(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ අප්‍රේල් මස සිට ජූනි මස දක්වා වූ දෙවැනි කාර්තුව තුළ එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
එම කාලය තුළදී එච්.අයි.වී ආසාදිතයන් 181 දෙනෙකු වාර්තා වී ඇති බවත් එය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 39 ක පමණ වැඩි වීමක් බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.
පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී එච්.අයි.වී ආසාදිතයන් 130 දෙනෙකු වාර්තා වී තිබේ.
මෙම වසරේ දෙවැනි කාර්තුවේ වාර්තා වූ එච්.අයි.වී ආසාදිතයන් 181 දෙනා අතර අවුරුදු 15 - 24 අතර පිරිමි 26 දෙනෙකු සහ ගැහැණු 3 දෙනෙකු සිටින බවද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
එසේම දෙවැනි කාර්තුව තුළදී ඒඩ්ස් මරණ 13 ක් වාර්තා වන බවත් මෙම වසර තුළදි මරණ 28 ක් වාර්තා වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් වාර්තාවේ දැක්වේ.
එසේම ලෝකයේ මේ වන විට එච්.අයි.වී ආසාදිතයන් මිලියන 39 ක් සිටින අතර සෑම අවුරුද්දකම අලුතින් ආසාදිතයන් මිලියන 1.3 ක් වාර්තා වේ. එමෙන්ම පසුගිය වසරේදී ඒඩ්ස් සම්බන්ධ රෝග හේතුවෙන් හය ලක්ෂ තිස් දහසක් පමණ මියගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එච්.අයි.වී. අසාදිතයින් වැඩිවෙලා
Saman Tuesday, 29 August 2023 05:24 PM
වැඩි වෙන්නේ නැතැයි .රට ඉඳලා අක්කලා බලාගන්න මෙහෙ ඉන්න අයියලා පොරකනවා මෙහෙ ඉන්න අයියා හැම වත්තකම රිංගනවා .ඕක අහන්න දෙයක් යැයි
අරgalaය Tuesday, 29 August 2023 10:05 PM
අරගලයේ ප්‍රතිඵල කියල නොකිව්වොත් මේක ට්‍රැක්ලන්තය නෙවෙයි
Prabash Wednesday, 30 August 2023 02:43 PM
හැම තැනම ගණිකා මඩම් ,මසාජ් සෙන්ටර් ,කුඩු ,ගණිකා වෙබ් සයිට් කීයක් ලංකාවේ තියනවද