IMG-LOGO

එංගලන්ත තරුණිය පැන්නාද? වැටුණාද?

(බී.ජානක සහ එච් එම් ධර්මපාල)

මුහුණු පොත හරහා  හඳුනාගත් බව කියන මෙරට තරුණයකුගේ ආරාධනයක අනුව පැමිණ ගල්කිස්ස අල්විස් පෙදෙස ‘‘බ්ලූඕෂන්‘‘ නිවාස සංකීර්ණයේ නැවති සිටි එංගලන්ත පුරවැසි තරුණියක එහි 13 වන මහලෙන් බිමට වැටී මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

සිනනයියා අලගේෂ්වරන් රොමීනා නමැති තරුණියකි.

මෙම තරුණිය හෙට දින නැවත එංගන්තය බලා යෑමට නියමිතය තිබූ බව ද පොලිසිය පවසයි.

මෙම සිද්ධිය අද අලුයම2.00 ට පමණ සිදුව තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කත සමග මුහුණු පොත හරහා සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තරුණයා පොලිස් බාරයට ගෙන ඇති අතර ඔහු නීති ශිෂ්‍යයකු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

ගලකිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය මහේත්‍රාත් පරීක්ෂණ පැවැත් වූවාය. ගල්කිස්ස පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදුකරයි.

 



අදහස් (9)

එංගලන්ත තරුණිය පැන්නාද? වැටුණාද?

Perakum Saturday, 09 September 2023 04:49 PM

පැන්නත් නෙවෙයි, වැටුණත් නෙවෙයි මේ කියන තරුණයා ඇය බිමට තල්ලු කරලා කියන එක ඉතා පැහැදිලියි.

:       22       47

කිරිපුතා Saturday, 09 September 2023 06:34 PM

අනේ මන්දා. තරුණියන් මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෑ. හැඟීම් එක්ක ජීවත් වෙන්නේ නැතිව. කිසිම පිරිමියෙක්ව ලේසියෙන් විශ්වාස කරන්න නරකයි...

:       14       62

Pradeep Saturday, 09 September 2023 09:27 PM

2005 රෝයල් පාරක් සිද්ධිය වගේ...!

:       0       1

G. K. Ekanayake Saturday, 09 September 2023 11:58 PM

ඔය අහලකවත් CCTV නැද්ද?

:       0       5

de silva Sunday, 10 September 2023 08:01 AM

සිදිය හරි හැටි නොදැන නිගමන වලට එලබෙන්න බැහැ.

:       0       1

Bamunuarachchi Sunday, 10 September 2023 10:46 AM

කෑගහගෙන වැටුනානම් ඒ තල්ලු කරලා හරි ලිස්සා වැටිලා. නිෂබ්දව වැටුන නම් ඒ පැනලා. බ්‍රිටිෂ් කෙල්ලෙක් සිය දිවි හානි කරගනී කියලා හිතන්න අමාරුයි.

:       0       3

Janaka Sunday, 10 September 2023 04:51 PM

ඔච්චර ලස්සන කෙල්ලෙකුට මේල් ඔන්ලයින් වලින් කොල්ලෙක් හොයාගන්න ඕන ද,මොළය අවුල් කෙනෙක් නිසා වැටෙන්න ඇති

:       0       1

Bunny Preena Monday, 11 September 2023 11:52 AM

දැන් තියෙන්නේ පුදුම විදිහේ ආධාර සම්බන්ධතා. ක්ෂණික ආහාර පාන වගේ... හොඳින් කතා කරකර ඉඳලා සුළු ප්‍රශ්නයක් නිසා විනාඩියෙන්, දෙකෙන් සියල්ල වෙනස් වෙලා හදිස්සියේ ඇතිවූ සුනාමියක් වගේ තියෙන සාමය බිඳලා එය කෙළවර වෙන්නේ ජීවිතයක් බිලිගනිමින්. හරියට හඳුනානොගත් ආධාරයක් නිසා තරුණ ජීවිත නිකරුණේ විනාශ වෙනවා.

:       0       4

බද්රානි Wednesday, 20 September 2023 03:44 PM

ඕක තීරණය කරන්න පුළුවන් උඩ සිට බිමට වැටිලා තියන දුර ප්‍රමාණය අනුව... අසලටම වැටුනා නම් අනිවාර්යයෙන් උස්සලා බිබට අත හැරලා... බිමට වැටිලා දුර ප්‍රමාණය මැනලා තියනවද? කොහොමත් ලංකාවේ මදාවි ගැන විශ්වාස කරන්න බැහැ.. මට හිතෙන්නෙත් මිනීමැරුමක් කියලයි...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site