(අංජුල මහික වීරරත්න)
එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් මෙරට සාගර පරිසරයට වූ හානියට අදාළ වන්දි මුදල නැව අයිති රක්ෂණ සමාගමෙන් ඇමරිකා ඩොලර් වලින් ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙි.
ශ්‍රී ලංකා රුපියල් වලින් වන්දි මුදල් හා ප්‍රතිපූර්ණ ලබාගැනීම අයහපත් පූර්වාදර්ශයක් විය හැකි බැවින් වෙරළ පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය කළමණාකරණය, පරිසර හානිය ආදි සියලුම කටයුතු වලට ලැබෙන ප්‍රතීපුර්ණ සහ වන්දි ඇමෙරිකානු ඩොලර් වලින් ලබාගැනීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාවය හිමි වු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මීට අමතරව ඉදිරියේ දි මෙවැනි අනතුරක් සිදුවුවහොත් එම අවස්ථා වලදී ද වෙරළ පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය කළමණාකරණය, පරිසර හානි ආදි සියලුම කටයුතු වලට ලැබෙන ප්‍රතිපූර්ණ සහ වන්දි ඇමෙරිකා ඩොලර් වලින් ලබා ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
අදාළ රක්ෂණ හිමිකම් ප්‍රතිපූර්ණ කොටසක් රුපියල්වලින් ලබාගැනීම මඟින් රුපියල අවප්‍රමාණය වීමේ වාසිය නැව අයිති රක්ෂණ සමාගමට හිමිවන බව ද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.
එබැවින් අදාළ වන්දි මුදල රුපියල් වලින් ලබාගැනීම වෙනුවට ඇමරිකානු ඩොලර්වලින් ලබාගැනීම සුදුසු බව සමුද්‍රීය පරිසර අධිකාරිය නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇතැයි ද අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ඩොලර් වලින් ගන්න කැබිනට් අනුමැතිය
sena Tuesday, 10 January 2023 02:20 PM
අපේ කැබිනට් මණ්ඩලය ඕන දෙයක් අනුමත කරයි. අදාළ සමාගම වන්දි ගෙවන්න අනුමැතිය දුන්නද?
Hafeel Tuesday, 10 January 2023 04:25 PM
කොහොමටත් විදේශ සමාගම්වලින් ලබන්නේ ඩොලර්වලින් මිස රුපියල්වලින් නොවේ. මේක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැබැයි මේ ඇමතිගේ පැටිකිරිය බලන විට, මෙම වන්දි මුදලට දෙවියන්ගේ පිහිටයි.