(රෝෂන් තුෂාර)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් දත්ත පද්ධතිය මකා දමා නැවෙහි කිසිදු අන්තරාවක් නොමැති බවට හාබර් මාස්ටර්වරයා නොමග යවමින් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් කිරීමට අවසරය ලබා ගෙන ඇති බවට කොළඹ විශ්ව විද්‍යාලයේ ඩිජිටල් වෝහාරික පරීක්ෂණය මගින් තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් නීතිපතිවරයා පැවසීය.
දත්ත මකා දැමීමට සම්බන්ධ වූවන් කවර හුද?එසේ කර ඇත්තේ කාගේ උවමනාවටද යන්න තහවුරුකර අපරාධකරුවන් හඳුනා ගැනීමට පුළුල් විමර්ශනයක් ජාත්‍යන්තර ආයතනයක් මගින් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව ද පැවසීය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම කරුණු ඉදිරිපත් කළේය.
අන්තරාවක් තිබූ නැවෙහි දත්ත පද්ධතිය මැකුවේ කවුරුන්ද ඊට දේශිය හෝ විදේශීය කුමන්ත්‍රණයත් තිබේද ?අපරාධකරුවන් කවුරුන්ද යන්න සනාථ කිරීම සඳහා මෙම ජාත්‍යන්තර පරීක්ෂණය සිදු කරන බවද සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
මෙම ජාත්‍යන්තර පරීක්ෂණය ලබා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවත්,නොබෝ දිනකින් අනුමැතිය ලබාගෙන අදාළ පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර ආයතනයක් තෝරාගන්නා බවත් වැඩිදුරටත් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් දත්ත පද්ධතිය මකා දමලා
de silva Friday, 12 September 2025 07:36 AM
ඕකේ දත්ත මකන්න password තිබෙන්න ඕනේ , ඔය වෙලාවේ රාජකාරි කරන්නත් ඕනේ , හරිම සරල වැඩිම උනොත් සැක කාරයෝ 2-3 ඇති උන්ගේ තරාතිරම බලන්නේ නැතිව අරන් ඇවිත් එල්ලල දෙකක් දුන්න නම් කියාවි ඔක්කොම , හොරු හුරතල් කරලා බැහැ රටවල් දියුණු කරන්නේ , අර චීනේ දෙන ආකාරයට දඩුවම් දුන්නොත් අල්ලස දුෂණය මුලින් අතුගා දමන්න පුළුවන්
Lalla Friday, 12 September 2025 10:38 AM
කතාව විදියට හාබර් මාස්ටර් තොත්ත බබා. ඔය විදියට නැව 80% රත්වෙලා කියපු රත්තරන් මල්ලි කොහොම බබෙක් වෙන්න බැරිද? අදාල කට්ටිය එකතුව බෙදාගෙන කාපු ජරාවකට රටම වන්දි ගෙවනවා නේද?
Sudantha Friday, 12 September 2025 01:25 PM
මෙරටට ලැබෙන්න තිබුණ වන්දිය ඔය නිළධාරි ගන්න ඇති ඒ කාළකණ්නියෝ අල්ලා ගත්තොත් කියාවි දේශපාලුවො කිව්වා කියල කවුරු කිව්වත් කරල තියෙන්නෙ ජාතිද්‍රෝහි වැඩක් නිසා (දැනට ලංකාවෙ නොකරන නිසා) මොන චර්‍යාවෙන් හිටියත් සමාවක් නොදෙන තත්වයක් යටතේ ඉහලම දඩුවමක් දියයුතුය