:49 AM
ලියමින් සිතැති අදහස් මේ සභාවට ... ගෙනෙමින් දැනුම හැකිපමණින් තමා හට ... සදමින් සිතුත් පෑරුණ හොඳ සීරුවට ... පුදමින් තුතිය නවතිමි මේ කාරියට ... (නි)
ශ්‍යාමලී Friday, 15 August 2014 06:19 AM
ගොඩක් හොද දෙයක් දිගටම කර ගෙන යන්න ලංකා දීපයට ශක්තිය ලැබේවා! ගොඩක් අර්ථවත් සින්දුවක් (නදී)
මැණික් Saturday, 16 August 2014 03:23 AM
අනේ මට මේ ගීතය 'ඩවුන්ලෝඩ්' කරන හැටි තේරෙන්නේ නැහැනේ. දන්නා කෙනෙක් කරුණාකර මට කියලා දෙන්න කොහොමද මේ ගීතය රස විඳින්නේ කියලා. (නි)
නුවන් Saturday, 16 August 2014 03:27 AM
ගොඩක් හොඳ වැඩක්. ඒ වගේම ලස්සන සිංදුවක්. සැඟවුණ දක්ෂතා ඇති අයට හොඳ අවස්ථාවක් (නි)
මැණික් Friday, 22 August 2014 09:28 PM
ස්තුතියි සත්‍යා ! (නදී)
චන්දි Friday, 22 August 2014 07:54 AM
චින්තක., ඔබ හරිදේ කියා තිබෙනවා.., ක්‍රියාවට නැංවීම අපේ අලුත් ගායක ගායිකාවන් ගේ යුතුකමකි.(අ)
සුගුනවති Friday, 15 August 2014 02:40 PM
මෙන්න අවස්ථාව අපේ ළමයින්ට වැඩ පෙන්වන්න. (නි)
ඉසුරන්දි Saturday, 16 August 2014 04:37 AM
ඔන්න කරන්න ඕන වැඩ.කොච්චරනම් හොද නිර්මාණ බිහිවේවිද ඉදිරියට.. (දී)
ගාමිණී සිරිවර්දන Friday, 15 August 2014 03:07 PM
හැමදාම අලුත් දෙයක් ඉදිරිපත් කරමින් පාඨකන්ගේ ජනාදරයට පත් ලංකාදීපයේ කර්තෘ මණ්ඩලය කරන යුග මෙහෙවරට අපගේ උණුසුම් සුභ පැතුම් ! (නි)
දිනල්කි Saturday, 23 August 2014 05:11 PM
මෙවැනි දේවල් කිරීමෙන් දක්ෂතාවන්ගෙන් පිරුණු අයගේ සැඟවුණු දක්ෂතාවන් එළිදක්වන්න ලංකාදීප කාර්ය මණ්ඩලයෙන් වන සේවයට අප හදවතින්ම ස්තුති කරනවා. (අ)
චන්දි Thursday, 21 August 2014 06:49 PM
කළුතර නිහාල් විතානගේ., ඔබගේ ගිතය ඉතාමත් අර්ථවත් වගේම,ගායනා කරන තාලයද සිත් සතන් පිනවයි, ගොඩක් සතුටින් ඔබට සුබ පතමි....! (ස)
පහන්දී Saturday, 16 August 2014 06:55 PM
කරමින් ඇරයුමක් හද බැඳි සොයුරු දමින්... ලියනට හිතක් ඇතිවිය කවි පද බඳිමින්... කළ යුතු දේ දුන්නොත් පහදා සතුටින්.... පින් අත්වේය ඔබ සැනසෙයි මතු නිදුකින්....!! (නි)
නිශේන් Thursday, 21 August 2014 11:11 PM
දුරුරටක සිටින අපිට සිතින් මව්බිමට යන්නට සැළසූ ඔබට බොහොම පින්. සංගීතය හරිම මිහිරියි. ගීතය අර්ථවත්. බොහොම සතුටුයි. (නි)
රසිකා පුෂ්පකුමාර Friday, 15 August 2014 08:40 AM
ගොඩක් හොඳ වැඩක්. ඒ වගේම ලස්සන සිංදුවක් (නදී)