IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


"එතුමයි - මෙතුමයි" මට සුන්දර අත්දැකීමක්

අනර්කලී ආකර්ෂා ජයතිලක නම් වූ ඇය ජීවිතයේ ලාබාල අවධියකදී සාර්ථක අත්දැකීම් ගණනාවකට උරුමකම් කී භාග්‍යවන්තියකි. කලා ක්ෂේත‍්‍රය තුළ ඉතාමත් ශක්තිමත් පදනමක් සහිතව සිටියදී ඇය තම ජීවිතයේ වැදගත්ම අවධිය දේශපාලන ක්ෂේත‍්‍රය තුළ කටයුතු කිරීමට ස්ථානගත කර ඇත. මේ වන විට කලාව සහ දේශපාලනය යන ක්ෂේත‍්‍ර දෙක තුළ නියැලෙමින් අතිශයින් කාර්ය බහුල සහ වගකීම් සහිත දිවියක් ගෙවන ඇය රසවින්දන හා සංවාදයකට එළැඹුනේ මෙලෙසිනි. ඔබ කලාව අතහැරලා දේශපාලනයට යොමුවුණේ ඇයි? මම කලාව අතහැරියේ නැහැ. දේශපාලනය තුළ නියැළුණත් කලාව තුළ දිගටම නියැලීමට මා අතින් සිදු වුණා. මම අද මේ ස්ථාවරයේ ඉන්නේ කලාව නිසයි. ඒ නිසා මගේ යුතුකම තමයි කලාව වෙනුවෙන් කටයුතු කිරීමත් ඒ සඳහා දායකවීමත්. මම දේශපාලනයට පැමිණියේ ජනතාව වෙනුවෙන්. මගේ අරමුණ කලාව සහ දේශපාලනය යන ක්ෂේත‍්‍ර දෙක තුළ සමබර පැවැත්මක් ගෙන යෑමයි. චරිතාංග නිළියක් විදියට ඉදිරියට යෑමේ හැකියාව දේශපාලනය නිසා ඔබට අහිමි වුණා නේද? මම දේශපාලනයට එන්න කලිනුත් හුගාක් නිර්මාණවල විවිධ චරිත සඳහා දායකවීමේ අවස්ථාව ලැබුණා. මට ලැබුණු පලියට හැමදේම බාරගෙන රඟපාන කෙනෙක් නොවෙයි. ඒනිසා මට එහෙම දෙයක් දැනෙන්නෙ නැහැ. කලාකරුවන් පෞද්ගලික ලාබ අපේක්ෂාවෙන් දේශපාලනය තෝරගන්නව කියලා ඇතැම් අය තුළ මතයක් තිබෙනවා. මෙය ඔබට අදාලද? නැහැ. මම අනිත් අය වගේ නොවෙයි. සමහර අයට මෙය අදාල ඇති. නමුත් මම මේ ස්ථාවරයේ නොවන නිසා මට මේ ගැන කතා කරන්න අයිතියක් නැහැ. අපේ පවුල්වල අය දේශපාලනය කළේ පෞද්ගලික දේපල මහජන යහපතට ලබාදීලා. උදාහරණයක් විදියට නාවලපිටිය ජාතික ක‍්‍රීඩාංගනය වූ ආර්.ඊ. ජයතිලක ක‍්‍රීඩාංගනය සඳහා ඉඩම ලබාදුන්නේ මගේ සීයා වන ආර්.ඊ. ජයතිලක මැතිතුමයි. සිකුරු 07, කිං හන්තර්, එතුමයි - මෙතුමයි වැනි චිත‍්‍රපට තුළ රඟපෑම නිසා ඔබ විකට චිත‍්‍රපටවල ආකෘතියකට යට වෙලාද? නැහැ. මම එහෙම දෙයක් දකින්නෙ නැහැ. අංජලිකා චිත‍්‍රපටයේ මාගේ රංගනයට 2004 වර්ෂයේදී ජනාධිපති සම්මානයට පවා පාත‍්‍ර වුණා.  මා රඟපෑ විකට චිත‍්‍රපටවල රඟපෑවේ එය මට සුන්දර අත්දැකීමක් වගේම පේ‍්‍රක්ෂකයාටත් එම සුන්දර අත්දැකීමම ලබා දීමටයි. මෙහිදී ළඟදී රඟපෑ ”එතුමයි-මෙතුමයි” චිත‍්‍රපටය මට සුන්දර අත්දැකීමක් ගෙන දුන් නිර්මාණයක්. එහිදී ආසාවෙන් රඟපෑවේ”

රොෂානි ගාල්ලගේ



අදහස් (0)

"එතුමයි - මෙතුමයි" මට සුන්දර අත්දැකීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1697 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site