පාර්ලිමේන්තුවේ දී තාජුඩීන් ගැන කතා කළ තමන්ට මන්ත්‍රීවරු කිහිප දෙනකු සභාගැබේ දී ම මරණ තර්ජන කිරීමෙන් තම වරප්‍රසාද කඩ වූ බවත් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය. මන්ත්‍රීවරයා පවසන්නේ මන්ත්‍රීවරු තිදෙනකු තමන්ට සිකුරාදා පහර දීමට තැත්කරමින්, තාජුඩීන් ගැන කතා නොකළ යුතුයැයි ද පවසමින් ඔවුන් මරණ තර්ජන කළ බවයි.
රහුමාන් මන්ත්‍රිවරයා මෙසේ ද කිවේය.
‘‘මා තාජුඩීන් සම්බන්ධයෙන් කතා කළාට පස්සේ මට පහර දීමට තැත්කරමින් ජොන්ස්ටන් ප්‍රාන්දු, සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරු තාජුඩීන් ගැන කතා නොකළ යුතුයැයි කිවා. ඔවුන් මට මරණ තර්ජන කළා. මෙය මගේ වරප්‍රසාද කඩ කිරීමක්. මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. “
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කථානායක කරු ජයසුරිය මහතා පැවසුයේ අදාළ කාරණය වරප්‍රසාද කමිටුවට යොමුකරන අතර සති දෙකක් ඇතුළත තීරණයක් ලබාදෙන බවයි
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාප මන්ත්‍රීට මරණ තර්ජන
කමල් Sunday, 13 December 2015 09:57 AM
සනත් ඔහොම කතා කියන්න එපා . දක්ෂ රගර් ක්‍රීඩකයෙක් රටට අහිමි වුණේ. (ස)
මිහිරි Saturday, 12 December 2015 12:23 PM
කට කැඩිච්ච කතා කියන්නේ නැතුව රටේ දියුණුවට දෙයක් කියන්නකො. (නි)
සේතන් Saturday, 12 December 2015 12:25 PM
මේ වගේ අයට ඡන්දෙ දුන් අපිට තමා ගහන්න ඕනෑ. (නි)
මොහොමඩ් Saturday, 12 December 2015 12:27 PM
අනේ ඇත්තට කාටවත් පුටුවක්වත් අහුවුණේ නැද්ද මේ කටවල් වහන්න (නි)
පිටබැද්දර ජයා Saturday, 12 December 2015 12:43 PM
පාතාලයෝ සිටිය යුත්තේ සිරමැදිරියක වුණත් අපේ අවාසනාවට සමහරු ඉන්නේ පාර්ලිමේන්තුවේය. අඬනවාද? වැළපෙනවාද? දිවි නගහන්නවාද? (නි)
දර්ශන Saturday, 12 December 2015 12:52 PM
බලය ගිලිහිලා තවම අවුරුද්දක්වත් නැහැනේ. පරණ පුරුදු එකපාරටම අතහරින්න අමාරු ඇතිනේ. (නි)
ලංකා Saturday, 12 December 2015 12:57 PM
නූගත් අය නිසා මෙවන් දේ සිදුවීම වළක්වන්න බැහැ. රටේ අනාගතයට අපල කාලයක්. (නි)
ලියොන් ගුණවර්ධන Saturday, 12 December 2015 02:24 PM
මෙසේ දාමරිකයන් ලෙස පාර්ලිමේන්තු සභාගැබේදී හැසිරෙන මන්ත්‍රීන්ගේ මන්ත්‍රීධූර වහාම අහෝසිකර ඔවුන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කළයුතුය (නි)
ඩිල්ෂාන් Sunday, 13 December 2015 02:08 PM
තාජුඩීන් සහ ඇවන්ගාඩ් ගැන කතා කරමින් ඉන්නවා පමණයි. වෙන මොනම දෙයක්වත් කරන්නේ නැහැ. (නි)
සනත් Saturday, 12 December 2015 04:40 PM
දැන් රටේ තිබෙන දැවෙන ප්‍රශ්නය තාජුඩීන්. මිනිසුන්ට වෙන වැඩ නැහැ... (නි)
ප්‍රසන්න Sunday, 13 December 2015 04:27 AM
උසාවිය තියෙන්නේ ඒවා ගැන පරීක්ෂණ කරන්න.නමුත් මේවා පාර්ලිමේන්තු ගෙනෙන්නේ රටේ ජනතාවගේ අවදානය වෙනතකට යොමුකරන්න. (ම)