IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එජාපය නැගිටින විට රටත් නැගිටිනවා

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය වැටුණු හැම අවස්ථාවකම රට කඩා වැටුණු බවත් නැවත එක්සත් ජාතික පක්ෂය නැගිටින වෙලාව උදාවී තිබෙන බැවින් රටට ද හොඳ කාලයක් උදාවනු ඇතැයි එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සර සැමරුම අමතමින් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පක්ෂය මෙන්ම රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන බවද එජාප මහ ලේකම්වරයා කීය.

එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරය ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් චාම් හා අභිමානවත් අයුරින් අද (06) පෙරවරුවේ සිරිකොත මන්දිරියේදී පැවැත්විණි. 77 වන සංවත්සරය සමරමින් එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කරණයට ලක් කිරීම ද එහිදී සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ "2048 ජයගමු" සංකල්පය අනුව යමින් ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ ඉතිහාසයේ පළමුවරට දේශපාලන පක්ෂයක කටයුතු ඩිජිටල්කරණයට ලක් කෙරුණු අවස්ථාව මෙය බව එක්සත් ජාතික පක්ෂ පවසයි.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පාක්ෂිකයන් දේශපාලන නායකයින් සහ සිරිකොත පක්ෂ මූලස්ථානය නවීන ක්‍රමවේද ඔස්සේ සම්බන්ධීකරණය කරමින් අදහස් හුවමාරු කර ගැනීමටද මේ අනුව අවස්ථාව උදා වේ.

පක්ෂයේ දිවංගත නායකයින් පිළිරූ වලට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදු කෙරිණි. සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේබණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, උපනායක අකිල විරාජ් කාරියවසම්,උප සභාපති සුනේත්‍රා රණසිංහ,හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න මහත්වරු දිවංගත නායකයන්ගේ පිළිරූ වලට පුෂ්පෝපහාර දැක්වූහ.

ඡායාරූප රුෂිරු කොළඹතන්ත්‍රිගේ

 



අදහස් (10)

එජාපය නැගිටින විට රටත් නැගිටිනවා

Nimal Wednesday, 06 September 2023 05:31 PM

ජනතාව විසින් වලපල්ලට යවා තිබූ එජාපය..., පොහොට්ටුවේ වරදින් යළි නැගී සිටි දා සිට රටම මරණ මංචකයට ඇද වැටෙමින් සිටිනවා.

:       2       14

de silva Wednesday, 06 September 2023 05:41 PM

නැගිට්ටවන්න එන්නේ මරු සෙට් එක... සමහරුන්ට ගාලු දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5000ක් ගන්න බැහැ. අපි කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා හිතුවද?

:       1       16

DHARMATILEKE Wednesday, 06 September 2023 06:34 PM

හිනා හිනා හතර හිනා, හැරමිටි ඕනෑ නම් කියන්න...!

:       2       13

Rata Perata Wednesday, 06 September 2023 08:24 PM

මොවුන් සෙටි එක දකින කොටත් වමනෙට එනවා.

:       0       2

Kumara Wednesday, 06 September 2023 11:12 PM

පක තමයි

:       0       1

Rohana Thursday, 07 September 2023 08:44 AM

බලය ඉල්ලන්නේ තවත් වටයකින් වැටුපින් අයකරන බදු ඉහළ දමා රජයේ ආදායම වැඩිකර ගැනීමටයි. තවතවත් ණය අරගෙන ලෝකෙට ලංකාව වාර්තාගත ණයකාරයෙක් කරන එක වැඩි ඈතක නොවේ.

:       0       1

Bamunuarachchi Thursday, 07 September 2023 10:10 AM

එජාපය බංකොළොත් වෙන කොට රටත් බංකොළොත් වෙනවා. ඒකයි රටට වුනේ...

:       0       2

ගමේ එකාලා Thursday, 07 September 2023 11:37 AM

දෙකොනින්ම හිනා යනවා. පොහොට්ටුකාරයින්ට යනඑනමන් නැති වුණු නිසා පින් ජනාධිපති කෙනෙක් ලැබුණා.

:       0       1

Bamunuarachchi Thursday, 07 September 2023 11:24 PM

නැතුව කාලකන්නි ජෙප්පන්ට රට බාර දෙන්නයැ?

:       0       1

Bunny Preena Thursday, 07 September 2023 02:03 PM

වැරදිලාවත් වැඩිවෙන්න එපා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site