
(අංජුල මහික වීරරත්න)
බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපයේ මුළු රටම ඉදිරියට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තමා දේශපාලන ජීවිතය ඇරැඹීමට බියගම ආසනයට එන විට එම ප්‍රදේශය ඉතා නොදියුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා බියගම ආයෝජන කලාපය පිහිටුවීම ඇතුළු එදා තමා ගත් නිවැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බියගම ඉතා කෙටි කලකදී විශාල දියුණුවක් ලැබූ බව කීය.
ඒ අයුරින් විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට පුරා නව ආයෝජන කලාප ඇති කර මෙරට ජාතික ආර්ථිකය දස ගුණයකින් ඉහල නංවා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි සපුගස්කන්ද අබේසේකරාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය සහ රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
සපුගස්කන්ද අබේසේකරාරාමාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සපුගස්කන්ද අබේසේකරාරාමය, සාංචි චේතියගිරි විහාරයන්හි නියෝජ්‍ය විහාරාධිපති බානගල විමලතිස්ස හිමිගේ මෙහෙයවීමෙන් මෙම ආගමික වැඩසටහන සංවිධාන කර තිබිණි . එදා බියගම දියුණු කළා වගේ අද රටම දියුණු කරනවා
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එදා බියගම දියුණු කළා වගේ අද රටම දියුණු කරනවා
sachith Friday, 26 January 2024 08:38 AM
අනේ ඔවු, 77 චන්දෙන් පස්සෙ චන්දෙ ඉල්ලුවෙම නෑනෙ, ගෙදරට වෙලානෙ හිටියෙ. දැන් ඉතින් ඇවිත් කොරන්න,
Perera Friday, 26 January 2024 09:27 AM
ඔව් ඉතින් බටලන්දත් තිබුනෙ බොහොම දියුණුවට බියගම පැත්තෙ නෙ.
බියගම වැසියෙක් Friday, 26 January 2024 10:16 AM
මන් මේ බැලුවා අදත් උදෙන්ම කව්රුහරි ප්‍රභූවරයෙක් අපව දාලා යන්න ගිහිල්ලාද කියලා. දුක වාවගන්න බැරුවයි, ඉන්නේ තාමත්...!!!
Nimal Friday, 26 January 2024 10:48 AM
එදා බියගම දියුණු කළේ ගෝනවල සුනිල් එක්ක එකතු වෙලා... 1981 යාපනය දියුණු කළේ ගාමිණී සහ සිරිල් එක්ක එකතු වෙලා. නායකයාගේ උපදෙස් මත...
කමල් Friday, 26 January 2024 11:26 AM
මේ නොදරුවට කවුරුහරි කියලා දෙනවාද අද වෙනවිට බියගම තත්වය... වෙළඳ කලාපේ හුඟක් ආයතන කරගන්න බැරුව වහලා යනවා... එක්කෝ වරින්වර වැඩ. දැන් ඒ පැත්තේ මිනිස්සු හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ, වක්‍ර රැකියා බොහෝමයක් නැතිවෙලා. අඩුම ගණනේ වෙළෙඳ කලාපෙට එන ප්‍රධාන පාර ආණ්ඩුවෙන් හරියට හදලා නැහැ පහුගිය අවුරුදු දෙකකින්.
සුජීව Friday, 26 January 2024 11:30 AM
මීට කලින් පාසලක උත්සවයකදීත් කියලා තිබුණා මේ කතාව. මේ ජනපති තවම ජීවත් වෙන්නේ මීට වසර පහළොවකට කලින් තොරතුරු එක්කද? අද බියගම පැත්තේ මිනිස්සුන්ගේ ගෙවල් බෝඩින් වේලෙනවා. කුලියට දෙන්න බැරුව, කඩ කල අය වේලෙනවා, ලයිට් බිල් වැඩිකරලා යටිතල පහසුකම් නැතිව කම්හල් වැහිලා, සේවකයෝ නැහැ... තියෙන කම්හල් ටිකත් අමාරුවෙන් ඇදගෙන යන්නේ...!
Rata Perata Friday, 26 January 2024 12:52 PM
ඔන්න ආයෙත් සීයා කතන්දර කියන්න පටන් අරගෙන... මෙන්න මේ මනුස්සයාට කියන්න ඔක්කොටෝම ඉස්සරවෙලා ඡන්දෙකින් පත්වෙලා එන්න කියලා..
Kazi Shajahan Friday, 26 January 2024 02:20 PM
බියගම දියුණු කළේ ගෝනවල සුනිල් එක්කනේ... සුනිල් සමාදාන විනිසුරුවරයෙක් කළානේ...!
Hafeel Friday, 26 January 2024 02:26 PM
ඔයා බියගම ආයෝජන කලාපය ඉදිකළත්, අද රට බංකලොත් වෙලා නේ. කලින් අපේ සහෝදර ප්‍රේක්ශකයක් කිව්වා වගේ ගෝනවල සුනිල් අයත් වෙන්නේත් බියගමට...!
සල්ලි Friday, 26 January 2024 04:03 PM
මොකක්ද බන් බියගම දියුණු වෙලා තියෙන්නේ ? නාගරීකරණය වෙලා විතරයි . ඕක දියුණුව ද?
Bamunuarachchi Saturday, 27 January 2024 10:37 PM
ඔහේට ගෝනවල කල්‍යාණ මිතුරා නැතුව ඕක කරන්න පුලුවන්ද?