
(විමුක්ති එස් රුද්‍රිගු)
පුද්ගලයකු මියගොස් විනාඩි 30 කට පසු නැවත ජීවතුන් අතරට පැමිණි පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
එම පුද්ගලයා භාරතීය ජනතා පක්ෂයේ හිටපු සභාපතිවරයකු වන 65 හැවිරිදි මහේෂ් බගේල් නම් දේශපාලනඥයෙකු බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ.
මහේෂ් බගේල් මහතාගේ හදවතේ ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් ඔහුව අග්‍රා නගරයේ පුෂ්පාන්ජලී රෝහලට ඇතුළත් කර ඇත. එහිදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඉන්ද්‍රීයන් අකර්මණ්‍ය වීම නිසා වෛද්‍යවරු මහේෂ් බගේල් මහතා මියගිය තැනැත්තෙකු ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රෝහලේ වෛද්‍යවරුන් බගේල් මහතාගේ මරණය තහවුරු කිරීමෙන් පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් අවසන් කටයුතු සිදු කිරීම සඳහා බගේල් මහතාගේ දේහය නිවසට ගෙන විත් ඇති අතර නිවසට පැමිණ පැය භාගයකට පමණ පසු නිසල දේහයේ අතපය සෙලවෙන අයුරු පවුලේ සාමාජිකයකුට දැක ගැනීමට හැකි වී ඇත.
ඉන් කම්පාවටත් සතුටටත් පත් මහේෂ් බගේල් මහතාගේ පවුලේ සාමාජිකයන් නැවතත් ඔහුව අග්‍රා හි පිහිටි රෝහල වෙත රැගෙන ගොස් තිබේ.එහිදී බගේල් මහතා ජීවතුන් අතර බව වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එලොව ගිහින් පැය භාගයෙන් මෙලොව එයි
Bunny Preena Thursday, 10 August 2023 09:34 AM
එලොවට මෙලොව ඉදන් ගිය වඩාත්ම භයානක මිනිසුන් එහි ජීවත් වෙන හින්දා බයටම මෙලොවට ඇවිල්ල.
ravin Thursday, 10 August 2023 11:18 AM
එහෙ කට්ටියත් මෙහෙ වගේ මැජික් පෙන්නනවද ?