IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


එන්නත් දෙක නැතිනම් මඟුලට එන්නත් බෑ

(අජිත්ලාල් ශාන්තඋදය)
කෝවිඞ් 19 වයිරස් මර්දන එන්නත් දෙකම නොගත් කිසිදු පුද්ගලයකු ඔක්තෝම්බර් 31දායින් පසු  විවාහ උත්සව ශාලාවලට ඇතුලූ කර නොගැනීමට  තීරණය කර ඇතැයි සමස්ත ලංකා සුලූ සහ මධ්‍යම පරිමාන විවාහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසේකර මහතා සඳහන් කළේය.
දැනට පනස් දෙනෙකුගේ උපරිම සීමාව යටතේ විවාහ මංගල උත්සව පැවැත්වීමට කෝවිඞ් මර්දන කමිටුවෙන් තම සංගමය අවසර ලබාගත් බව ද එම සංගමය කියයි.
නිරෝධායන සෞඛ්‍ය නීති ගැන වගකිමක් ගන්න කෙනෙක් නැති නිවෙස්වල එම උත්සවයන් පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ද ඔහු බළධාරින්ගෙන් ඉල්ලා සිටියේය.
විවාහ මංගල උත්සව වලදී යම් පුද්ගල මීටරයේ දුරස් බව නැතුව, මුව අවාරණ නැතුව සිංදුවලට නටන්න ආවොත් විතරක් නෙමෙයි බීලා නටන්න ආවත් ඒ අයට සංගීතය සැපයීමෙන් වලකින්න ඇණවුම බාරගැනීමට පෙර කොන්දේසි දමා බාරගන්න කටයුතු කරන්නැයි එම සංගමයේ උසභාපති සංගීත ශිල්පී සාලිය දිනේෂ් මහතා සංගීත ශිල්පීන්ගෙන් ඉල්ලා සිටියේය.

 



අදහස් (14)

එන්නත් දෙක නැතිනම් මඟුලට එන්නත් බෑ

වෙඩින්කාන් Sunday, 03 October 2021 01:08 PM

පිරිස් ගැවසෙන තැන් වල මුව ආවරණ පැළදීම දැන් මේ රටේ නීතියක්. එහෙව් එකේ මාධ්‍ය සම්මන්ත්‍රණ වලදී කොරෝනා හැදෙන්නේ නෑ කියලා විශේෂයක් තියෙනවද?

:       55       26

යෝගා Sunday, 03 October 2021 02:10 PM

නිකන් බොරු ෂෝ දාන්න එපා. එන්නත් දෙකම ගත්ත අයට මාස්ක් අත්‍යවශ්‍ය වන්නේ කොහොමද. අනිත් රටවලනම් එහෙම නෑ.

:       63       11

fairoos Sunday, 03 October 2021 02:27 PM

මෙහේ මිනිසුන්ට කන්න නැහැ . මොනවද මේ කියවන්නේ

:       45       13

සමරේSunday, 03 October 2021 03:45 PM

කන්න නැතත් ණය වෙලා හරි මගුල් කන අපේ ලංකාවේ මිනිසුන් මගින් තව දුරටත් කොරෝනා පැතිරීම වළක්වන්න තමයි මේ අය මේ හදන්නේ. මට වැරදිලා ලයික් එකක් වැටුණා නමුත් මම ඔබේ කියමනට එකඟ නෑ මේ අය කරන දේ හරි. මීට කලින් කමෙන්ට් ඒකේ යෝගා අහනවා එන්නත් දෙකම ගත්තාම මාස්ක් මොකටද ඕන කරන්නේ කියලා. ඒ සමහර රටවල වෙන්න ඇති. ඔවුන්ගේ ලෙඩේ තාමත් පැතිරෙනවා. ඕස්ට්‍රේලියාවේ එන්නත් ගැහුවත් තාම කියන්නේ මාස්ක් දාන්න කියලා. අපි මාස්ක් දාන්න ඕනා අපි සහ අපේ ගෙවල්වල අය පරිස්සම් කරන්න ඕන නිසා. එන්නත් දෙකම ගැහුවත් වකුගඩු සහ දියවැඩියා රෝගීන්ට ඔය ලෙඩේ හැදුණොත් මැරෙන්න තිබෙන ඉඩ බොහොම වැඩියි.

:       0       8

BamunuarachchiSunday, 03 October 2021 04:33 PM

ලංකාවට ආවාම ලංකාවේ විදිහට ඉන්නවා. රෝමේ විදිහට ඉන්න හදන්න එපා

:       4       4

BamunuarachchiSunday, 03 October 2021 04:35 PM

කන්න දීලා තමයි රටේ බදු සල්ලි ඉවර වෙන්නේ

:       5       3

Upali Sunday, 03 October 2021 03:06 PM

අපේ මාම පාරම්පරික වෙදෙක් කිසිම විටෙක එන්නත ගහන්නේ නැහැ. ඔහු තමයි ඒම ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර් එතකොට ඒ පැත්තේ මිනිස්සුන්ට කසාද බදින්න බැරිද?

:       2       11

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 03 October 2021 03:46 PM

බොහෝ දෙනා කරන්නේ වැල යන පැත්තට මැස්ස ගහන එක. ඒ කියන්නේ තමන්ගේ උවමනාව කරගන්න බලවතුන්ට කිසිදු වග විභාගයකින් තොරව කීකරු වෙන එක. එන්නත් දෙකම විඳපු අය කොරෝනා වලින් මැරුනේ නැතිද ? මේ රටේ එන්නත් විඳපු ආකාරය ගැන,එන්නත් ගැන බොහෝ මති මතාන්තර තිබුණා.මේ අය ඒ කිසිවක් දැන සිටි බවක් නොපෙනේ.ඒ අය මේ රටේ නෙමෙයි ඉඳලා තියෙන්නේ.

:       0       8

ruwan Sunday, 03 October 2021 04:17 PM

බලන්නකෝ එන්නත් ගහපු අයට වෙන දේ 2022 අගෝස්තු වෙද්දී

:       6       4

[email protected] Sunday, 03 October 2021 05:47 PM

අනුන්ට බණ දෙසන්න කලින් තමන් මාස්ක් එකක් දාගෙන කතා කරන්න පුරුදු වෙන්න.අනිත් එක මේ බොරු මගුල් කොහොමත් නොකරම ඉන්න මිනිස්සු පුරුදු උනා නම් සල්ලිත් ඉතුරුයි.

:       0       11

uday Sunday, 03 October 2021 06:21 PM

යෝගා, එන්නත ගැන ඔබට සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් ඇති බව මට විශ්වාසයි. ඔබට එන්නත ලබා ගත හැකි අවස්ථා දෙකක් තිබුනත්, ඔබට COVID-19 ලබා ගැනීමේ ඉහළ සම්භාවිතාවක් ඇත. පූර්වාරක්ෂාවක් වශයෙන් වෙස්මුහුණක් පැළඳීමට සහ ආරක්ෂිත දුරස්ථභාවයක් තබා ගැනීමට වග බලා ගන්න. කරුණාකර අනෙක් අයටත් කියන්න.

:       0       1

lakvidu Sunday, 03 October 2021 08:52 PM

හදපානේ පැනල යන එක ජනප්‍රිය කලානම් ඔය නීති මොකුත් ඕන නෑ...!

:       0       7

Right thinking Monday, 04 October 2021 05:45 PM

වසංගතය නිසා බොහොමයක් බුද්ධිමත් ජනතාව තුල විශාල වෙනස් කම් සිදුව තිබෙනවා. එක දවසක් වෙනුවෙන්, විශාල ගෝශාකාරී පරිසරයක ලෝකෙට විශාල සද්දයක් කර ලක්ෂ ගණනක් වියදම් කිරීම වෙනුවට, ඉතා අඩු පිරිසක් සහභාගිත්වයෙන් ඉතා චාම්ව, චාලිත්‍ර වලට මුල් තැන දෙමින් විචිත්‍රවත් ලෙස ඉතා අඩු මුදලකින් විවාහ උත්සවය නිවසේ පවත්වා, ඉතුරු වන ලක්ෂ ගණනක මුදල තම ඉදිරි ජීවිතය වෙනුවෙන් තබා ගන්නට පටන් ගෙන ඇත. pre-shoot එකේ සිට මගුල අවසානය දක්වා විවිද පැකේජ හරහා වෙළද උගුල් වලට අසුවීම වෙනුවට, අවශ්‍ය යුතුකම් වලට මුල් තැන දෙමින් චාම්ව විවාහ උත්සව ගැනීම නුතන බුද්දිමත් තරුණ තරුණියන් අතර මෑත කාලයේ trend එකක් වෙමින් තිබේ.

:       0       3

sampath Monday, 04 October 2021 07:02 PM

මේ අයගේ ජාම බේරගන්න අනුන්ගේ මගුල් ගෙවල් වල බුලත් බෙදනවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site