IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එක්ස්ප්‍රස් පර්ල් වංචාව අධිකරණයට යයි

(නිමන්ති රණසිංහ)

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමකට ලක්ව මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ලබා ගැනීම සදහා නඩු පැවරීම ප්‍රමාද කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක වංචාවක් සිදුවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (18) කරුණු වාර්තා කර ඇත.

ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මෙම පුවතට අදාළ තොරතුරු සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් විසින් තම දෙපාර්තමේන්තුවට පැමිණීලි ඉදිරිපත් කරනු ලැබූ බවද අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ලබාගැනීම ප්‍රමාද කිරිමට ඩොලර් මිලියන 250ක මුදලක් එංගලන්තයේ බැංකුවක ගිණුමකට බැරවී ඇති බවත් එම ගිණුම චාමර ගුණසේකර නමැති ශ්‍රි ලාංකිකයකුට අයත් එකක් බවට තොරතුරු ලැබී ඇති බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට කරන ලද දැනුම් දීම මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව විමර්ශනය ආරම්භ කළ බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුනු ඉදිරිපත් කලේය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් නඩු ගොනුව වසා තැබීමට නියෝග කළේය.



අදහස් (0)

එක්ස්ප්‍රස් පර්ල් වංචාව අධිකරණයට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site