රංගනයේදි ඔහු ඒ චරිතයට කෙතරම් දුරට කිඳා බැස ඇතිදැයි පසක් වන්නේ නරඹන්නන් ඒ චරිතයට එතරම්ම සමීප වීම නිසාය. එදිරිමාන්න සහ දොළහක් වේදිකා නාට්‍යයේ ඔහු දායක වන චරිත ඊට කදිම සාක්‍ෂියයි. එලෙසින් කලින් කලට විවිධ නිර්මාණ සමග රංගන ක්‍ෂේත‍්‍රයට අරුතක් ගෙන දෙන ඔහු ධර්මප‍්‍රිය ඩයස්ය. නමුත් වේදිකාවේ මෙන්ම අනෙකුත් ක්‍ෂේත‍්‍රවල බොහෝදෙනා ඔහු අමතන්නේ ‘ඩයියා’ නමිනි. මේ ධර්මප‍්‍රිය ඩයස් හෙවත් ඩයියා ගැන තව තවත් හැඳින් විය යුතු නැත. අපි ඔහු සමග කතාබහට එක්වුණෙමු. ධර්මප‍්‍රිය ඔබ නළුකම සොයා ගියාද? නැතිනම් නළුකම ඔබ සොයා ආවාද? මම හිතන්නෙ දන්න කියන කාලේ ඉඳලම මේ රංගන ක්‍ෂේත‍්‍රය සහ නාට්‍ය කලාවට ලොකු ආසාවක් තිබුණා. පාසල් වේදිකාව තමයි ඊට අඩිතාලම දැමුවේ. එවකට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ආචාර්ය පේ‍්‍රම කුමාර කරුණාරත්න සර් තමයි මේ ගමනට වග කියන්න ඕන. ඒ කියන්නෙ සර් තමයි අපි සතු කුසලතා එළියට ගත්තෙ. ඇයි රංගනයම සොයා ගන්න හිතුණෙ? එය කරන්න පුළුවන් කියන විශ්වාසය තිබුණා. ආසාවකුත් තිබුණා. ඉස්සර මට මතකයි කැස්බෑව වැවේ මැද වේදිකාවක් තනලා ගමේ අය වෙසක් නාට්‍ය කළා. ඒ නාට්‍යවල රජවරු, කුමාරවරු ලෙස රඟපෑ චරිත මගේ හිතේ තදින්ම බැඳුණා. ඒක හරි අපූරු ලෝකයක් කියලා මට හිතුණා. ඒ බැඳීම සහ සියලූ දැකීම් මත මේ මග තෝරාගන්න ඇති. කෙසේ හෝ රංගනය තමයි දිගටම කරන්නෙ කියලා නිශ්චිතවම තීරණයක් කරන්නෙ මොන අවධියේදිද? පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේදී උසස් පෙළ කරන්න වඩාත් උනන්දුව ඇතිවෙන්නෙ නාට්‍ය හා රංග කලාව විෂයක් හැටියට උගන්නන බව දැනගන්න ලැබුණු නිසයි. ඉන්පසුව ප‍්‍රායෝගිකව වැඩ කරද්දී අත්දැකීම් ලබද්දී හොඳ පිරිසකගේ දායකත්වය සහ ඇසුර ලබද්දී මේ මඟ ඔස්සේ යාමට තවදුරටත් සිත් ඇතිවෙනවා. රංගනයට සමීප වුණේ එකී දේවල් නිසයි. හඳහනේ මොනවද ලියැවිලා තියෙන්නෙ? හඳහන බලලා නැහැ. එතකොට ඔබ විශ්වාස කරන්නෙ? තවම මම විශ්වාස කරන්නෙ ආත්ම ශක්තියයි. හඳහන කියන්නෙ වෙලාවකට ලෙඩක්. මේ පිටුපස ගිහින් සමහරු විනාශ වෙලා යනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරමින් තමුන්ගේ සබ්බ සකල මනාවම වියදම් කරගෙන මොකටද ඒ පිටුපස යන්නෙ. උණක් හැදුණත් හඳහන පස්සෙ යනවා නම් ඒක හරියට තමන්ගේ ආත්ම විශ්වාසය පාවලා දුන්නා වගේ දෙයක්. මොකක් හරි විද්‍යාවක් එතැන ඇති. ඒත් ආත්ම විශ්වාසය ඊට වඩා ප‍්‍රබල බව මගේ පුද්ගලික හැඟීමයි. ඔබගේ වෘත්තිය රංගනය විතරද? නැහැ. මම ගුරුවරයෙක්. දෙහිවල ශාස්ත‍්‍රානන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සමස්ත ගුරු මණ්ඩලය මට ආදරෙයි. ඒ අය ලබාදෙන සහාය හරි ඉහළයි. ඒත් මම රංගනය විතරක් බදාගෙන ගුරු වෘත්තිය පැහැර හැරලා නැහැ. බැරිම අවස්ථාවකදී හැර මම ගුරු වෘත්තිය ගෞරවයෙන් කරන්න උපරිම උත්සාහ ගන්නවා. නළු වෘත්තිය ඔබට දැනෙන විදිය? ලෝකයේ තියෙන රසවත්ම වෘත්තිය නළු වෘත්තිය කියලයි මට හිතෙන්නෙ. හැබැයි ලංකාවේ නෙවෙයි. ලංකාවේ ඇතුළෙ එය වෘත්තියක් ලෙස කරන්න බැහැ. ඒ නිසා තමයි බොහෝදෙනා වෙනත් වෘත්තීන් කරන අතරේ රංගනය කරන්නෙත්. ලෝකයේ රසවත්ම වෘත්තිය වුණත් ලංකාවෙදී අපි අපේ කාලයේදී තවම එය අත්විඳලා නැහැ. ඇයි ලංකාව ඇතුළෙදි එහෙම නොවෙන්නෙ? රංගනයට විතරක් නෙවෙයි. ඕනෑම වෘත්තියකට එහෙම තැනක් ලැබිලා නැහැ. ලෝකයේ අනෙක් රටවලට සාපේක්‍ෂව ලංකාව වෙනස්. නිර්මාණකරුවන් නිර්මාණ පවා කරන්නේ හුදෙකලාව. මේ නිසා මේ රසය, ගුණය වෑහෙන්න නම්, සමාජය ප‍්‍රබෝධමත් වෙන්න නම්, දේශපාලනික වශයෙන් වෙනසක් වෙන්න ඕන. නැතිනම් දේශපාලනයේ ඉහළින්ම මේ වෙනස දැක්ම ගැන හිතන්න ඕන. අද ඔබ ගැන කතා වෙන්නෙ ‘එදිරිමාන්න’ (සිහින පියාපත්) නිසයි. ඔබ මීට සාධාරණයක් කළාද? එහි ඔබගේ සාමාන්‍ය ජීවිතයේ ගති ලක්‍ෂණත් තියෙනවාද? මගේ පුද්ගලිකත්වය එතැන නැහැ. නමුත් මම කළ ටෙලිනාට්‍ය හෝ වෙනත් නිර්මාණ දෙස බලන්න. මම කරලා තියෙන්නෙ බොහොම ටිකයි. හැබැයි ඒවා වෙන් වෙන්ව වෙනස්ව කර ඇති බව මගේ විශ්වාසයයි. මේ කතාවේදි රචකයා ගොඩනගපු දේ අධ්‍යක්‍ෂ විසින් මවද්දී ඔහුගේ අනුමැතිය ඇතිව යම් යම් දේ මිශ‍්‍ර වෙන්න ඇති. එදිරිමාන්න සාධාරණද? ඔබ එදිරිමාන්න නම්? තවම මෙය දිගහැරෙමින් තියෙන්නෙ. එදිරිමාන්න ගැන තීරණ ගන්න තවම කල්වේලා මදි. මේ එදිරිමාන්න හැර අතුල පතිරණගේ ‘දොළහක්’ නාට්‍යයේ ඔබ කළ චරිතය ගැනත් බොහෝ දෙනා කතා වෙනවා නේද? ඇත්තටම නාට්‍යයක පළමු දර්ශනය පෙන්වීම මොකකින් මොකක් වේවිද කියලා හිතාගන්න බැරි අවස්ථාවක්. ඒ අවස්ථාව හරියට වෙලාවට එල්ලා මරණ දිනය වගෙයි. අතුල පතිරණ එය හරියටම දිනයට කළ බව කියන්න පුළුවනි. ඔක්කොම හරියට රඟපෑවෙ යක්කු වගෙයි. මීට කලින් මම නාට්‍ය කීපයකම රඟපෑවා. නමුත් දොළහක් නාට්‍යයේ මංගල දැක්මේදී ලද ප‍්‍රතිචාරය තරම් ඉහළ දෙයක් තවත් නාට්‍යකදී ලබාගෙන නැහැ. ඒක අපි හැමෝටම දැනුණු දෙයක්. අතුලට, අපේ යාළුකමට, අධ්‍යක්‍ෂණයට සියල්ල ගරු කරමින්, සියල්ල එකට පෑහිලා තියෙන්න ඇති. ඒ වගේම තිරය පිටුපස සිටි පිරිසත් අප‍්‍රමාණයි. එහි හොඳම අවසන් ප‍්‍රතිඵලය තමයි හොඳම දේ නිර්මාණය වීම. මෙලෙස විවිධ චරිත, සමග කරළිය හැඩ කරන බව ගෙදර චරිතයට දෙන දායකත්වය මොන වගේ ද? පැහැදිලිවම කිව්වොත් බිරිඳගෙන් මහාර්ඝ කැපවීමක් සිද්ධ වෙනවා. මේ මාව, මගේ ක‍්‍රමය හඳුනා නොගන්න වදක භාර්යාවක් වුණා නම් මට මේ සියල්ල වදයක්ම වේවි. පැය අටේ රාජකාරිය කරලා ගෙදර එන සාම්ප‍්‍රදායික ස්වාමිපුරුෂයා නෙවෙයි. මේ නිසා තිරය පිටුපස සිට මේ විදියට අනුන් වෙනුවෙන් දුක් ගැහැට උසුලන, කැපකිරීම් කරන බිරිඳ වගේම ඥාති සමූහයාත් සිහිපත් කිරීම වැදගත්. ඔබ කවුද? බොහෝම සරල සාමාන්‍ය මිනිහෙක්.
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස් අද සවස නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයු
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එදිරිමාන්න වූ ධර්මප‍්‍රිය හෙවත් ‘ඩයියා’...
samantha Friday, 30 December 2011 11:48 PM
මම ගොඩාක් කැමැති ඔබට
මංජුල කුමාර Wednesday, 04 January 2012 12:24 PM
ඩයාස් අයියා ගොඩාක් හිත හොද කෙනෙක්
අජිත් Wednesday, 04 January 2012 02:32 PM
පොලිස් නිලධාරියකුගේ චරිතයක් තෝරාගන්න