IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එංගලන්ත කී‍්‍රඩකයන් පන්දුව පළුදු කළා - බොබ් විලිස්

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැති ශුරයන්ගේ කුසලාන තරගයේදී එංගලන්ත කී‍්‍රඩකයන් පන්දුව පළුදු කළේ යයි එංගලන්ත පිලේම හිටපු නායකයකු වන බොබ් විලිස් මහතා චෝදනා කරයි. මෙම තරගය විනිශ්චය කළ විනිසුරුවරුන් වන අලීම් දාර් (පාකිස්තානය) සහ බිලී බවුඩන් (නවසීලන්තය) යන මහත්වරුන් විසින් තරගය සඳහා යොදාගන්නා පන්දු දෙකින් එකක් තරගය අතරමැදදී මාරු කිරීම ඊට හොඳම සාක්‍ෂිය බවද එංගලන්ත පිලේ හිටපු නායකයා කියයි.

තරගයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 7 ක අගනා ජයක් ලබාගත් අතර කුමාර් සංගක්කාර විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් නොදැවී ලකුණු 134 ක් ලබාගත්තේය.

”අපි නිකම් වටේ යන්නෙ නැතිව කෙළින් කතාකරමු”

”අලීම් දාර්...එයා දන්නවා කෙනෙක් (මා එයාව නම්කරන්න යන්නෙ නෑ) එංගලන්තය වෙනුවෙන් පන්දුව පළුදු කළ බව. පන්දුව මාරු කළේ ඒ නිසා තමා” යයි බොබ් විලිස් එංගලන්තයේ ඉතාමත් ජනපි‍්‍රය පුවත් පතක් වන ‘ද සන්’ පුවත් පතට පැවසීය.

එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නකු වන බොබ් විලිස් 80 දශකයේ මුල් භාගයේදී එංගලන්ත පිලේ නායකත්වය දැරීය.

”ඔබට නිකම්වත් දැනගන්න ලැබුණාද පන්දුවට පහර දීපු (ශී‍්‍ර ලංකා* කණ්ඩායම හෝ විනිසුරුවරුන් පන්දුවේ හැඩය ගැන කතාකරනවා?” යයි එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් කඩුලූ 300 ක් දවාගත් පන්දු යවන්නන් සිවුදෙනාගෙන් අයකු වන බොබ් විලිස් විමසීය.

එක්දින අන්තර්ජාතික තරගවලදී දැනට භාවිතා කෙරෙන නීතිරීති අනුව පිටියේ අන්ත දෙකින් පන්දු දෙකක් යොදාගැනේ. එහෙත් පිතිකරුවන් වැරෙන් පහර දීම නිසා පන්දුවේ හැඩය වෙනස්වීම වැනි සාධාරණ හේතු මත පන්දුවක් මාරු කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් විනිසුරුවරුන්ට තීරණයක් ගත හැකිය. එවන් අවස්ථාවකදී පන්දුව වෙනස් කරනු ලබන්නේ පන්දු යවන පිලේ කී‍්‍රඩකයන්ගේ ඉල්ලීම මතය.

ලකුණු 294 ක ඉලක්කයක් කරා යමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 119 කට කඩුලූ දෙකක් දැවී සිටියදී පන්දුව මාරු කිරීම ගැන එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් නොසතුටට පත්ව සිටියේය.

”පන්දුවේ හැඩය වෙනස් වීම නිසා එය මාරු කළා. මේවාගේ තීරණ ගන්නේ විනිසුරුවරුන්. ඇතැම් විට ඒවා නිවැරදි තීරණ නොවේ වගේ අපට පෙනුනත් ඒවා පිළිගන්න  ඕනෑ. ඒකට කරන්න දෙයක් නෑ” යයි තරගයෙන් අනතුරුව ඇලිස්ටෙයාර් කුක් පවසා තිබිණ.

කුක් එසේ කී නමුත් බොබ් විලිස් කීවේ වෙනත් කතාවකි

”අපි කොයිතරම් බොළඳයිද කියලා කුක් හිතනවද දන්නේ නෑ? පන්දුව මාරු කරන්න එයාට උවමනාවක් තිබුණේ නෑනේ...එහෙනම් පන්දුව මාරු කළේ ඇයි?” යයි ‘ද සන්’ පුවත් පතේ නියෝජිතයාගෙන් බොබ් විලිස් විමසා තිබිණ.

තරගයදී පන්දුව සීරීමටත් තැලීමටත් පත්වීම සාමාන්‍ය දෙයකි. එහෙත් නියපොතු හෝ වෙනත් යමක් උපයෝගී කරගනිමින් පන්දුව සීරීමට උත්සාහ කිරීම නිීති විරෝධී කි‍්‍රයාවකි.

පන්දුව වෙනස් කිරීමට හේතුව කුමක්ද යන්න ‘ද සන්’ පුවත් පතේ නියෝජිතයන් විනිසුරුවරුන් දෙදෙනාගෙන්ම විමසා සිටි නමුත් ඔව්හු ඊට හේතු දැක්වීම ප‍්‍රතික්ෂේප කළහ. ඒ වෙනුවට විනිසුරුවරුන් දෙදෙනා කියා සිටියේ ඒ ගැන අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් විමසන ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විනිසුරුවරුන් හෝ කණ්ඩායම් දෙකින් කිසිදු පැමිණිල්ලක් කර නැතැයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාව සෙනසුරාදා නිවේදනය කළේය. එබැවින් ඒ සම්බන්ධයෙන් පියවරක් නොගැනෙනු ඇත.

ශූරයන්ගේ කුසලන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නම් එංගලන්තය හෙට (ඉරිදා) කාඞීෆ්හිදී පැවැත්වෙන තරගයේදී නවසීලන්තය පරාජය කළ යුතුය. අනතුරුව ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර සඳුදා පැවැත්වෙන තරගයේ ජයග‍්‍රාහකයන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
 


 



අදහස් (0)

එංගලන්ත කී‍්‍රඩකයන් පන්දුව පළුදු කළා - බොබ් විලිස්

රොෂාන් Saturday, 15 June 2013 07:43 PM

ඉතින් ලංකාවේ බෝඩ් එක තවමත් මොකද කරන්නේ? (නි)

:       0       0

ඩෙන්සිල් Saturday, 15 June 2013 08:01 PM

අපේ රටේ ක්‍රීඩකයෙක් කණ්ඩායමට විරුද්ධව ඔය වගේ කතාවක් කිවුවොත් ...? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site