(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතරක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය ගෙන තිබූ තීරණය ලබන 28 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම ගුවන් සමාගම පියවර ගෙන ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව, පාකිස්ථානය, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙන යාම එදින තෙක් සිදු නොකෙරෙන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම කියා සිටී.
කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම වැඩිදුරටත් පෙන්වා දේ.
තවද භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සහ විශේෂ ගුවන් යනා එම රටවල් අතර ක්‍රියාත්මක බව එම ගුවන් සේවා සමාගම කියා සිටී.
පවතින කොවිඩ් නව ප්‍රභේද වාර්තා වීම් නිසා පසුගිය සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව, පාකිස්ථානය , බංග්ලාදේශය ඇතුළු රටවල් පහකින් ගුවන් මගීන් රැගෙන ඒම ලබන 31 වැනිදා තෙක් අත්හිටුවීමට එමීරයේ දෙවැනි විශාලතම ගුවන්සේවය වන එතිහාඩ් ගුවන් සේවය ද ඉකුත් දා පියවර ගත්තේය.
2025 නොවැම්බර් මස 17
28
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
එමිරේට්ස් ගුවන් තහනම 28 වැනිදා දක්වා දීර්ඝ කරයි