IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එදා අමාත්‍යංශයෙ කැමරා කැඩිලාලු

ජාතික බල සේනාවේ සභාපති මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි සඟවාගෙන සිටින බව කියමින් බොදුබල සේනාවේ හිමිවරුන් පිරිසක් අප්‍රේල් 23 වැනි දා කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට ඇතුළු වූ සිද්ධිය අමාත්‍යංශ සීසීටීවී කැමරාවල සටහන් වී නැතැයි එම අමාත්‍යංශය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

දෘඩාංගවල තාක්ෂණික දෝෂයක් නිසා එලෙස සටහන්වී නැති බව එම කැමරා සවි කළ සමාගම දැන්වීයැයි අමාත්‍යංශය කීවේය.

බොදුබල සේනාව අමාත්‍යංශයට ඇතුළු වූ බව කියන දර්ශන විමර්ශන සඳහා ලබා දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විද්‍යුත් මාධ්‍ය කිහිපයකට නියෝග කළේය.



අදහස් (0)

එදා අමාත්‍යංශයෙ කැමරා කැඩිලාලු

සාරධ Thursday, 05 June 2014 09:47 PM

බොරු කෝටියයි. (නදී)

:       0       0

හසිත් Friday, 06 June 2014 04:42 AM

මේ තැන් වල මොනම දෙයක්වත් බලනකොට හරියට වැඩ කරන්නේ නැහැනේ. (නි)

:       0       0

අහිංසා Thursday, 05 June 2014 04:24 PM

ඕව කියන්න කොන්ඩේ බැඳපු පරණ කාලේ චීන්නුන්ට.(දිල්)

:       0       0

ලුම්බිණි Thursday, 05 June 2014 04:39 PM

අවශ්‍ය වෙච්ච හැම වෙලාවකම ඕනෑම තැනක කැමරා කැඩිලා. කටුගෙයි මතක නේද? ඇත්තටම මොකටද මේවා හයි කරලා තියෙන්නේ? (දිල්)

:       0       0

ප්‍රනාන්දු Thursday, 05 June 2014 04:52 PM

ආණ්ඩුවේ තැන්වල හයි කරන්නේ කැඩිච්ච කැමරාද?(දිල්)

:       0       0

විජේසිංහ Thursday, 05 June 2014 05:06 PM

කටු ගෙයි කැමරාවත් ඔහොම උනා නේ ? ජාතික වස්තු කොල්ලකාපු එක අපේ අය්යලට අමතක වෙලා. (ස)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ​ Thursday, 05 June 2014 05:07 PM

ගොඩක් ආයතන වල කැමරා තියනව​, ගිනි නිවන උපකරණ තියනව​. නමුත් නමට පමණයි. වැඩ නෑ. නිසි ප්‍රමිතියක් නැතිව සවිකිරීම් කරල​, ගාන කපාගෙන​. ජරාවට වැඩේ කෙරෙනව​. දැන් බලන්න පුද්ගලික අංශයෙ සේවා ස්ථානවල සවිකරණ උපකරණ. නියමෙට වැඩ​. (ස)

:       0       0

හසන්ත Thursday, 05 June 2014 05:26 PM

හරියට වැඩකරන්න කැමරාව සවිකරගන්න බැරිද? එයාලා නේද අනෙක් උදවියට කර්මාන්ත ගැන උපදෙස් දෙන්නේ? (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 06 June 2014 09:11 AM

කැමරාව කැඩෙන්නේ ලයිට් යන්නේ ඔක්කොම ලොක්කන්ගේ වාසියටයි (නදී)

:       0       0

මන්දරා Thursday, 05 June 2014 06:17 PM

ඔහොම ඒවා වෙනවා. පුදුම වෙන්න, කලබල වෙන්න දෙයක් නැහැ. කටු ගෙදරත් ඔහොම වුණා නේද? (නි)

:       0       0

සම්පත් Thursday, 05 June 2014 06:19 PM

මේ කැමරා මේ විදියට අවශ්‍යම වෙලාවන්හිදී කැඩෙනවා නම් ඉතින් මේවායින් ඵලක් නැහැනේ (නි)

:       0       0

ගලී Thursday, 05 June 2014 09:11 PM

අනිවාර්යයෙන් වටරැක විජිත හිමි එදා අමාත්‍යාංශය අස්සේ ඉන්න ඇති බොදු බල සේනාව ආවා සේම විජිත හිමිද ඇතුලේ හිටිය වග හෙළි නොකර සිටීමට තාක්ෂණයට දොස් පවරන අයට නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site