(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි මහ ලේකම්වරයා වන දහම් විමලසේන මහතා අද (09) අභාවප්‍රාප්ත විය.
එක්සත් ජාතික පක්ෂය 1977 දී බලයට පත් වන විට එජාප මහ ලේකම් ධුරය දැරුවේ දහම් විමලසේන මහතාය.
2001 වසරේදී කෙටි කලකට පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ විමලසේන මහතා හැත්තෑව දශකයේ අගභාගයේ සිට වසර නවයක් පමණ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් පරිපාලකයෙකු වූ විමලසේන මහතා අසූව දශකයේදී ගාමිණී දිසානායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCSCSL) සභාපතිවරයා ලෙස කටයුතු කරන විට එහි උප සභාපතිවරයකු ලෙසද විමලසේන මහතා කටයුතු කළේය.
විමලසේන මහතා 1990 දී ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ බාරකරු බවට පත් වූ අතර 2004-2013 දක්වා එහි සභාපතිවරයා විය.
විමලසේන මහතාගේ දේහය කොළඹ ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (10) හවස බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එජාපය බලවත්ම කාලයේ සිටි මහ ලේකම් සමුගනී
කරුණාජීව Thursday, 09 March 2023 09:07 PM
මෙයා තමයි නියමුවා, තෙල් සංස්ථාවට පක්ෂයේ මිනිස්සු පුරවා සේවක අතිරික්තයක් ඇතිකරන තැනට වැඩ හදපු.. ඒ ක්‍රමවේදය ඉන්පසුවට පැමිණි සියලුම රජයන් විසින් අනුගමනය කෙරුවා.. 77 දී සෞඛ්‍ය, ගමනාගමන, මහවැලි, සහ තවත් රජයේ ආයතනවලට ඒ ආදර්ශය ලබාගනිමින් රාජ්‍ය ආයතන පහළට වැටුණා... සුබ ගමන්...!
සීජේර Friday, 10 March 2023 09:55 AM
අසූව දශකයේ මැද භාගයේ උපන් මා දේශපාලන සාක්ෂරතාව හැදෑරීම තුළ මෙම දේශපාලන චරිතය පිළිබඳ හැදෑරීමේදී වැටහි ගිය කරුණක් වූයේ තිරය පිටුපස දේශපාලන නායකත්වය හා ක්‍රීයාකාරීත්වය යනු වෙනත්ම කලාවක් බවයි. මොහු අතිශයින් සාර්ථක මහාලේකම්වරයකි...
සෙනෙවිරත්න Sunday, 12 March 2023 06:13 AM
ඔවුන්ට සාර්ථකයි, ජනතාවට පස්, මේ වගේ අය ගැන කතා කරන එකත් පවක්...