IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එක්සත් ජාතීන්ගේ ලොකු සමුළුවක් ලංකාවේ තියන්න යයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව (Asia Pacific Regional Conference) ලබන පෙබරවාරියේ ලංකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සමුළුව ලංකාවේ පැවැත්වීමේදී රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය හා පසුව මෙරටට බලපෑ ආර්ථික අර්බුදය සහිත කාලයේ රටවල්  විශාල ප්‍රමාණයක නියෝජිතයන් සහභාගී වන අන්තර්ජාතික සමුළුවක් මෙරටදී පවත්වා නැති බැවින් මෙම සමුළුව ඉහළින් පැවැත්වීම සඳහා කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම සමුළුවට රටවල් 44ක නියෝජිතයින්  2000කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (8)

එක්සත් ජාතීන්ගේ ලොකු සමුළුවක් ලංකාවේ තියන්න යයි

Danushka Tuesday, 29 August 2023 11:31 AM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ

:       4       11

ajithTuesday, 29 August 2023 05:29 PM

අන්තර්ජාතික සමුළුවක් මෙරටදී පවත්වා නැති බැවින් මෙම සමුළුව ඉහළින් පැවැත්වීම සඳහා කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස්

:       0       0

Asanga Tuesday, 29 August 2023 12:04 PM

දැන් ඔය වියදම් ඔක්කොම අමරවීරගේ බාප්පොච්චද දන්නැහැ ගෙවන්නේ.නිකන් ඉන්න අපතයෝ ටික කලොත් කරන්නේ අපත වැඩමයි

:       3       9

A monkey businessman Tuesday, 29 August 2023 12:04 PM

මෙය ඉතා හොඳ අදහසකි. ඇමතිවරයාට ලංකාවේ වඳුරන් රාත්‍රී ආහාරය සඳහා සූදානම් කළ හැකිද?

:       2       7

සල්ලි Tuesday, 29 August 2023 12:18 PM

එයාලාට පෙන්නන්න ලංකාවේ මිනිස්සු කිසිදු පහසුකමක් නැති ලොරි බස් වල යන විදියයි දේශපාලන උන්දැලා ඒසී කරපු වාහන වල යන විදියයි.

:       2       10

paker Tuesday, 29 August 2023 12:41 PM

නියම අවස්තාව කීයක් හරි හොරකම් කරගන්න

:       0       8

Banda Tuesday, 29 August 2023 01:22 PM

RIP - මේ හාල්පාරුවා ඇතුලු ජනපීඩක පාලකයන් හැම අපාගත වේවා

:       0       3

Sadu Tuesday, 29 August 2023 01:23 PM

ගොවියන්ට වතුර නෑ .අනාගතයට කන්න ප්ලෑන් එකක් නෑ ,මුන්ගේ පම්පෝරියනම් තියනවා

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site