IMG-LOGO

එදිනෙදා ජිවිතයට අත් බෙහෙත්

ආයුර්වේද උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ, ආයුර්වේද වෛද්‍ය  ධනපාල හෙට්ටිආරච්චිගේ මහතාගෙනි.

උණට

·        වෙනිවැල්ගැට

·        වියළි ඉඟුරු

·        දුම්මැල්ල

·        පත්පාඩගම්

තම්බා බීම ගුණදායකය.

·        ඉඟුරු

·        ගම්මිරිස්

·        තිප්පිලි

·        කොත්තමල්ලි

තම්බා තිබිම ගුණදායකය.

ඉඟුරු, කොත්තමල්ලි තම්බා සීනි දමා  දිනකට  දෙතුන්වරක් පානය කරන්න.

දැවිල්ල සහිත උණට

පත්පාඩගම් තැම්බු වතුර  ගුණදායකය.

අජිර්ණ සහිත උණට

ඉඟුරු, කොත්තමල්ලි, එළබටු මුල්,කටුවැල්බටු, කළං දෙකයි, මංචාඩි  අට  බැගින්  ගෙන කසාය පිළියෙල කර  දිනකට  දෙවරක් පානය  කිරිමට  දිම යහපත්ය.

සෙම්ප්‍රතිශ්‍යාවට

·        ඉඟුරු

·        කොත්තමල්ලි

·        තැම්බු  වතුර සිනි දමා පානය කිරිම ගුණදායකය.

·        තිප්පිලි කුඩු මී පැණී ගත හැක.

·        කොත්තමල්ලි, යක් නාරං කොළ තම්බා  හුමාලය ඇල්ලිම ගුණදායකය.

·        මද උණුසුම් ජලයට  ලුණු  දියකර  උගුර  සේදීම ගුණදායකය.

පිනසට

·        ගොටුකොළ කොටා  ලබාගත් යුෂ මඳක්  රත්කර  ගම්මිරිස්  කුඩු ස්වල්පයක් දමා  උදෑසන පානය කරන්න.

·        වියළී කහ,වියළී ඉඟුරු කුඩුකර, තේ හැන්දක්  උණූ වතුර කෝප්ප භාගයකට  දමා, තම්බා  මී පැණීයෙන් බීම ගුණදායකය.

·        වියළි කහ,වියළි ඉඟුරු කුඩු, තැඹිලි  ගඩියකට  දමා රැයක් එළීවෙන්නට  තබා  හිස්බව පානය කළ හැකිය.

·        ඉඟුරුපියලිය, පිටවක්කා, තිප්පිළි, නෙළුම් අල ,සුදු ලුණු, ගම්මිරිස් කළං දෙක බැගින්  ගෙන කසාය පිළියෙළ කර පානය කළ හැකිය.

ඇස් දැවිලලක්  සමඟ ඇතිවන පිනසට

·        අරළු 

·        නෙල්ලි 

·        මුකුණුවැන්න

·        වැල්මි

·        සැවැන්දරා

සම ප්‍රමාණයන්ගෙන් ගෙන අබරා ඇල් දියෙන්  කලතා  පසුදින උදෑසන තල තෙල්  සමඟ මිශ්‍ර කර  හිසේ ගැල්වීම සුදුසුය.

මුත්‍රා දැවිල්ලට

·        වැල්පෙනෙල කොළ කොටා  මිරිකා  ගත්  යුෂ පානය කළ හැක

·        ඉරමුසු තම්බා බීම යෝග්‍යය‍

·        මුත්‍රා දැවිල්ල සමනයට  නිරමුල්ලිය තම්බාදීම ගුණදායකය.

·        කැකිරි ඇට,අක්කපාන සමඟ සමට  ගොනු පානයට  දිය හැක.

·        තැඹිලිගෙඩියක්  රාත්‍රියේදි  කපා ජලය මඳක්  ඉවත්  කර  රාබු පෙති කිහිපයක්  එයට  දමා  පසුදින එය පොඩිකර  එයටම දමා පානය කිරිම මුත්‍රා  දැවිල්ල සමනයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

අධික රුධිර  පිඩනයට

·        සියඹලා බොර තේ හැඳි 4

·        තල තෙල් තේ හැඳි 1

·        විනාකිරි  තේ හැඳි 3 ක්

මිශ්‍ර කර  හිසට  දැමීමෙන් අධීක රුධිර  පිඩනය අඩුවේ.

·        බැබිළ මුල් , සුදු ලුණු, උළුහාල් තම්බා  දෙතුන්වරක්  පානය කිරිමට  දිය හැකිය.

·        නිදිකුම්බා  මුල් තේ හැඳ  භාගයක්  උණු වතුර  මිශ්‍ර කර  දිනකට  දෙවරක්  පානය  කිරිම ගුණදායකය.

·        නස්නාරං මේස හැඳ 2, සහිඳ ලුණූ තේ හැඳ  2 ක්  බීමට  දිම ගුණදායකය.

·        කුඹුක් පොතු කසාය ද ගුණදායකය

 සමේ කුෂ්ඨ  සඳහා

·        අමුකහ

·        කොහොඹ කොළ තම්බා එම ජලයෙන් කුෂ්ඨ  ඇති ස්ථානය සෝදන්න.

·        ඇත්තෝර  කොළ

·        කොහොඹ කොළ

·        පින්න කොළ

·        නිදිකුම්බා කොළ සම ප්‍රමාණයන්ගෙන් ගෙන තම්බා , කුෂ්ටය ඇති  ස්ථානය සේදිමෙන් සුවය ලැබේ.

·        ලුණුවිල ත ම්බා, සේදිම ද ගුණදායකය.

·        අරළු, බුණ ,නෙල්ලි තම්බා  සේදිම ද ගුණදායකය.

·        ගංසුරිය පොතු  අමුකහ  දමා  තම්බා  සේදිම සුදුසුය.

මධූමේහය වළක්වා  ගැනිමට

·        අමු කරවිල පෙති කපා ඇල්දිය විදුරුවකට  දමා  පසුදින එම ජලය පානය කළ හැකි වේ.

·        අට්ටික්කා  මුල කපා  වැහැරෙන යුෂ මේස හැන්දක්  මී පැණී  තේ හැන්දක්  ස මඟ පානය කිරිමට  සැලැස්වේ.

·        මුං ඇට  කුඩුකර  මේස හැන්දක්  මීපැණියෙන් ගත හැකිය.

·        නෙල්ලි, රසකිඳ යුෂ පැණියෙන් ගත හැකිවේ.

 

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.



අදහස් (0)

එදිනෙදා ජිවිතයට අත් බෙහෙත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 179 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site