මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේදී මහත් බලාපොරොත්තු රඳවා සිටින එංගලන්ත කණ්ඩායම ස්කොට්ලන්ත පිල සමග අද (1 වැනිදා) පැවැති ‘බී’ කාණ්ඩයේ අවසන් තරගයේදී ලකුණු 16 - 12 ක තියුණු ජයක් ලබාගත්තේය. තරගයේ 78 වැනි මිනිත්තුවේදී එතෙක් වාර්තා වූ එකම උත්සාහක දිනුම ලබාගත් කි‍්‍රෂ් ඇෂ්ටන් එංගලන්ත පිල ඉදිරියට ගෙන ගියේය. සුපිරි කී‍්‍රඩක ජොනී විල්කින්සන් ඩ්‍රොප් ගෝලයක් සහ දඬුවම් පහර 2ක් සාර්ථක කර ගත් නමුත් දඬුවම් පහර පහක්ම ඔහු වෙතින් ගිලිහී ගියේය.ස්කොට්ලන්තයේ රුවාරිද් ජැක්සන් මෙම තරගයේදී ආබාධයකට ලක්වූවද එහෙත් ඔහු පිටියෙන් නික්මුනේ ස්කොට්ලන්තය වෙනුවෙන් ද`ඩුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කර ගැනීමෙන් අනතුරුවය. ස්කොට්ලන්තය වෙනුවෙන් කි‍්‍රස් පැටර්සන් ද ද`ඩුවම් පහර 2ක් සාර්ථක කර ගත්තේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
එංගලන්තයට 16 - 12 ක තියුණු ජයක්