IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එදිනෙදා ජිවිතයට අත් බෙහෙත් - 2

උපදෙස් - රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටි අරච්චිගේ

සැරව සහිත කුෂ්ඨ වලට

·        අමු ගස්ලබු  තම්බා  අඹරා පිඩාව ඇති  තැන බැදිය හැක.

·        මෑ කොළ,  හාල් පානු දියෙන් තම්බා, අඹරා කුෂ්ටය මත තැවරිය හැකිවේ.

·        හුළං විස්කෝතු උණුදියෙන් මඳක් පොඟවා  මිරිකා නිල්‍යාදි වැනි  තෙලකින්  අනා ගැල්විය හැක.

·        මුං ඇට කුඩුකර , ඇල් වතුරෙන්  සේදිය හැකිවේ.

·        පැණි වරකා  මුලක පොත්තක්, තල තෙල් වලින් අබරා ,මළවා බැඳිම කළ හැකිය.

ආසාත්මිකතාවයට

·        තැඹිලි වතුර, බාර්ලි තැම්බු  වතුර පානය කිරිමට  දිම ගුණදායකය.

·        දුම්වැල්ල, කොත්තමල්ලි තම්බා පානය කිරිමට සැලැස්විය හැකිය.

·        අමු පොල්කොළ පුළුස්සා, දුම් ඇල්ලිය හැකිය.

කටු ඇණුන විට

·        එරබදු  කොළ කොහොඹ කොළ දෙහි ඇඹුලෙන් අඹරා එතැන ගැට  ගැසිය හැකිය.

·        සිනි, පොල් දමා  මළවා බැදිය හැකිය.

·        වරා කිරි දමා , සිනි , පොල් දමා  මළවා බැඳිම සිදු කිරිම යෝග්‍යය.

·        ගස්ලබු  කිරි බැඳිය හැක.

·        කහ, ලුණූ දමා  කොටා මළවා  බැදිය හැකිය.

පිළිස්සුන විට

·        කෝමාරිකා මදය සුරා අලෙවි කළ හැකිය.

·        පුහුල්  මද, එළකිරෙන් අඹරා ගැල්විය හැකිවේ.

උණුවතුරින් පිළිස්සු විට

·        අන්නාසි කොළ කොටා , ඉස්ම ගැල්විය හැකිය.

තැලීමට

·        ගොරකා  සහ ලුණූ  අඹඎ බැදිය හැක.

·        හිං නාරං කොළ පොතු අමු කහ දමා  කොටා  මලවා  බඳින්න

·        කොහොඹ කොළ, කොහොඹ පොතු, අමුකහ, දමා  කොටා  මළවා  බැදීම ද කළ හැකිය.

කෙන්ඩ පෙරළිමේදී

·        දිය ලුණූ, තල තෙල්, කෙන්ඩේ ගෑම කළ හැකිය.

ගල් තැලුමට

·        වල් හබරල පිති,අමුකහ , ලුණූ කොත්තමල්ලි දමා  පොල්කිරෙන්  අඹරා  රත්කර  ගල් තැල්ම ඇති ස්ථානයේ තැබිය හැකිය.

හිරමණ තලයට  කැපුණූ විට

·        හිරමණ තලය ලිපේ දමා  රත්කර පොල් සහ එම පොල් මිරිකා ලබාගත්  පොල් කිරි තුවාලයේ ආලේප කිරිමෙන් ඉක්මණීන් සුවය ලැබේ.

ඇණ ඇණුන විට

·        පෙරුම්කායම් අමුකහ සමව ගෙන අඹරා බිලිං ගෙඩියක දමා  , බිළිං ගෙඩිය කෙසෙල් කොළයක ඔථා  අණූ අළු පල්ලේ දමා  රත්කර  අඹරා ඇණය ඇණුන තැන තැබීම

·        කොහොඹ තෙල් පහන් වැටියක් දල්වා එයින් වැහෙන  තෙල් ඇණය ඇණුන තැනට දමන්න.

ඉරුවාරදයට

·        සුදු ලුණූ , සහිඳ ලුණූ, තල ඇට, මී පැණියෙන් අඹරා නළලේ ගැල්විය හැකිය.

සපත්තුවට කකුල තුවාල වු විට

·        ගොරකා  පුළුස්සා  ගත් අළු තල තෙලින් අබරා ගැල්විම ගුණදායකය.

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

 

 

 



අදහස් (0)

එදිනෙදා ජිවිතයට අත් බෙහෙත් - 2

එන්.ජි. කාන්ති ජයසිංහ Friday, 29 July 2016 04:25 AM

එදිනෙදා ජීවිතයට අවශ්‍ය බෙහෙත් කියාදීම ගැන ස්තුතියි. තව ගැස්ට්‍රයිට්‍රිස්, හතිය වැනි රෝග සඳහා බෙහෙත් කියාදෙනවා නම් ගොඩාක් ස්තුතියි. (නි)

:       0       0

කමල් Sunday, 11 October 2015 02:59 AM

හොඳ ඔවදනක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site