IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


එජාපයේ මන්ත්‍රීවරු 6කට හෙට නියෝජ්‍ය අමාත්‍යධූර

රංජන් කස්තුරි

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හය දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යධූර ලබා දීමට තීරණය කර තිබෙන අතර ඉන් පස් දෙනෙකු හෙට (12) ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමට නියමිතය.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නලින් බණ්ඩාර මහතා දිවුරුම් දෙන අතර , ලකී ජයවර්ධන මහතා කඳුරට උරුමය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ,  අජිත් මාන්නප්පෙරුම මහතා මහනගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් , රංජිත් අලුවිහාරේ මහතා සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් . එඩ්වඩ් ගුණසේකර මහතා අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිව්රුම් දීමට නියමිතය.

එමෙන්ම කලක් තිස්සේ කිසිදු අමාත්‍යධූරයක් නොලැබුණ බුද්ධික පතිරණ මහතාට මෙවර වෙළඳ වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවිරුම් දීමට නියමිත අතර ඒ මහතා විදේශගතව සිටින බැවින් එම  නියෝජ්‍ය අමාත්‍යධූරය පසුව දිව්රුම් දෙනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (22)

එජාපයේ මන්ත්‍රීවරු 6කට හෙට නියෝජ්‍ය අමාත්‍යධූර

sanath Monday, 11 June 2018 06:14 PM

බුද්දික පතිරණ තමයි ඔතන ඉන්න පරණම පාර්ලිමේන්තු මන්ත්‍රී. නියම විධියට නම් එයාට කැබිනට් ඇමති කමක් දෙන්න ඕන. නමුත් එයාගේ ෆාදර් ඉන් ලෝ විපක්ෂෙට ආවඩන නිසා දිගටම කැපුනා.

:       0       0

faizer Monday, 11 June 2018 06:53 PM

අපිට ඉතින් සොරි ඩොට් කොම් තමා. තව බදු ගහමු. පරණ ණය, අලුත් ණය එහෙම ගෙවන්නත් තියෙනවනේ. මන්ත්‍රීවරු ඇමතිවරු උනහම සොරිම තමා. ඔහම යන්. ඔහම යන්....

:       0       2

raheem Monday, 11 June 2018 07:07 PM

මුළු රටම ණය වෙලාලු ඉන්නේ ඔය විදියට ආණ්ඩුවේ ඉන්න ඔක්කොම මන්ත්‍රි ඇමතිකම් දෙන්න. මෙහෙම ඇමතිකම් දෙන්න යහ පාලනේ ගිවිසුම් ගහලද තියෙන්නේ? ජනතාවට සහන දෙන එකද ලොකු නැත්නම් ඇමතිකම් හද හදා දෙන එකද ලොකු ? මොනවද ඔය තරම් දෙන්න යන ඇමතිවරුන්ට තියන වැඩ?

:       0       14

sirimal Monday, 11 June 2018 09:09 PM

මේ දවස්වල කැරට් අල ලාබද? මේ කරන්නේ එක්සත් ජාතික පක්ෂය නැති බංගස්ථාන කර දැමීම උදෙසා ආණ්ඩුවේ පාර්ශව කරුවන් විසින්ම ගෙනයන යටි කුට්ටු වැඩ පිළිවෙලට තව තවත් උල් පන්දම් දීමකි. හොරු අල්ලන පොරොන්දුව පිට බලයට පැමිණි ආණ්ඩුව මෙතෙක් කල් කලේ මහ බැංකු කොමිසම පිහිටුවා ආණ්ඩුවේම පාර්ශවයක් අමාරුවේ දැමීමය. අල්ලනවා කීව මහා පරිමානයේ හොරු මේ වැඩ පිළිවෙලට මුවාවෙමින් දැන් බලය අල්ලා ගැනීමේ ව්‍යාපාරය ඉතා සාර්ථකව කරගෙන යයි. ඇත්ත නැත්ත කෙසේවෙතත් මහ බැංකු මංකොල්ල කරුවා අගමැති බව මහජනතාවගේ සිත් සතන් තුලට ගිලා බැස්සවීමට පරණ ආණ්ඩුවේ කොටස්කාරයින්ට අයත් මාධ්‍ය සමත්වී ඇත. හිසේ කකුමක් හැදුන වෙලාවට බෙහෙතක් ගන්නවා මිස පරණ කොට්ටය මාරු කිරීමෙන් වැඩක් වෙන්නේ නැත.

:       0       6

SAM Monday, 11 June 2018 11:02 PM

අනේ ලංකාවේ ඔක්කම ඇමතියෝ උප ඇමතියෝ කරපල්ලකෝ. එතකොට ලෝකෙම දුප්පත්ම රට කියල නොම්මර එකට එන්ඩ පුළු වන්. මහා කාලකන්නි දේශ පාලුවෝ ඉන්න රටක්. හොර නොකාපු හොර නොකන එක දේශ පලුවෙක්වත් හොයා ගඳ බැරි එකම රට.

:       0       18

lalithsjm Tuesday, 12 June 2018 01:11 AM

ජයවේවා හෙට ඉදලා ඔබලා ස්වයන් පෝෂිතයි.

:       0       6

rocky Tuesday, 12 June 2018 01:42 AM

උන්නැහේලගේ පුත්තු එලවන වාහන වලිනුත් ගෙවල් පරිස්සම් කර ගන්න හුදී ජනයාට සිද්ධ වේවිද?

:       0       10

gayan Tuesday, 12 June 2018 01:58 AM

යහපාලනය .....

:       0       5

Sisira Tuesday, 12 June 2018 02:16 AM

තවත් බදු ගෙවීමක්

:       0       2

සතයපාල Tuesday, 12 June 2018 02:20 AM

රට ඇමතිවරුන්ගෙන් නියෝජය ඇමතිවරුන්ගෙන් හා රාජය ඇමතිවරුන්ගෙන් නම් සංවර්ධිතයි.මහින්ද රාජපක්ෂ යුගයේ ලෝකයේ ලොකුම ආමාතය මණ්ඩලය පිහිටුවලා තිබ්බ වර්ථාව කඩන්න තව කීයද අඩු කියලා කාට හරි කියන්න පුළුවන්ද අපේ හාමුදුරුවනේ !

:       0       2

Bamunuarachchi Tuesday, 12 June 2018 02:31 AM

මරේ මරු නියෝජ්‍ය අමාත්‍යධූර වැඩි වෙනවා අද තව පත්තරය තිබුනා පරිපාලන සේවයේ සිටින නිලදාරීන්ට රු 50000 ක් නැතිනම් ලක්ෂ බාගෙක මාසික දීමනාවක් දෙන්න අනුමත කොරලාලු. රජයේ නිලදාරීන්ට අවුරුදු 10 සැරයක් දීපු බදු රහිත වාහන දැන් අවුරුදු 5 න් 5 ට දෙන්න යනවාලු. අනේ මේවා නුඹලා ලබන්නේ දෙන්නේ අර අහිංසක වයස්ගහත මිනිසුන්ගේ තැන්පත් මුදලට ලැබෙන පොලී මුදලට කෙලලා නේද? පාමසියකට ඇවිත් බලපල්ලා ජීවිත කාලයටම එකම බෙහෙත ගන්න ඕනේ මිනිස්සු බෙහෙත් ගෙනියන්නේ දවස් 4 - 5 කට. මිනිසුන් ට සල්ලි නැහැ බදු ගෙවනවා. පුළුවන් එකා වටමේස සාකච්චා තියලා චැනල් සේවය නවත්වල උන්ගේ බදු අඩුකොරගන්නවා මේ මිනිස්සු වෙනුවෙන් අපි මෙතන යමක් ලීවොත් හැරෙන්නට කතා කොරන්න කෙනෙක් නැත.

:       0       203

Raveendra Tuesday, 12 June 2018 02:46 AM

දැන් එතකොට ඉන්න තරමක් ඉන්නේ "මැති, ඇමතියෝ" විතරයි වගේ දියවන්නඔය ගාලේ.

:       0       7

Raveendra Tuesday, 12 June 2018 02:46 AM

දැන් එතකොට ඉන්න තරමක් ඉන්නේ "මැති, ඇමතියෝ" විතරයි වගේ දියවන්නඔය ගාලේ.

:       0       15

akila Tuesday, 12 June 2018 02:53 AM

අපු දවස් වල ඉඳලම කලේ ඒ ගොල්ලොන්ට බෙදා ගන්න එක විතරයි . මෙන්න සංවර්දනය !

:       0       1

kalani Tuesday, 12 June 2018 03:31 AM

මගේ මව්බිම කේතුමතී රාජධානියක් වෙත කැදවා ගෙන යාමට පෙර ගමන්කරුවන් කොපමණ අවශ්‍ය වෙත්ද?

:       0       7

ලුම්බිණි Tuesday, 12 June 2018 03:48 AM

තව කට්ටිය ඉතුරුවෙලා ඉන්නවද ඇමති කම් නැතුව?

:       0       2

රවින් Tuesday, 12 June 2018 03:49 AM

මේ පාර්ලිමේන්තුවේ තව කීදෙනෙක් ඉන්නවද මන්ත්‍රී කමට අමතරව මොකක් හෝ තනතුරක් නොමැති අය. ඔය තනතුරු ගරුතර කටයුතුද? යම්කිසි වේතනයක් ලබාගන්නවා නේද? මහජනයාගේ රීරි මාංශ උරාබෝන්නේ නැතිව සියලුම අදායම් වලට බදු අයකරන්න. දුප්පත් ජනතාවට තව ඉතිරි වෙන්න දෙයක් නැති තරමටම ඔවුන්ගේ රීරි මාංශ උරා බොන එක දේශපාලුවන්ගේ ලොකුම මහජන සේවය වෙලා.

:       0       243

කිං දාවිත් Tuesday, 12 June 2018 03:54 AM

සල්ලි වැහි වැහැලා වියදම් කරගන්න විදිහක් නැතුව ඉන්නෙ.. තව දාපල්ලා කාලකන්නි මල පෙරේතයෝ.. රටත් කාලා විනාස කරලා අපිව මරලා දාපල්ලා...

:       0       194

Ranjan Tuesday, 12 June 2018 04:38 AM

ලක්ෂ 62 ඔන්න තවත් කට්ටිය වැඩි වෙලා. ඔබට සතුටුයි නේද දැන්......? හි..... හි........ හි.......

:       4       42

wasantha Tuesday, 12 June 2018 04:59 AM

බුද්ධික පතිරණ ඇමතිවරයාට අපේ උඋසුම් සුබපැතුම්.!

:       12       5

Vidya Tuesday, 12 June 2018 05:23 AM

මේ ගොල්ල 8 වත් පාස් නම් හොඳා...

:       0       8

kalani Tuesday, 12 June 2018 09:07 AM

මුළු මහත් රැය පුරා - තොල ගාමු මධු විත -නටමු අපි -එපමණක් නොව - පුදුමයකි ඇමතිවරු අඩ දුසිමක් -නටති අප සමඟ. එන්න පිය මිතුරනි පුරවන්න මේ කුසලානය ...උතුරා ගලා යන සතුටු කඳුලෙන් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 195 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 202 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 1966 2

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 2184 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 988 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 2797 2

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 77 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1307 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 334 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site