IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එංගලන්තය අවසන් මහ තරගයට එයි

අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට එංගලන්තය සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ලන්ඩන්  ඕවර ක‍්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්ත ක‍්‍රීඩකයෝ කඩුලූ 7 කින් දකුණු අප‍්‍රිකානු පිල පරාජය කිරීමට සමත් වූහ. 

එංගලන්ත පිල ලකුණු 176 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 37.3 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. ජොනතන් ට්‍රොට් පන්දු 84 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 82 ක් රැස් කරමින් ජයග‍්‍රහණය පහසු කිරීමට සමත් විය.

දකුණු අප‍්‍රිකානු පිල ලකුණු 80 කට කඩුලූ 8 ක් දැවී දැඩි අසීරු තත්ත්වයක සිටියදී ඬේවිඞ් මිලර් සහ රොරී ක්ලීන්වෙල්ඞ් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ලකුණු 175 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ. ඬේවිඞ් මිලර් පන්දු 51 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් රැස් කළේය.

එංගලන්ත නායක ඇලෙස්ටියාර් කුක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට දකුණු අප‍්‍රිකානු පිලට ආරාධනා කළේය.

දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරුවන් වන කොලින් ඉන්ග‍්‍රම් (0) සහ හෂීම් අම්ලා (1) පන්දු පහක් තුළ මුළු ලකුණු සංඛ්‍යාව 4 ක්ව තිබියදී දැවී ගියහ. රොබින් පීටර්සන් (30) සහ ෆෆ් ඩු ප්ලේසී (26) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41 ක සම්බන්ධතාවක් පැවැත්වුවද ප‍්‍රබල පිතිකරුවන් වන ඒ. බී. ඩිවිලියස් (0) සහ ජේ. පී. ඩුමිනි අසාර්ථකවීමෙන් ලකුණු 63 කට කඩුලූ 5 ක් බවට පත්විය.

එංගලන්ත පිල  ඕවර 37.3 කදී කඩුලූ 3 ට 179 (ඉයන් බෙල් 20, ජොනතන් ට්‍රොට් නොදැවී 82, ජෝ රූට් 48, එඔයින් මෝගන් නොදැවී 15)  
 

 

ලකුණු පුවරුව

එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකා කණ්ඩායම

දකුණු අප‍්‍රිකා කණ්ඩායම් ඉනිම

කොලින් ඉන්ග‍්‍රම් - ක.මු.කළා ප. ඇන්ඩර්සන්    0
හෂීම් අම්ලා - ඇ. බට්ලර්  ප. ෆින්     1
රොබින් පීටර්සන් - ක.මු.කළා ප. ඇන්ඩර්සන්    30    
ෆෆ් ඩු ප්ලේසී - ඇ. බට්ලර්  ප. ටෙ‍්‍රඞ්වෙල්    26    
ඒ. බී. ඞීවිලියර්ස් - ඇ. බට්ලර්  ප. බ්‍රෝඞ්    0
ජේ. පී. ඩුමිනි - ප. ටෙ‍්‍රඞ්වෙල්    3
ඩෙවිඞ් මිලර් - නොදැවී    56
රයන් මැක්ලරන් - දුවද්දී දැවී ගියා    1
ක‍්‍රීස් මොරිස් - ඇ. බට්ලර්  ප. ටෙ‍්‍රඞ්වෙල්    3
රොරී ක්ලීන්වෙල්ඞ් - ඇ. බට්ලර්  ප. බ්‍රෝඞ්    43
ලොන්වාබෝ සොත්සෝබි - ඇ. බට්ලර්  ප. බ්‍රෝඞ්    0
අතිරේක             7
එකතුව  ඕවර 38.4 කදී සියළු දෙනා දැවී    175

කඩුලු වැටීම:  
1-1, 2-4, 3-45, 4-50, 5-63, 6-70, 7-76, 8-80, 9-175, 10-175

පන්දු යැවීම:
ජේම්ස් ඇන්ඩර්සන් : 8-1-14-2, ස්ටීවන් ෆින් : 8-1-45-1, ස්ටුවට් බ්‍රෝඞ් : 8.4-0-50-3, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් : 7-1-19-3, ජෝ රූට් : 3-0-22-0, රවී බොපාරා : 4-0-19-0

 

එංගලන්ත කණ්ඩායම් ඉනිම

ඇලිස්ටෙයාර් කුක් - ඇ. ඞීවිලියර්ස් ප. මොරිස්    6
ඉයන් බෙල් - ඇ. ඞීවිලියර්ස් ප. ක්ලීන්වෙල්ඞ්    20
ජොනතන් ට්‍රොට් - නොදැවී    82
ජෝ රූට් - ප. ඩුමිනි    48
ඔයින් මෝගන් - නොදැවී    15
අතිරේක             8
එකතුව  ඕවර 37.3 කදී කඩුලූ 3ක් දැවී    179

කඩුලු වැටීම:  
1-22, 2-41, 3-146

පන්දුවට පහර දීමට නොදුන් ක‍්‍රීඩකයෝ:
ජේම්ස් ඇන්ඩර්සන්, රවී බොපාරා, ස්ටුවට් බ්‍රෝඞ්, ජෝ බට්ලර්, ස්ටීවන් ෆින්, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල්

පන්දු යැවීම:
ක‍්‍රීස් මොරිස් : 8-1-38-1, රොබින් පීටර්සන් : 9.3-1-49-0, ජේ. පී. ඩුමිනි : 5-0-27-1, ලොන්වාබෝ සොත්සෝබි : 5-0-26-0, රොරී ක්ලීන්වෙල්ඞ් : 4-0-10-1, රයන් මැක්ලරන් : 6-0-25-0

 

ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් පන්දු යවමින්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ජොනතන් ට්‍රොට්



අදහස් (0)

එංගලන්තය අවසන් මහ තරගයට එයි

රන්ජනී ලන්ඩන් Wednesday, 19 June 2013 11:23 PM

එංගලන්තේ හම්බ වුනොත් හොදයි. ටිකක් වාසි තියෙනවා. එහෙම වුනොත් අනිවාර්යන්ම දිනන්න ඉඩ තියනවා.ඒත් කවුද දන්නේ? ඉන්දියාව එක්කලා ගහලා දිනනවට වඩා එංගලන්තේ එක්කලා ගහලා පැරදුනත් කමක් නැහැ.මොනවා වුනත් ශ්‍රී ලංකාවට ගූඩ් ලක්! (නි)

:       0       0

තුෂාර Thursday, 20 June 2013 06:54 AM

සිංහල කොල්ලෝ දක්ෂයෝ (නි)

:       0       0

මංගල Thursday, 20 June 2013 01:26 PM

අද ඉන්දියාවෙන් හොදට කන්න ලැබේවි.. (ස)

:       0       0

දම් Wednesday, 19 June 2013 07:18 PM

අපිට එංඟලන්තයම අවසන් තරගයේදී හමුවුනොත්?(නදී)

:       0       0

සමීර Thursday, 20 June 2013 10:45 AM

අපෙන් කමු ආපහු. හොදයි නේද ? සුබ පැතුම් සිංහයන්ට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site