කොළඹ වංචා විමර්ශන අංශයේ සැරයන්වරයකුට දුරකථනයෙන් බැන තර්ජනය කළ බව කියන පුද්ගලයකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (19) නියෝග කළේය. භාණ්ඩ ලබාගෙන රුපියල් ලක්ෂ 13කට අධික මුදල් වංචා කිරීමේ සිද්ධියක ඇප ලබා සිටින බොරැල්ලේ පදිංචි දිනේෂ් දර්ශන පොලිස් සැරයන් ආර්. එම් රත්නමලල මහතාට මෙලෙස තර්ජනය කර ඇති බව කොළඹ වංචා විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක විමලසේන මහතා අධිකරණය වෙත දැනුම් දුන්නේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
එක ලෙඩක් මදිවාට තව ලෙඩක් දා ගනී
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 22 July 2012 09:48 AM
එක් ස්ථානයක සිදුවන සිද්ධියක් හෝ පුද්ගලයෙක් හෝ තත්ත්වය පිළිබඳ හුදෙකලාව වෙන් වෙන්ව ගෙන පොදු ජනතාව ලෙස අප කල්පනා නොකළ යුතුය. පොදුවේ අප කල්පනා කළ යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සමස්තයක් ලෙස පොදු ජනතාවටත්, රටටත් ඉටු කරන සුවිශේෂී සේවාව පිළිබඳවයි. දැනට දිවයිනේ බහුලව ව්‍යාප්තව යන අපරාධ රැල්ලත් සමඟ එය මැඩ පැවැත්වීමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන පොලිස් දෙපාර්තමේන්තුවට හා එහි නිලධාරීන්ට විරුද්ධව එම අපරාධකරුවන් විසින්ම අති සූක්ෂම මෙහෙයවන කිසියම් සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් වන බව මේ දිනවල විවිධ ජනමාධ්‍යවල පළවන පොලිසියේ නම කැත කරවන පුවත් අනුව පැහැදිලි වන බව පෙනී ගොස් තිබේ. මේ පිළිබඳව සැලකිලිමත්වීම බුද්ධි නිලධාරීන්ගේ වගකීමක් බවද කාරුණිකව සිහිපත් කර දීමට කැමත්තෙමි. එසේම උද්ගතව ඇති මේ තත්වය නිසා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හා එහි සේවය කරන නිලධාරීන්හට කුමන අයුරකින් වත් අපහාසයක් සිදුවන ආකාරයේ අදහස් පළ කිරීමෙන් වැළකී කටයුතු කිරීමට ප්‍රවේශම් වන මෙන් මම සමස්ත රට වැසි මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි !!!
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 22 July 2012 09:52 AM
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව දැනට විද්‍යුත් මාධ්‍යවල පළ වන බොහෝ තොරතුරු නිසා පොලිසිය පිළිබඳව සමස්ත රට වාසීන් තුළ අප්‍රසාදයක් ඇති කිරීමට උත්සාහයක් දරන බව පෙනී යයි.මෙය රටේ වර්ධනය වන අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට බාධාවකි.එසේම මේ සඳහා දර දිය අදින විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයින් පිළිබඳව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අවදිව සිටිය යුතු යැයි සිතමි.එමෙන්ම බොහෝ විට නීතිය අතට ගැනීමට සිදුවීමට හේතුවන කිසිදු පදනමක් නොමැති කටකතා පිළිබඳ අප කල්පනාකාරී විය යුතුය. මෙවැනි අවස්ථාවල අප විසින් තෙවරක් නොව සියවරක්ම සිතා බැලිය යුතුය.
යෝනුසෝ Thursday, 19 July 2012 05:40 PM
විමර්ශන අංශයේ ඉන්න කෙනා බබා....තර්ජනය කරපු ගමන්ම කියලද??
අමිල කටුනායක Thursday, 19 July 2012 05:41 PM
කාපු බීපු වෙලාවට කර ගන්න විහිළු ඇයි මෙච්චර ගණන් ගන්නේ..... (ස.වි)
සාරලෝක හොල්මැස්සා Friday, 20 July 2012 03:10 PM
මෙහෙමත් අය .... ඕකට කියන්නෙ ඉල්ලං මාමයිට් ගාගන්නවා කියලා..(සවි)
සුදු පුංචා Friday, 20 July 2012 03:15 PM
අලි බබාගේ කතාවට මාත් එකඟයි....(සවි)
පිලිපීනෝ Friday, 20 July 2012 08:45 AM
ඒක ඇත්ත අලිබබෝ. මේවට නම් පට ගාලා විසදුම් දෙනවා.
අලිබබා Thursday, 19 July 2012 07:04 PM
නඩුකාරඋන්නාන්සේලාට පුළුවං මේවගේ නඩු අහලා තීන්දු දෙන්න විතරද?