IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එජාපය රැක ගත් දෙලක්ෂ පනස්දාහට ස්තූතියි

(අංජුල මහික වීරරත්න)

ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස  ඩී.බී. විජේතුංග ජනාධිපතිවරුන්  සමඟ පක්ෂය ආරක්ෂා කරමින් එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට පත්ව රටේ නායකත්වය කරා තමා පැමිණියේ එජාප  පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර සමගි ජන බලවේගය ගොඩනැඟූ නමුත්  ඔහුගේ  පියාගේ පාලන සමයේ දී පක්ෂය කැඩීයාමට ගිය අවස්ථාවේ එය ආරක්ෂා කර දුන්නේ තමා බවද  ජනාධිපතිවරයා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය නැති කිරීමට ඇතැමුන් උත්සාහ කළ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගැනීමට ඡන්දය ලබා දුන් දෙලක්ෂ පනස්දහසට මම ස්තූතිවන්ත වෙන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  මහනුවර ජනාධිපති මන්දිරයේදී  පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුව අමතමිනි



අදහස් (9)

එජාපය රැක ගත් දෙලක්ෂ පනස්දාහට ස්තූතියි

අරවින්ද මොනරවිල Monday, 08 April 2024 12:42 PM

රටේ ගව සම්පත

:       6       62

Bamunuarachchi Monday, 08 April 2024 01:31 PM

මේකට තමයි කියන්නේ ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩනවා කියලා. 69 ලක්ෂක ඡන්දය වක්‍රව ලැබිලා බලයට ඇවිත් දැන් රට බෙදන්න ඡන්දෙ දීපු එජාපයින්ට ස්තුති කරනවා. 2005 බලයට ආවානම් අද අපිට සිංහල රටක්‌ නැත. දැන් අනුරයා කොරන්න හදන්නේ 2005 ඔබ‍ට බැරි වුණ කොටසය.

:       10       46

සෙනෙවිරත්න Monday, 08 April 2024 01:51 PM

මොන බොරු කීවත් ඇත්තක් කිව්වා. දෝෂාභියෝගය වෙලාවේ පක්ෂය රැකගෙන ප්‍රේමදාස රැකගත්තෙ මෙයා. ඒ නායකත්වය ගැන ඉවසල්ලක් තිබුණ නිසා, සජිත්ට ⁣ඒ ඉවසිල්ල නැති නිසා කවදාවත් පක්ෂය ගොඩගෙන රටේ නායකත්වය ගන්න බැරිවෙනවා.

:       31       11

M.Dharmasiri Monday, 08 April 2024 02:13 PM

එය නිවැරැදිව හඳුනාගත් පිරිස බව දැන් වැටහෙනවා ඇති...!

:       22       7

Nilantha Monday, 08 April 2024 02:56 PM

තමන්ගේ ප්‍රතිපත්ති රටට ඉදිරිපත් කරලා දේශපාලනය කරන්න. හැමතැනම සජිත් ගැනයි, සජබ ගැනයි කියවන්නේ නැතුව. රෑට හීනෙනුත් සජිත්ට බය වෙනවා ඇති...

:       9       24

රාලහාමි Monday, 08 April 2024 03:51 PM

මිනීමරු හොර නාකියෝ, ඒ එදා. අද තමුසෙට පනස් දාහක්වත් නැහැ.

:       5       12

ගමේ එකාලා Monday, 08 April 2024 04:15 PM

ආසනයෙනුත් පැරදිලා පිනට ජනාධිපති වෙලා, තමුන් දැන් කරන්නේ රාජපක්ෂවරු රකින එක මිස වෙන මොනවද ?

:       6       14

Bamunuarachchi Wednesday, 10 April 2024 02:49 AM

ගමේ එවුන් කොහෙද රටේ වෙන ඒවා දකින්නේ. රාජපක්ෂ වරු රකිනවා කියන්නේ රට රකිනවා කියන එක. රාජපක්ෂවරු නොසිටියානම් අද සිංහල රටක්‌ කොහෙද ගමයෝ? එහෙනම් සිංහයෝ සිල්වා, පෙරේරා උනා වගේ අද උඹලා සින්න ලිංගම්ලා, සුබ්බරමනියෙනම් ලා. උඹේ පුතා ගමේ එකාලගේ සින්න ලිංගම්. නැද්ද අම්මපා?

:       0       0

Peiris Tuesday, 09 April 2024 11:09 AM

ඔය ලක්ෂ දෙකහමාරත් ඊළඟ චන්දෙන් නැති වෙනවා .පක්ෂේ කාපු මූසලයා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site