( රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.
එයට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයේ කැමැත්ත ලැබී ඇති බවත් හෙතෙම කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ , කිසිදු බෙදීමක් නැති බවත්, බහුතරයගේ කැමැත්ත වී ඇත්තේ අලියා ලකුණින් තරගකිරීම නිසා පාර්ලිමේන්තුව විසිරුවූ සැණින් අලියා ලකුණින් නාම යෝජනා බාරදීමට, නාම යෝජනා මණ්ඩලද මේ වන සූදානමින් පසුවන බවත් රවි කරුණානායක මහතා සඳහන් කළේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ විශේෂ රැස්වීමකදී හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.
( ඡායාරූප හා වීඩීයෝ -රොමේෂ් ධනුෂ්ක සිල්වා)
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ
ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්
කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘එජාපය අලියා ලකුණින් තරග කරනවා ‘
pradeepa Monday, 02 March 2020 07:16 AM
අනේ රවී..., අලියා හරි, බූරුවා හරි, ගොනා හරි ඉක්මණට ලකුණක් දාගන්න ඔයාලා හැමදාම පරක්කුයිනේ...
RaveendraMonday, 02 March 2020 02:04 PM
අපි නම් රවී ගොයියට යෝජනා කරන්නේ ඔය ඉන්න අහිංසක අලියට නිදහසේ ඉන්න දීලා කැමති ලකුණ රවී ගොයියලාට ගත්තොත් ගොඩම තමයි. ඉතින් රවී ගොයියෝ ඔන්න අපි සත්ගුණවත් රවී පින්හාමිට ගැලපෙන ලකුණු ටිකක් කිව්වා.
lalithm Monday, 02 March 2020 07:28 AM
පිළුණුවුණු බත් අලි කෑවට මිනිස්සු කන්නේ නැහැ. හොඳින් මතක තියාගන්න එක හොඳයි. මෙදාපාර පිටිපස්ස බිම උලාගෙන ඉන්න වේවි...!!!
kusal Monday, 02 March 2020 08:04 AM
ඔය මොකෙන් ආවත් රනිල්, රවී, රිෂාඩ්.. ඉන්න පක්ෂයකට අපි ඡන්දේ දෙන්නේ නැහැ..!
Dasun Monday, 02 March 2020 08:04 AM
තනියෙන් ඉල්ලලා සියයට 1ක් වත් අලියට ලැබෙන්නේ නැහැ. ඩීල් ඔබලා දේශපාලනයෙන් අතුගාලාම දාවි...
thilak Monday, 02 March 2020 08:24 AM
ඔබට, මට තියෙන එකම ගැලවුම අලියාගෙන්, ඉදිරිපත් වෙලා ආණ්ඩුවට හේත්තු වුනේ නැත්නම් මහගෙදර උළු ගණන් කරන්න වේවි... ලොක්කාටත් ඒක තමයි.
hemantha Monday, 02 March 2020 08:29 AM
මොන සලකුණින් මොන පක්ෂයෙන් ආවත් හොරුන්ට, වංචනිකයින්ට ඡන්දය නොදීමට තීරණය කළෙමි..
Darshana Monday, 02 March 2020 08:30 AM
අහෝ, හදවත, හංසයා ....
Mahesh Monday, 02 March 2020 08:31 AM
එක්සත් රනිල් පෙරමුණ... දැන් ඉතුරු වෙලා ඉන්නේ හොරු සහ ඩීල්කාරයින් විතරයි.
CiscoMonday, 02 March 2020 10:01 AM
එහෙම නම් ෆුට් නෝට් කල්ලිය, නිධන් හාරපු කට්ටිය සහ මහා බැංකු හොරා කාපු කට්ටිය හංසයා, හදවත ළඟද?
wimal Monday, 02 March 2020 08:42 AM
පොහොට්ටුවට ජය නියතයි 2/3ක බලයට...
[email protected]Monday, 02 March 2020 10:28 AM
පොහොටුවට හා එ්කේ ඉන්න ලොක්කන්ට නම් හැමදාම ජය නියතයි.. නමුත් තුන්වේල හරියට කන්න නැති පහළ සාමාජිකයින්ට හැමදාම පරාජය හැරෙන්න වෙනදෙයක් නම් බලාපොරොත්තු වෙන්න එපා..
Bandara Monday, 02 March 2020 08:54 AM
අලියා ලකුණට වඩා මහබැංකු ලකුණ ගැලපෙනවා.
ලුම්බිණි Monday, 02 March 2020 08:59 AM
තමන්ගේ පක්ෂයේ තිබෙන ප්‍රශ්න ටිකවත් හරියට විසඳාගන්න බැරුව ඉන්න පිරිසක් රටේ ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වෙන එක ගැටළුවක් නොවෙයිද? පොඩ්ඩක් හිතලා බලන්න.
ravi Monday, 02 March 2020 09:13 AM
අලියත් එක්ක.. වනගත වෙන්න තමයි වෙන්නේ..!
Kumara Monday, 02 March 2020 10:19 AM
ඕවා ප්‍රශ්නද හලෝ...? විපක්ෂයක් විදියට ඔහෙලාට කතා කරන්න දේවල් නැතිද?
de silva Monday, 02 March 2020 10:50 AM
මොන ලකුණෙන් ආවත් මම බැංකු හොරුන්ට ඡන්දෙ නොදෙමි... හරිනම් බැංකු හොරු ඉන්න ඕනේ හිරේ...