තිළිණි ද සිල්වා
එල් ටී ටී සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවන බවට වැරදි අර්ථකතයක් දී හිතාමතාම එක්සත් ජාතීන්ගේ සංවිධානය නොමගයවන්නට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමානාන්තර සැසියකදී අද (20) පැවසීය.
එබැවින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ඇති ජාත්‍යන්තර ත්රස්තවාදය වැලැක්වීමේ වැඩසටහන යටතේ එල්.ටි.ටී.ඊ ත‍්‍රස්ත සංවිධානයට උඩගෙඩි දෙන ඊලාම් වාදීන් පිළිබඳවද පරීක්ෂණයක් කරන මෙන් ලංකාවේ ඉදිරි රජයක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බල කරන ප‍්‍රති යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවද ගොඩහේවා මහතා පෙන්වා දේ.
හෙතෙම මේ බව පැවසූයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවති සමාන්තර සැසිවාරයේ දී සිංහල සංවිධාන නියෝජනය කරමිනි. නොබෙල් සාම ත්‍යාගයට යෝජනාවූ විද්වතෙක් වන මහාචාර්ය මහමත් සුකෘ ගුසෙල් මහතා එම සැසියේ මුලසුන හෙබවීය.
2015 දී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාවලයට පාදකවූ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණ වාර්ථාව මගින් මෙලෙස එම කූඨ උත්සාහය දරා ඇතැයිද ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
එම මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණ වාර්ථාවේ එල් ටී ටී ඊ සංවිධානය හඳුන්වා තිබෙන්නේ රාජ්‍ය නොවන ආයුධ සන්නද්ධ කණඩායමක් ලෙස මිස ‘ත‍්‍රස්වාදී කණ්ඩායමක් ‘ ලෙස නොවන බවද ගොඩහේවා මහතා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසිවාරයේදී වැඩිදුරටත් කියා සිටියේය.
මේ නිසා වසර ගනනාවක් තිස්සේ ත‍්‍රස්ථාවාදයට මුදලින් ආධාර කළ අන්තවාදී දෙමළ ඩයස්පෝරා සාමාජිකයින්ට එරෙහිව 2006 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කර ඇති ජාත්‍යන්තර ත්රස්තවාදය වැලැක්වීමේ වැඩසටහන යටතේ නීතිමය කටයුතු කිරීමට ඇති අවස්ථාව සිතා මතාම අසුරා ඇති බවද ඔහු පෙන්වා දේ.
ජිනීවාහී මානව හිමිකම් කවුන්සිලයේ අද (20) පැවති මෙම සමාන්තර සැසිවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ නිලධාරීන්, යුරෝපීය අප‍්‍රිකානු හා ආසියනු රටවල් ගනනාවක තානාපති කාර්යාල නිලධාරීන් මෙන්ම දෙමළ ඩයස්පෝරා සාමාජිකයින් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.

2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එල්ටීටීය ගැන වැරදි අර්ථකථනයක් දීලා - නාලක ගොඩහේවා
කමල් Thursday, 20 September 2018 02:03 PM
බලය නැති කාලේ නියම වැඩ ටිකක් කරනවා. මේ වගේ හොඳ වැඩ දිගටම කර ගන්න නම් බලය නැති එකම තමයි හොඳ. ඔබතුමා ඔය උත්සාහය විතරක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ase Friday, 21 September 2018 04:20 AM
මේ වගේ ඇයෝ කොහොමද? විශ්වාස කරන්නේ මේවා රටට ඇති ආදරේටද නැත්නම් තමාගේ වැරදි වගන්න අපිට අයෙත් පිච්චි දානවද?
will Sunday, 23 September 2018 04:53 PM
අපි ඔබ සැමගේ උත්සාහයට ආශිර්වාද කරමු.