කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඉදිරි ගවේෂණ සමය සඳහා එවරස්ට් කන්ද වසා දැමීමට නේපාල බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව මාර්තු 14 සිට අප්‍රේල් 30 දක්වා සියලුම කඳු නැගීමේ බලපත්‍ර අවලංගු කෙරෙනු ඇත.
“අප්‍රේල් 30 වැනිදා දක්වා සියලුම සංචාරක වීසා බලපත්‍ර අත්හිටුවීමට අපි තීරණය කර තිබෙනවා. 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති බලපත්‍ර සහ නිකුත් කිරීමට ඇති බලපත්‍ර ද අවලංගු කරනවා.” යැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම් නාරායන් ප්‍රසාද් බිදාරි මහතා පැවසීය.
බොහෝ කඳු නගින්නන් ඇමරිකාව, ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍ය, ජපානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන අතර එය නේපාල රජයට ප්‍රධාන ආදායම් ලැබෙන මාර්ගයක් වේ.
කත්මණ්ඩු පෝස්ට් පුවත්පතට අනුව, සංචාරක ආදායම හැරුණු කර සෑම වසරකම එවරස්ට් කඳු නැගීමේ බලපත්‍ර නිකුත් කිරීමෙන් නේපාලය ඩොලර් මිලියන 4 ක පමණ ආදායමක් උපයයි.
සාමාන්‍යයෙන්, එවරස්ට් තරණය කරන ඕනෑම කෙනෙකු රජයට ඩොලර් 11,000 ක් ගෙවිය යුතුය.
කඳුකර මාර්ගෝපදේශකයන් ලෙස සේවය කරන දේශීය ෂර්පාවරුන්ට ද මෙය දැඩිලෙස බලපානු ඇතැයි පැවසේ.
"මගේ චීන සේවාදායකයින් නවදෙනා සහ ජපන් සේවාදායකයෙක් දැනටමත් සංචාරය අවලංගු කර ඇත. කඳු නගින කණ්ඩායම් නොපැමිණීම, අප වැනි ෂර්පාවරුන්ට විශාල පාඩුවක්" යැයි සංචාරක ආයතනයක කළමනාකාර අධ්‍යක්ෂ ලක්පා ෂර්පා බීබීසීයට පැවසීය.
නේපාලයේ කොරෝනා වෛරස රෝගීන් 70 කට වැඩි සංඛ්‍යාවක් සිටින බව වාර්තා වී තිබේ.
සමූහ රැස්වීම්, විවාහ හා පොදු උත්සව වලින් වළකින්නැයි නේපාල රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත.
(බීබීසි ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 17
8
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
856
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2492
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
එවරස්ට් කඳු තරණය නවතයි