IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එජාප මන්ත්‍රීහු නාගොඩ රෝහලේ අඩුපාඩුත් බලති

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා¸ එරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන හා ආර් යෝගරාජන් යන මහත්වරුන්  අද  දිනයේ කලුතර නාගොඩ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

එහිදී ඔවුහු රෝහලේ කාර්යමණ්ඩලය හා රෝගීන් හමුවී රෝහලේ වත්මන් තත්ත්වය පිළිඹද විමසූහ.

නිරීක්ෂණ චාරිකාව අවසානයේ මාධය හමුවක් පැවැති අතර එහිදී මන්ත්‍රීවරු ඔවුන් සොයාගත් කරුණු හෙළි කළහ.

සාත්තු සේවක හිඟය¸ ඖෂධ හිඟය¸ රෝගීන් සදහා රෝහලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම¸ ආදී ගැටලු රෝහලේ පවතින බව හදුනාගැනීමට හැකිවූවේයැයි ඔවුහු පැවසූහ.

රෝහලේ ඇති විශාලතම ගැටලුව වන්නේ ඇදන් හිඟය බවත් එක් ඇදක රෝගීන් දෙදෙනෙකු සිටින අවස්ථාද ඇතැම් වේලාවන්හි තිබෙන බවත් රෝහල් කාර්යමණ්ඩලය තමන්ට පැවසූවේයැයි මන්ත්‍රීවරු කීහ.

අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කඩදාසි කොළවල ලියැවී තිබෙන දේ කියවනවාට වඩා පොළවේ පය ගසා සැබෑ තත්ත්වය දැක ගැනීමේ අරමුණ ඇතිව තමන් ඇතුලු මන්ත්‍රී පිරිස රෝහලට පැමිණි බව කීවේය.

කලුතර දිස්ත්‍රික්කයේ පමණක් නොව යාබද දිස්ත්‍රික්ක වලින් පවා අති විශාල ජනකායක් ප්‍රතිකාර ගැනීම සදහා පැමිණෙන කලුතර නාගොඩ රෝහලට ලැබෙන්නේ කුඩම්මාගේ සැළැකිලි බව පෙනෙන්නට ඇතැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා අදහස් දක්වමින් රටේ ආර්ථිකය කඩා වැටී ඇති අවස්ථාවක රජය වියදම් පියවා ගැනීමට ජනතාවට නොමිලයේ සපයන සේවාවන් වන සෞඛ්‍යය¸ සමාජ සේවා හා අධ්‍යාපනය යන ක්ෂේත්‍ර වලට සපයන මුදල් කප්පාදු කිරීමට කටයුතු කර ඇතැයි කීවේය.

රෝහලේ ගොඩනැගිලි අත්තනෝමතික ලෙස ඉදිකර ඇතැයි කියූ ආර් යෝගනාදන් මන්ත්‍රීවරයා එනිසා රෝගීන් එක් තැනක සිට තවත් තැනකට ගෙනයාමේදී රෝහල් කාර්යමණ්ඩලයට අධික වෙහෙසක් මෙන්ම කාලයක් වැය කිරීමට සිදුව ඇති බව ඔවුන් හා කළ කතාබහේදී අනාවරණය කර ගැනීමට හැකිවූවේයැයි පැවසුවේය.

නිරීක්ෂණ චාරිකාව අවසානයේ මන්ත්‍රී පිරිස දොඩම්ගොඩ බෝඹුවලදී පහර කෑමට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ගේ නිවසටද ගියහ.

නිවසේ කිසිවෙකුත් නොසිටි බවක් පෙනෙන්නට තිබුණද නිවැසියන් සැඟවී සිටින්නේයැයි පැවසූ අසල්වාසීන් ඔවුන් පිටතට කැදවා ගැනීමට සමත්වූහ.

කොස්තාපල් සුමින්ද සමන් නිවසේ නොසිටි අතර ඔහුගේ බිරිඳ මන්ත්‍රීවරුන් හමුවේ අදහස් දැක්වූවාය.

පෙරදා මහ රැයේ සිවිල් ඇදුමින් පැමිණි දෙදෙනෙක් තම සැමියා කැටුව යාමට උත්සාහ කළේ යැයි ඇය පැවසුවාය.

සාධාරණව සේවය කරන්නට ගිය තම සැමියාට දිගින් දිගටම සිදුවූයේ අකටයුතුකම් යැයි ඇය කීවාය.

කොස්තාපල් සුමින්ද සමන් මහතාට වන අසාධාරණයන්ට යුක්තිය ඉටු කර දීම සදහා කළ හැකි සියලුම දේ කරන බව මන්ත්‍රීවරු කියා සිටියහ.

 



අදහස් (0)

එජාප මන්ත්‍රීහු නාගොඩ රෝහලේ අඩුපාඩුත් බලති

ගිහාන් Saturday, 05 July 2014 02:14 PM

නිරීක්ෂණය කරන්න යන්න කාටවත් තහනමක් නැහැ. ගිහිල්ල කරන දෙයක් තියෙනවාද ? මට නම් කියන්න තියෙන්නේ කරන දෙයක ප්‍රතිපලයකුත් නැත්නම් ඔය වැඩ නවත්වලා පක්ෂයේ සමගිය ඇතිකරගන්න මහන්සි ගන්න කියන එකයි. (නදී)

:       0       0

මැණික් Friday, 04 July 2014 09:18 PM

අඩුපාඩු සොයාබලා නිසා විසඳුම් දෙන්නත් බලන්න (නි)

:       0       0

එරංග Friday, 04 July 2014 11:07 PM

හොඳ වැඩක් (නි)

:       0       0

චින්තක Saturday, 05 July 2014 06:27 PM

මෙයාලගේ පාලන සමයේ කිසිම දෙයකින් අඩුවක් තිබුනේ නැද්ද? දැන් තමා සේරම අඩු පාඩු. (නදී)

:       0       0

අසෝකා Saturday, 05 July 2014 01:50 AM

අනේ ඔය කවුරුත් විරුද්ධ පක්ෂයේ ඉන්න කම් ඔහොම තමයි. බලය ලැබුනම තමයි මේවා ගැන හිතන බලන්න වෙලාවක් නැති වෙන්නේ (නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 05 July 2014 07:33 PM

පසුගිය පාලන කාලයේ රෝහල් වල තත්වය අමතක වෙලා ද. (නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 05 July 2014 07:40 PM

මේවා මැතිවරණ කිිට්ටු වන විට හැදෙන මානසික රෝග. මෙයාලගේ කාලයේ රෝහල්වල තත්වය ජනතාවට හොදට මතකයි (නදී)

:       0       0

මුණසිංහ Saturday, 05 July 2014 07:17 AM

මේ සොයාගත් කරුණු එජාප රජයන් යටතේ නොතිබුණු ඒවාද? ඔවුන් නැවත බලයට අවොත් මේ ගැටළු විසඳනවාද? (නි)

:       0       0

හෂාන් Saturday, 05 July 2014 08:05 AM

අඩුපාඩු බැලුවට විතරක් මදිනේ, ඒවා හදන්නත් ඕනෑ (නි)

:       0       0

කාන්ති Saturday, 05 July 2014 08:30 AM

පක්ෂ විපක්ෂ භේද අවශ්‍ය නැහැ. මේවා හොඳ වැඩ (නි)

:       0       0

ගාමිණී -සිරි Saturday, 05 July 2014 09:39 PM

නරකද ගම්බද දුප්පත් ජනතාවගේ සෞඛ්‍යය,ආදායම,කනබොන හැටි,මන්දපෝෂණය,දරුවන්ගේ අධ්‍යාපනය. පොල් අතු වහලයට ටකරන් ටිකක්,අඩු වශයෙන් කිරි පිටි පැකට්ටුවක්, සීනි කිලෝවක් , තේ කොල ග්‍රැම් 100 ක් ගෙනිහිහින් දුන්නා නම්... කොපමණ පිනක්ද ? (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 05 July 2014 09:42 AM

හැබැයි සෞඛ්‍ය මැතිතුමා නම් කිව්වේ ලංකාවේ සෞඛ්‍ය සේවය එළකිරි කියලා. (නදී)

:       0       0

ශ්‍රියාණි Saturday, 05 July 2014 11:01 AM

අනේ මේවා හොද වැඩ කරනවානම් ? (නදී)

:       0       0

ප්‍රියාන් Saturday, 05 July 2014 11:23 AM

බලය තියෙන කොට මොලේ නැහැ. මොලේ තියෙන කොට බලේ නැහැ කියන්නේ මේවට තමයි. (නදී)

:       0       0

සේනාරත්න Saturday, 05 July 2014 11:46 AM

රජය සම්බන්ද හැම දේටම වැරදි කියන එක හොඳ නැහැ හොඳට හොඳ කියන්න අඩුපාඩු තිබෙන්න පුළුවන්. කුහකකම පිටුදැකිය යුතුය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site