IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එජාපෙයි සන්ධානෙයි වෙනස ගැන ආරක්ෂක රාජ්‍ය ඇමැති කියයි

වත්මන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බියගම ආසනයේ සිදුකළ දැවැන්ත සංවර්ධනය එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ඉදිරියට ගෙනයන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ගෝනවල, නාගහමුල පැවැති ජනහමුවකදී පැවසීය.

‘මහවැලි සංවර්ධන ව්‍යාපාරය සම්බන්ධව ගාමිණී දිසානායක මහතා ගැන, මහපොළ ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් ලලිත් ඇතුලත්මුදලි මහතා ගැන නිතර සිහි කරනවා. නිවාස දස ලක්ෂයේ ව්‍යාපෘතියේදී හිටපු ජනපති ප්‍රේමදාස මහතා සිහිකරනවා. ජාතික තරුණ සේවා සභාව මගින් සිදු කර සේවාවලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගැන කියනවා. නමුත් පසුගිය සන්ධාන රජය ගැන කතා කරන්නේ කුඩු, එතනෝල්, වංචා, දූෂණ ගැනයි. ඒවාට සම්බන්ධ මැති ඇමැතිවරු ගැන කතා කරනවා. ගුවන්යානා නැති ගුවන් තොටුපළවල්, නැව් නැති වරායවල්, ක්‍රීඩා කරන්නේ නැති ක්‍රීඩා පිටි ගැන කතා කරනවා. ඒකයි එජාපයෙයි සන්ධානෙයි වෙනස. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ පසුගිය ඒකාධිපති පවුල් වාදයට යළිත් රට පත් නොකර ජනවාරි 8 වැනිදා ගත් බුද්ධිමත් තීන්දුව අගෝස්තු 17 වැනිදාටත් ගන්නා ලෙසයි‘

 



අදහස් (0)

එජාපෙයි සන්ධානෙයි වෙනස ගැන ආරක්ෂක රාජ්‍ය ඇමැති කියයි

පිවිතුරු යහපාල Monday, 13 July 2015 05:20 AM

කව්රුත් දන්නේ නැති දෙයක් මම කියන්නම්, මහවැලිය හා අර නිවාස ව්‍යාපෘතිය කරන්න ඒ කාලේ ආණ්ඩුවට උපදෙස් දුන්නේ ඩී ඒ රාජපක්ෂ මැතිතුමා. අපේ ආණ්ඩුව කුඩු හා එතනෝල් ගෙනාවේ නෑ. (බ)

:       0       0

සදා Monday, 13 July 2015 05:52 AM

දැවැන්ත සංවර්ධනය ? (ර)

:       0       0

කුමාර Monday, 13 July 2015 06:00 AM

මහතයෝ අවරුදු 30 කට වැඩි කලක් අපි දුක් විදපු එල්ටීටී යුද්දය නිම කළේ කවුද? විජේවීර සහ සිංහල කොල්ලන් දහස් ගානක් මැරුවේ කවුද මහත්තයෝ? ඔබතුමාගේ මතකය චෙක් කරගන්ට නැවත වරක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site