2012 වසරේදී ලන්ඩන් නුවරට එල්ලේ ක්‍රීඩාව හඳුන්වාදුන් හිත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තුන්වන වතාවටත් එල්ලේ තරගයක් ලන්ඩන් නුවරදී පවත්වා ඇත.
මෙවර එල්ලේ තරඟයට අමතරව දරු දැරියන් සහ වැඩිහිටියන් සහභාගී කරගත් කඹ ඇදීමේ තරග වටයක්ද පැවැත්විණි.
පුරා දවසක් තිස්සේ පැවැත්වූ මෙම ක්‍රීඩා සැණකෙළිය සංවිධානය කෙරුනේ හිත්රෝ අතුල දස්සන විහාරාධිපති පුජ්‍ය වඳුරඹ කස්සප හිමියන්ගේ සහ විහාරස්ථානයේ සහ පළාතේ තරුණ දායක පිරිසගේ මුලිකත්වයෙනි.
හාර්ලින්ටන් පළාත් සභා මන්ත්‍රිනී කැතරින් ඩන්, පළාත් සභික වෛද්‍ය තානියා මතායස් සහ මන්ජිත් බටාර් සමඟ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිරන්ජන් පතිරත්න ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වුහ.
හවුන්ස්ලෝ ප්‍රදේශය ලන්ඩනයේ විවිධ ජාතින් ජිවත්වන ප්‍රදේශයක් බව සිහිපත්කල පළාත් සභා මන්ත්‍රිනී කැතරින් ඩන් එහි පදිංචිව ඉන්නා සියලුම ජාතීන්ට සහ ආගම් වලට අයත් බොහෝ පිරිසක් සහභාගී වූ මෙවන් ජාතික සැණකෙළියක් සංවිධානය කිරීමෙන් ජාතින් අතර අන්නෝන්‍ය සම්බන්ධතාවය වඩාත් තහවුරු කර ගැනීම සඳහා විශාල සහයෝගයක් ලබාදෙන බව පැවසිය.
ශ්‍රී ලංකාවේ එල්ලේ සංගමය එල්ලේ ක්‍රීඩා භාණ්ඩ සපයා තිබිණි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මැලිබන් විස්කෝතු සමාගම, එස්ටරිකා දන්ත වෛද්‍ය ආයතනය සැණකෙළිය සඳහා පුර්ණ දායකත්වය ලබා දුන්හ.
ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සහ ලන්ඩනයේ රග්බි තරඟ විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කරන බණ්ඩාර වෑකඩපොළ එල්ලේ තරඟ සැලසුම් කිරීම සහ සංවිදානය භාරව කටයුතු කල අතර තරඟ විනිශ්චය සඳහා ඔහුට සහාය වුයේ නිව්මාල් පෙරේරාය.
මෙවර එල්ලේ තරඟාවලිය සඳහා කණ්ඩායම් 10 ක් සහභාගිවුහ. ජයග්‍රහණය හිමිකර ගත්තේ " ලන්ඩන් ඊගල්" කණ්ඩායමයි.
වැඩිහිටියන්ගේ කඹ ඇදීමේ තරග විශ්චය කලේ බ්‍රිතාන්‍ය කඹ ඇදීමේ සංවිධානයේ මිඩ්ල්සෙක්ස් පළාතේ උප සභාපති ටෙරන්ස් ස්පොර්ක් විසිනි. එම තරඟය ජය ගත්තේ " බ්ලැක් කොර්ට් සෙකියුරිටි" කණ්ඩායම විසිනි.
2025 දෙසැම්බර් මස 18
298
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එල්ලේ තෙවරක් ලන්ඩන් යයි
ඉසුරන්දි Wednesday, 10 September 2014 07:08 AM
සිරිලක දේ සිරිසැප දේ. (ස)