IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


එක වගේ දෙන්නෙක් - රෝහණ බැද්දගේ සමග භාතිය හා සන්තුෂ්

2017-02-06-ent-69

 

මම හොයන් යනව නම් යන්නේ, මට ආර්ථික වාසියක් ලබාගැනීමේ පරමාර්ථයෙන්

රෝහණ බැද්දගේ


අද මාධ්‍යයෙන් පෙන්නුවෙ නැතිවුණාට රෝහණ බැද්දගේ මහත්තයා කරන්නේ මොනවද කියලා මිනිස්සු දන්නවා

භාතිය


 

ගමෙහි අව්‍යාජත්වය, සුන්දරත්වය තුළ හැදීවැඩුණු ඔහු එය නිර්මාණාත්මක පද වැලක්ද තනුවක් බවට පත් කළේය. කථිකාචාරවරයෙකු ලෙසද කලක් කටයුතු කළ ඔහු රෝහණ බැද්දගේය. ඔහුත් සමග මෙවර සම්මුඛ වන්නේ එක් අයෙක් නොව, දෙදෙනෙකි. ජනප්‍රිය ගී නිර්මාණ කිහිපයක්ම සිදු කළ ඔවුන් භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන්ය.

 

ඔබට පසු පරම්පරාවේ කලාකරුවන් දෙන්නෙකු සමග කතා කරන්න යන්නේ. ඒ වෙනස ඔබ තුමා දකිනවා ඇති?

රෝහණ බැද්දගේ

ඔව්. ඒ කාලේ කලාකරුවගෙ පසුබිමයි, මේ කාලෙ කලාකරුවගෙ පසුබිමයි බලනකොට අහසට පොළොව වගේ. භාතියලගෙ කාලෙට එද්දි පිමි රාශියක් පැනලා ඉදිරියට ගිහින්. එහි සම්බන්ධතා අඩුයි. තාක්ෂණික දියුණුවක් නැහැ. සීමිත පහසුකම් තිබුණෙ. අපිට මේ කාලාන්තරයක වෙනස පේනවා. අපේ කාලේ හරි සුන්දරයි. අපි කොහොමද වැඩකට කාලය බෙදාගන්නේ කියලා හිතන්න ඕන. අපිට කාලයත් එක්ක තදබදයක් තිබ්බෙ නෑ.

කාලෙ හදාගත්තා. පයින් ගියත් නිසිවෙලාවට යන්න ඕන තැනට අපි ගියා. සංගීතය ඉගෙන ගත්තෙ ගමේ මිනිස්සු ගොයන් කපන කවි අහලා.

දොවොල් මඩුවට සම්බන්ධ වුණා. වාහස් නැටුවා. අපිට ඒක ඇඟට දැනෙනවා. මානවයගෙ මූලාරම්බයේ සංගීතය තමයි ඒක. එදා මිනිස්සු කිව්වෙ කලාකරුවා හිඟන්නා කියලා. ඇත්ත කතාව තමයි, කලාව කළේ සමාජයට සේවය කරන ගමන්, තමන්ගෙ විනෝදයට. ඔවුන්ට ලැබෙන්නෙ තෑගි බෝග. එතරම් මුදලක් යැපෙන්න අවශ්‍ය වුණේ නැහැ. ගෙදර වත්තේ පිටියේ හැමදේම තිබ්බා. තොයිල් පෙවිල් කරන අයට, රබන් සෙල්ලම් කරන අයට තමයි ඉස්සර කලාකරුවා කිව්වෙ. ටීටර් සහ ජෝන්ද සිල්වා මහත්තයගෙ නාට්‍යවලට ඇබ්බැහිවුණා. ඉස්කෝලෙදිත් අපිට ඒවා උගන්වනවා.

 

භාතිය කතා කළොත් මේ මෙහොතේ කලාකරුවා ගැන?

මෙහෙමයි, එය විග්‍රහ කරන්න ගියොත් පැය ගාණක් කතා කරන්න පුළුවන්. සර් දීපු උත්තරේට මම සතුටු වෙනවා. මේ කලාකරුවා හෝ සිංහල සංගීතය කලක් තිස්සේ පරිණාමය වෙන දෙයක්. සියලුම ක්ෂේත්‍ර පටන් ගන්නේ ප්‍රාථමික පැත්තෙන්. මිනිසුන්ගෙ සිතුවිලිවලින්. ආධ්‍යාත්මික දියුණුව ඇවිත් ලෞකික දියුණුවත් එයට එකතු වෙනවා. අද කාලේ වෛද්‍යවරයෙකුයි, පරණ වෛද්‍යවරයෙකුයි අරන් සසදන්න බැහැ. අද පේෂන් කෙනෙක්ගෙන් කීයක් හරි ගන්නවා කියන්න බැහැ. මොකද ඒ තිබ්බ වාතාවරණය සම්පූර්ණ වෙනස්. එකම විදියට ජීවත් වුණත් ගම සහ නගරයේ ජීවත් වෙද්දි පිරිවැය වෙනස්. ඔය ආර්ථික රාමුවට කලාකරුවට යන්න වෙනවා. නැත්තම් ජීවත් වෙන්න බෑ.

 

එහෙම ආර්ථික රාමුවකට රාමුගත වෙද්දි අපේකම අපේ සංස්කෘතියට හිමිවෙන්නේ කොයිවගේ තැනක්ද?

බැද්දගේ

අපේකම කියන්නේ සම්බන්ධතාවල දිග පළලෙ හැටියටයි. ගමේ මිනිසුන්ට අපේකම තේරෙනවා. දියුණුවෙන්න දියුණු වෙන්න තම තමන්ගෙ තරාතිරම් අනුව වෙනස්කම් ඇති වෙනවා. අපේකම හිතේ තිබුණ මිනිස්සු සමානයි. ගොවියන් සමාන වුණත්, පුතාලා වෛද්‍යවරු වෙද්දි තත්ත්වය වෙනස් වෙනවා. වෙන සමාජමට්ටමකට යනවා. තාත්තා ගොවියා. පුත්තු වෙන තැනකට යනවා. මට තාම වියදම අඩුයි, මම ගමේ ඉන්න නිසා. ඒත් මට තියෙන පහසුකම් මගේ දරුවන්ට නැහැ. ඒ අය නගරයට ගිහිල්ලා.

භාතිය

මම සර් එක්ක සමීප ආශ්‍රයක් පටන් ගත්තේ ජනනාත්ගෙ ප්‍රසංගයක් නිසා. අපිත් එක්ක රොහණ බැද්දගේ සර් ප්‍රසංග කරනවා. මම දැක්ක දෙයක් තමයි සර් ලෝකය දෙස බලන්නේ බොහොම සමබරව. අපේකම නෙමේ, අදටත් සමන් ලෙනින්ලා, සහන් රන්වලලා වගේ බොහෝ අය ඉන්නවා අපේ ජන ගී සම්ප්‍රදාය රැකගෙන නිර්මාණ කරන. ඒ වගේම ඉන්දියානු සංගීත සම්ප්‍රදාය කරන බටහිර පන්නයට වගේම අපිව ලේබල් කලා වගේ ඔය අතරමැද ඉන්න පිරිසකුත් ඉන්නවා. ඕක දැන් පේන්නෙ මාධ්‍ය නිසා. මාධ්‍යම නැවත ඔය ප්‍රශ්නෙ අපෙන් අහනවා. ඔය ප්‍රශ්නෙ ඔබ අහන්න ඕන කලාකරුවගෙන් නෙමෙයි, මාධ්‍යයෙන්. ඇයි මාධ්‍ය ඒ ටිකම තෝරගන්නේ.

 

මෙතනම උදාහරණයක් තියනවනේ. රෝහණ බැද්දගේ මහත්මයා නිර්මාණ කළාට මාධ්‍යයට එන්නෙ නැහැ. හැබැයි ඔබ මාධ්‍ය ඉදිරියට එනවා?

භාතිය

නෑ, මාධ්‍යට එන්නෑ කියන එකට මම කැමති නැහැ. දැනට යන රාමුව තුළ මාධ්‍යය යන්නේ වාණිජ පැත්තට. මාධ්‍ය තෝරගන්නේ මේ ටික විතරයි. මාධ්‍යය මේ ටික පෙන්නලා තමන්ගෙ ස්පොන්සස්ලගෙන් ආදායම ලබනවා. පස්සෙ ආයේ කතිකාවතක් හදනවා ඇයි මේක විතරක් වෙන්නේ, අනිත් නිර්මාණ වෙන්නැත්තේ කියලා.

බැද්දගේ

මම කරන දේවල් ඇයි ප්‍රචාරය වෙන්නැත්තේ ඇයි කියලා අහනවා. මම ඇමෙරිකාවෙත් ගිහින් මගේ සංගීත ප්‍රසංගයක් පවත්වලා ආවා. ඒ අය මාව ගෙන්නුවා. එහෙම ගෙන්වන්න ඒ අය මාව දැන ගත්තේ කොහොමද? මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වෙනවා. මාධ්‍ය ඇයි අපි ගැන හොයලා එළියට ගන්නෙ නැත්තේ. ගන්න ඕනත් නැහැ. මම මාධ්‍ය පස්සේ දුවන්නෙ නැහැ. ආරාධනා නැතුව කිසිම ටෙලිවිෂන් මාධ්‍යකට යන්නෙත් නැහැ. මගෙන් ඇයි ආවෙ කියලා ඇහුවොත්, ඔබ කියපු නිසයි මම ආවේ කියන්න පුළුවන්කමක් මට තියෙන්න ඕන. මම හොයන් යන්නෙ නැහැ. මම හොයන් යනවනම් යන්නේ මට ආර්ථික වාසියක් ලබාගැනීමේ පරමාර්ථයෙන්. මට පරමාර්ථයක් නැත්තම් මොකටද මං යන්නෙ. මගේ වැඩේ කරගෙන මම ඉන්නවා.

 

රෝහණ බැද්දගේ මහතා කරන නව නිර්මාණ මාධ්‍ය හරහා සමාජගත කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

භාතිය

මම ඔයාගෙ කතාවට එකඟ නැහැ. මම ඔයාට වඩා සෑහෙන්න වැඩිමහල්. මම පොඩිකාලේ සර් රූපවාහිනියෙ ගොඩක්ම හිටියා.

 

මම ඒ ප්‍රශ්නය ඇහුවෙ රෝහණ බැද්දගේ මහත්තයාගෙන්. නව නිර්මාණ අලුත් පරපුර වෙත මාධ්‍යය හරහා සමාජගත කරන එක ගැනයි ඇහුවෙ?

භාතිය

මෙහෙමයි, ඕනෑම කලාකරුවෙක් පරිණත වෙන්න වෙන්න ඔහුගෙ හෝ ඇයගේ කලා කෘති සමාජගත වෙලා ඉවරයි. අද මාධ්‍යයෙන් පෙන්නුවෙ නැති වුණාට රෝහණ බැද්දගෙ මහත්තයා කරන්නෙ මොනවද කියලා මිනිස්සු දන්නවා. අපි මේ ඉන්ටවිව් එක කරන්නෙත් ඒ නිසානේ.

බැද්දගේ

1972 ගුවන් විදුලි පර්යේෂණ අංශයේ මම කරපු බොහෝ වැඩ සමාජගතවෙලා තියනවා. එය මාධ්‍යයට ගිහින් නෑ. පර්යේෂණ කියලා වෙනම අංශයක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පිහිටෙව්වා. අද ඉස්කෝලවල උගන්වන ජන සංගීතයට අයිති ගොඩක් ගීත මම දීපු ඒවා. ඔන්න දැන් තමයි එය මාධ්‍යකට කිව්වෙ. අපිට ලකුණු දාගන්න අවශ්‍ය නැහැ. පැරණි කලා ශිල්පියාගේ සිරිත කලා කෘතිය ඉදිරිපත් කරලා ඔහු පසකට වීම. කවුද අවුකන පිළිමය හැදුවෙ? රැවන්වැලිසෑය හදපු බාස් කවුද? දුටු ගැමුණු රජතුමා නෙමෙයි නේ හැදුවෙ. ඔවුන් කලා කෘතියක් සමාජගත කරලා පැත්තකට වුණා. ඒ කාලේ කලා කෘතියක් කළාම ඕක මාකට් කළේ නැහැ. අද තමයි මාකට් කරන්නේ.

භාතිය

අද කාලේ මාකටින් අවශ්‍ය වෙන්න සර් පුධාන හේතුවක් තියනවා. අද ඉන්න ප්‍රමාණය වැඩියි. තරගකාරී වෙනකොට තමන්ගෙ දේ ගැන ප්‍රචාරය කළ යුතුයි. සර්ලගේ කාලේ තිබ්බ වාතාවරණයේ හැටියට ඒ දේවල් වැඩිය කරන්න ඕන නැහැ. මාධ්‍ය ලෙස එස්.එල්.බී.සි. එක විතරයි තිබුණෙ. රූපවාහිනියයි, ස්වාධීන රූපවාහිනියයි තමයි ඒ කාලෙ තිබුණෙ. තමන්ගෙ තාරුණ්‍යයට ගොඩක් වැඩ කරපු අය පස්සෙ කරන්නේ ඊළඟට එන අයට අවවාද අනුශාසනා සහ උදව් කිරීම තමයි.

මේ කතාවට අපි සන්තුෂ්වත් සම්බන්ධ කරගමු

 

2017-02-06-ent-68

 

භාතිය

ශ්‍රී ලංකාවෙ ජන සංගීතය රෝහණ බැද්දගේ මහත්මයට අයිති විය යුතු තැන තියනවා. හැමදාම ස්ටේජ් එක උඩ කෑගහන්න බෑනේ.

බැද්දගේ 

භාතියලා, සන්තුෂ්ලා කළ දෙයින් ප්‍රයෝජන ගන්න පරම්පරාවක් ඊළඟට එනවා. ඒ අය ඩිවිලොප් වෙනවා. එතකොට ඔයාල නිශ්ශබ්ද වෙන්න, හැමදාම මේක කරන්න බෑ.

සන්තුෂ්

ඕනම දෙයක් පරිණාම කාලයත් එක්ක වෙන්න ඕන. එහෙම නැති වුණොත් ඒ දේ කාලයත් එක්කම නැතිවෙලා යන එක වෙන්නේ. අපේකම වේවා, තාක්ෂණය වේවා ඊළඟ පරම්පරාවෙ සිතුම්පැතුම් පෙර පරම්පරාව අවබෝධ කරගන්නෙ නැතුව පරම්පරා දෙක අතර සම්බන්ධයක් ඇති නොවී කාලයක් ඉන්නකොට පරතරයක් ඇති වෙනවා. පස්සෙ පෙර පරම්පරාවෙ ඥානය ඊළඟ පරම්පරාවට යන්නෙත් නෑ. පළවැනි කාරණය පරම්පරා අතර සම්බන්ධය දැඩිව තියෙන්න ඕන.

 

ඒ සම්බන්ධයෙන් සංගීත ක්ෂේත්‍රය තුළ තිබෙන කතිකාව කොහොමද?

සන්තුෂ්

මම සතුටු වෙනවා. ගිය වසර දහය පහළොව එක්ක බලද්දි දැන් වැඩි හිටියන් අලුත් අය එක්ක සම්බන්ධ වෙනවා වැඩියි. රෝහණ බැද්දගේ සර් අපිත් එක්ක ප්‍රසංග කරනවා. ඒ සමීපතාවයෙන් අපි බොහෝ දේ ඉගෙන ගත්තා.

රෝහණ බැද්දගේ

අපි දැනගෙන හිටියෙ පරම්පරා ගැටුම් පිළිබඳව. පරම්පරා ගැටෙනවා. සංගීතයෙත් එහෙම වුණා. පැරණි කෙනා හිතන්නේ අපි කරන දේ හරියි කියලා. මම ෆිල්ම් එකක් කරනවා පැරණි ගැමියා කළ චාරිත්‍ර සංස්කෘතිය එක්ක. මහාචාර්යය සරච්චන්ද්‍ර මට කිව්වා "මම" ගමෙන් නගරයට හදපු පාලමක් වගේ කියලා.

භාතිය

ගමෙන් නගරයට ආවාම ඒ අය එක එක රාමු හදාගන්නවා. නමුත් ගැමියා රාමුවකට කොටුවුණේ නැහැ කියන එක සර් ඔප්පු කරනවා.

රෝහණ බැද්දගේ

ගොවියා නගුල අතඇරලා නව යන්ත්‍රෝපකරණ පාවිච්චි කරනවනේ. මම පොතකුත් ලියනවා. මම ලියපු පොතක් කෙනෙකුට පෙන්නුවම කියනවා මම මේ පොතේ සමහර දේවල් පිළිගන්නෙ නැහැලු. මම ඇයි ඇහුවම දෙන්න උත්තරයක් නෑ. ඒක තර්කයක් නෙමෙයි.

භාතිය

සර් අපි දෙන්නටත් ඔහොම දෙයක් වුණා. අපිට ඒකාලේ කිව්වා සංස්කෘතිය කනවා කියලා. එෆ්.එම්. එකක ඉන්ටවිව් එකකට ගියාම කෙනෙක් කෝල් කළා. ඔයාලා සංගීතය කනවා කිව්වා. අපි කිව්වා කොහෙද කාලා තියෙන්නේ. හේතු කියන්න කියලා. එහෙත් එහෙම කියන්න දෙයක් තිබ්බෙ නැහැ.

සන්තුෂ්

අපි ඇයි ඇයි කිය කිය ඉගෙන ගන්නේ. දකුණු ආසියාවට වෙන ලොකුම ප්‍රශ්නය ඒක. අලුත් දේ කරන්න බයයි. ලොකු ඉතිහාසයක් තියන රටවල් රාමුවකට කොටුවෙලා. ඉන් වෙනස් වෙන්න මිනිසුන්ට අමාරුවෙනවා. එහෙම වෙද්දි සමාජය තුළ අලුත් දෙයක් කරන්න බයයි. කෙටි ඉතිහාසයක් තියන රටවල් ගොඩක් අලුත් දේවලට පෙළඹෙනවා. ඒ අය අදටත් ගිහින් හඳ දිහා බලන් ඉන්නවා. රටක ඉතිහාසය, සම්ප්‍රදාය ආශිර්වාදයක්. ඒ දේවල් අවබෝධයෙන් වටහා ගන්න ඕන. එහෙම නැතුව ඒ දේවල් කරගෙන යනව නම්, රටක් ඉදිරියට යන්න ඕන.

 

අලුතින් එන පරම්පරාවට මොනවගේ දෙයක්ද කියන්න තියෙන්නේ?

රෝහණ බැද්දගේ

සම්ප්‍රදායට ගරු කළ යුතුයි. පෙර පරම්පරාව අලුත් අයට හොඳ දේවල් හඳුන්වා දිය යුතුයි. එරෙහි වෙන්න හොඳ නැහැ. විමසීමෙන් බලන්න, ගත යුතු දේ ගන්න. තීන්දුවක් ගන්න පෙර ඥානවන්ත වෙන්න.

 

නිදුක් මදුෂික/ඡායාරූප මිහිර බණ්ඩාර

 

2017-02-06-ent-67
2017-02-06-ent-66
2017-02-06-ent-65



අදහස් (0)

එක වගේ දෙන්නෙක් - රෝහණ බැද්දගේ සමග භාතිය හා සන්තුෂ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6072 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 261 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 310 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1237 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site