(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
වස්කඩුව අතිසුඛෝපභෝගී සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතික යුවලගේ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා විදේශීය මුදල් ඇතුළු තවත් වටිනා දේපල බහා තිබූ සේප්පුව ( ලොකරය) ඊයේ (5) රාත්‍රී සොරාගෙන ගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි
සොරාගෙන ගිය එම දේපළ අතර රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පවුම් තොගයක් අත් පළඳනාවක් මුදු ,ඔරලෝසුවක් ඇතුළු තවත් දේපල වන බව පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
මිට සති දෙකකට පමණ ඉහත දී මෙරට සංචාරයට පැමිණ එංගලන්ත ජාතික යුවළ එම හෝටලයේ නවාතැන් ගෙන තිබූ අතර ඊයේ (5) රාත්‍රී නවාතැන් ගෙන සිටි කාමරයට පෙනෙන දුරින් ආහාර ගනිමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරයට සූක්ෂම ලෙස ඇතුළු වී වටිනා බඩුබාහිරාදිය දැමීමට හෝටලයෙන් ලබාදුන් සේප්පුවක් බඳු ලොකරය රැගෙන ගොස් තිබූ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියා ගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය කියයි
සොරකම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වි ඇති අතර ඉතා ඉක්මනින් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.
කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එංගලන්ත යුවළගේ ලක්ෂ 10 ක සල්ලි-දේපොළ සොරාගෙන
Sahara Friday, 07 April 2023 01:40 AM
හොටේල් ඒක වග කියන්න ඔනි.