IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


එජාප සම්මේලනයට සජිත් නෑ

(සුජිත් හේවාජුලිගේ )

එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් එම පක්ෂය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පමණක් සහභාගී වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර රැස්වීම එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල මොනාච් ඉන්පීරියල් හෝටලයේදී හෙට (20) පෙරවරැ 9.00 ට පැවැත්වේ

මෙම සංවත්සර රැස්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ සෙසු දේශපාලන නායකයන් පිරිසක් සහභාගි වීමට නියමිතය.

 



අදහස් (9)

එජාප සම්මේලනයට සජිත් නෑ

dula Friday, 19 September 2025 01:00 PM

සජිත් කියන්නේ උද්දච්ච මෝඩයෙක්. එහෙම නොවුණා නම් ඔය මිනිහා අද අගමැති. ලබන පාර ජනාධිපති වෙන්නත් චාන්ස් එකක් තිබුණා. රනිල්ගේ පරිචය ඉස්සර සජිත් කියන්නේ ලිලිපුට්ටෙක්...

:       15       32

නරිවාදන්Friday, 19 September 2025 01:33 PM

නීතිඥ නාමල්, හැහ්, හැහ් හෑ, හූ හූ හූ

:       7       24

Nandasena Friday, 19 September 2025 01:46 PM

සහතිකම ඇත්ත ප්‍රේමදාස ජනාධිපතිතුමා රටට වැඩක් කළ කෙනෙක් වගේම එජාපයේ විනාශ කිරීම කළ කෙනා කිව්වොත් නිවැරදියි. අප්පා කළ දේ පුතා නොකලොත් මොන පුතෙක්ද කියනවානේ. ඒකට බය ඇති නේ.

:       3       17

ජිල්බු Friday, 19 September 2025 01:51 PM

අයියෝ, මනමාලි නැති වෙඩිමක් වගේ නේ. වට්ට වෙඩින්

:       3       10

ලක් අම්මා Friday, 19 September 2025 01:33 PM

රනිල්ට කියපු දේවල් වල හැටියට ළාමක ටින් ටින් රෙද්දක් ඇදගෙන යන්නේ කොහොමද?

:       2       19

සෙනෙවිරත්න Friday, 19 September 2025 02:22 PM

මනමාලි නැතිව මංගල්ලේ කරල මාලිමා ආණ්ඩුව එලවන්න හදන ටිකිරි මොල ගැන හිනා වෙන්නේ කොහෙන්ද?

:       6       20

පුරවැසියන් Friday, 19 September 2025 02:23 PM

හවුල ලප්තැනම ලොප් කියන්නෙ මේකට, සභාවේ සිනා...

:       6       20

අරවින්ද මොණරවිල Friday, 19 September 2025 04:23 PM

"නීතිඤ නාමල් රාජපක්ෂ" ඔහොම අපහස කරන්න එපා, මොනවා උනත් ඊළග වෙන්න ජනාධිපති නොවැ...

:       6       10

Udesh Eranga Friday, 19 September 2025 11:18 PM

“කරුණාකර දේවියන්ගේ නාමයෙන්, රටේ අනාගතය වෙනුවෙන්, අසරණ SJB/UNP පාක්ෂිකයින් වෙනුවෙන් මේ අවස්ථාව මගහරින්න එපා, සජිත් මහත්තයා. අපි චන්දය දුන්නෙ, ඔබතුමාට. නමුත් මේ වෙලාවේ ඔබතුමා UNP එක්ක එක්විය යුතුයි. මේ රටේ ලක්ෂ ගණනක් අහිංසක, අසරණ UNP/SJB පාක්ෂිකයින් හෙට හවස් වනතුරු බලන් ඉන්නවා, ඒ හීනය හැබෑ වෙනවා දකින්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 20 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site