(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත ඔවුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගන්නා නව වැඩපිළිවෙලක් සකස් කරනා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
දිනෙන් දින වෙනස් වන මෙරට දේශපාලන වාතාවරණය දෙස අවධානය යොමු කර ප්‍රධාන ධාරාවේ නියෝජිතයන් මෙන්ම ගම් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු සෑම පක්ෂයක්ම නියෝජනය කළ දේශපාලන ක්‍රියාකාරීන් පක්ෂයට එකතු කර ගැනීමේ වැඩ කටයුතු ඒ අනුව කඩිනමින් ආරම්භ කරනා ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.
හැකි ඉක්මණින් මෙම වැඩපිළිවෙල සකස් කරන ලෙසත් ඒ අනුව පක්ෂයේ ඉදිරි කටයුතු ආරම්භ කරනා ලෙසත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් දෙනු ලැබුයේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන ,මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙළේ දේශපාලන රැස්වීමක දී ය.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාපයත් සැලුන් දොරක් දමයි
Lumara Saturday, 29 October 2022 09:37 AM
සැලුන් දොර කෙසේ වෙතත් පොල්කොටන්, වැසිකිළි දොර නම් දායි.
Hafeel Saturday, 29 October 2022 10:42 AM
නමුත් එක්සත් ජාතික පක්ෂ සැලුන් දොරෙන් පාක්ෂිකයින් පිට වෙනවා මිස ඇතුළට නම් කවුරුත් එන්නේ නැහැ. හරියට කියනවා නම්, වාන් දොරටුව වගේ...
චින්තක Sunday, 30 October 2022 06:29 AM
සැලුන් දොරක් දැමීමට කිසිම වැඩක් නැහැ? මොකද මූලස්ථානයේ සිටින සමහරක් අයට ජනතා ඉල්ලීම් කරන්න පුළුවන් කාටද? බැරි කාටද? කියලා තේරුම් ගන්න බැහැ... ප්‍රශ්න තේරෙන්නේ නැහැ. හැමදාම වෙන්න ඇත්තෙත් ඒකම තමයි කවුද නිකරුණේ අමාරුවේ වැටෙන්න කැමති..?