
(අංජුල මහික වීරරත්න)
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානියට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද (10) පිළිගන්වනු ලැබීය.
එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ අදාළ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද පිළිගැන්වීමට කටයුතු කරන බවයි.
මෙම විශේෂඥ කමිටුව නියෝජිතයන් 40 දෙනකුගෙන් සමන්විත වේ. එහි සම සභාපතිවරුන් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය අජිත් ද සිල්වා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන යන මහත්ම මහත්මීන් කටයුතු කර තිබේ.
මෙම කමිටුව වසර එකහමාරක කාලයක් නෞකා අනතුර සම්බන්ධයෙන් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ සිදුකර මෙම වාර්තාව සකස් කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.