IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘එනවානම් හම්බන්තොටින්‘ : දූෂිත 20ක් හළයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හම්බන්තොටින් පමණක් නාම යෝජනා ලබාදීමට හැකි බව එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සකස් කිරීම ගැන අඟහරුවාදා (7) රාත්‍රී පැවති විශේෂ සාකච්ඡාවට ජනපතිගේ නියෝජිතයකු කරුණු දක්වා ඇතැයි දේශපාලන ආරංචි කියයි.

දූෂණ චෝදනාවලට ලක්වූ හිටපු ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු 20 දෙනකු නාම යෝජනා ලබානොදීමටද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවද දැනගන්නට ඇත.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ සන්ධාන නියෝජිතයන් එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ලබානොදුන් අතර යළි සාකච්ඡා කොට ලබන 11 හෝ 12 දිනවලදී සන්ධානයේ නාම යෝජනා ලබාදීමට නියමිත බවත් කියති.

 



අදහස් (0)

‘එනවානම් හම්බන්තොටින්‘ : දූෂිත 20ක් හළයි

මානවි Wednesday, 08 July 2015 07:14 AM

පැන්ෂන් යන්න ඉන්න දුෂිත දේශපාලුවන් වෙනුවට උගත් බුද්ධිමත් තරුණ පරම්පරාවට ඉදිරියට එන්න ඉඩ දෙන්න. (ර)

:       0       0

සචිත් Wednesday, 08 July 2015 07:28 AM

ඇත්තටම 20ක් හලයිද, අන්තිම මොහොතේ නාමයෝජනා දෙයිද දන්නේ නෑ. මේ කියන දේ ඇත්තටම උනොත් නම් එ්ක අපේ දේශපාලන සංස්කෘතියට ලොකු ආදර්ශයක්. හැබැයි අන්තිමට "පිටරට වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ, අපේ උන්ව අපි කපන්නේ නෑ" කියල කියයිද දන්නේ නෑ.(නදී)

:       0       0

යහපාල-න Wednesday, 08 July 2015 07:31 AM

එල කිරි වගේ දුන්නා. කාල වරෙන්කො .දැන් විමලේ එන්න මල් පිපි තිබේද බලන්න කියල වෙනස් කරන්න වෙනවා.(නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 07:37 AM

මහින්ද මහත්තයට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න මෛත්‍රී මහත්තය බාධා කරන්නේ නැහැ කියල මුල ඉදලම කිව්වා. ඇත්තෙන්ම මහින්දගේ සහයෝගය අනාගත අගමැති නිමල් මහතාට විශාල ශක්තියක්. (බ)

:       0       0

ප්‍රදීප් Wednesday, 08 July 2015 07:37 AM

මේකත් පස්සේ වෙනස් වෙයි. හොරු ටික ආයේ එනවා. පස්සේ වෙනස් වෙයි (නදී)

:       0       0

සිරිසේන Wednesday, 08 July 2015 08:37 AM

අැයි බැසිල් නැත්තේ ඔය 20 ට. (බ)

:       0       0

දුශාන්ත Wednesday, 08 July 2015 08:52 AM

ඇත්තටම සිද්ධ වුනේ මේකනම් මෛත්‍රී ජනාධිපති තුමා දිනේවා ......(හේ)

:       0       0

සේන Wednesday, 08 July 2015 09:09 AM

ඔය සිංහල පාලකයන්ගෙන් අවසර ගන්නේ නැතිව වෙනම පක්ෂයක් හදන්න ඉල්ලීම කළේ ජනවාරි අගදීම යි .ශ්‍රීල නි ප බෝර්ඩ් ලෑල්ලට යට වෙන්නේ ඇයි මහින්ද මහත්තය .තනිවම බලය අරන් අගමැතිවී සිංහල ජාතිය බේරා ගන්න 80% ක් සිංහලයන් මහින්දට ! (බ)

:       0       0

ඉරෝෂා Wednesday, 08 July 2015 09:51 AM

මහින්ද ආවත් මෙදා පාරත් යුඑන්පි තමයි මහින්ද ගැන රටටම දන්නවා (ම)

:       0       0

මංගල Wednesday, 08 July 2015 09:54 AM

ඇත්තටම් ඔය කියන විදියට වුණොත් කොච්චර එකද්ද? 20 නෙමෙයි 50ක් වුණත් කමක් නැහැ. (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 10:40 AM

අනේ මන්ද.. මේ තරම් අඳබාල යහපාලන අය ඉන්නවද කියලත් හිතෙනවා තමන්ට විරුද්ධ මේ වගේ තීරුවක මතවාදයත් ඩුප්ලිකේට් දාල නිහඩ කරවන්න තරම් නොමේරු මනස් වලින් යුතු.පිවිතුරු යහපාලල යහපාලනෙන් පැටව් ගහනවා.මේකද මේ මහින්ද මහත්තයව එලවල ලබා ගත්ත මාධ්‍ය සදාචාරය..ලැජ්ජයි මහත්තුරුනේ..ඔයිට වඩා හොදයි අර ඩුබායි තිලක් (බ)

:       0       0

වසන්ත Thursday, 09 July 2015 05:44 AM

අගනෙයි (ම)

:       0       0

සුබානි Wednesday, 08 July 2015 06:01 AM

බලය සහ ධනය වෙනුවෙන් දගලන මෙ සියලුදෙනා තනි තනි වම ස්වාධීනව ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට ගොස් එකතුවි රටට වැඩ කරන්න බලන්න. (බ)

:       0       0

වසන්ත Thursday, 09 July 2015 06:00 AM

කවුරුත් එකයි බලනකොට. ඒක ඔවුන්ගේ රැකියාව.අපියි මෝඩ! (නි)

:       0       0

ප්‍රියන්ත සිරිවර්ධන Wednesday, 08 July 2015 06:32 AM

කොහොමද මෛත්‍රීගේ වැඩ? දැන් සනීපද ? (නදී)

:       0       0

ජගත් Wednesday, 08 July 2015 06:51 AM

නියම තීරණය. පක්ෂය, පුද්ගලයා ගැන නෙමෙයි රට ගැන හිතන්න ඔනබව මේකෙන් පෙන්නුම් කලා. මෛත්‍රී ඔබට ජය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site