IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘එක්ව ජීවත් වෙමු : එකිනෙකාට උදව් කරමු”

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හා ශී‍්‍රලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම සදහා පැමිණ සිටි අවස්ථාවේ ලද අවසරයකින් රාජ්‍ය නායක දෙපළ මෙසේ හමුවූහ.

ඉතා සුහද සංවාදයක යෙදුණු ඉන්දියා අගමැතිවරයා හා ශී‍්‍ර ලංකා ජනපතිවරයා දෙරට අතර විසදා ගැනීමට ඇති ගැටලූ සම්බන්ධයෙන් අදහස් පළ කළහ.

දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරු පිරිසක් තමන් හමුවීම සම්බන්ධයෙන් ශී‍්‍රලංකා ජනපතිවරයා දැනුම්වත් කිරීමට අගමැති මෝදි කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ උතුරේ ප්‍රශ්නය ගැන රජය  ඕනෑම දේශපාලන පක්ෂයක් හා සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව ජනපති මෝදිට කීවේය. ඒ සදහා පාර්ලිමෙන්තු තේරීම් කාරක සභාවක් පත්කර ඇතැයිද ඒ මගින් දෙමළ ජාතික සන්ධානයටද රජය හා පහසුවෙන්ම පහසුවෙන්ම සාකච්ඡා සඳහා සම්බන්ධ විය හැකි යැයිද ජනපති පෙන්වා දුන්නේය.

ධීවර ගැටළුව සම්බන්ධයෙන්ද රාජ්‍ය නායකයෝ දෙපළ අවධානය යොමු කළහ.

දෙදෙනගේම අදහස වූයේ මෙය ඉතා සංවේදී සිදුවීමක් වන බැවින් එය ප‍්‍රවේසමින් විසඳා ගත යුතුව ඇති බවයි.

ඉන්දියා ධීවරයින් ඇතැම් අවස්ථාවන්හි නීති විරෝධී ක‍්‍රම භාවිතා කරමින් මසුන් මැරීමේ නිරත වන බවත් එය ශී‍්‍රලංකා ධීවරයින්ට කරන ආසාධාරණයක් බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාවට පක්ෂව කරුණු දැක්වීම සම්බන්ධයෙන් ජනපතිවරයා ඉන්දියාවට ස්තූතියද පළ කළේය.

‘‘අප එක්ව ජීවත් විය යුතුයි.ඒ සදහා අප එකිනෙකාට උදව් කරගත යුතුයි‘‘ යැයි අගමැති මෝදි ඊට පිළිතුරු දුන්නේය.



අදහස් (0)

‘‘එක්ව ජීවත් වෙමු : එකිනෙකාට උදව් කරමු”

සුනිල් විතා‍නගේ Monday, 29 September 2014 10:34 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සත්‍යයා Monday, 29 September 2014 11:18 PM

‘‘එක්ව ජීවත්වෙමු : එකිනෙකාට උදව් කරමු” තේමාව ක්‍රියාවට නංවන්න නම්, ජයලලිතාට දුන්නා වගේ දඬුවම් අපේ රටෙත් ක්‍රියාත්මක කරන්නම ඕනෑ. ප්‍රජාතන්ත්‍රවාදයත් හෑල්ලුවට ලක්වෙලා තියෙන මොහොතේ අධිකරණයේ ස්වාධීනත්වය හෝ ශක්තිමත් කරගත යුතුයි. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 29 September 2014 05:29 AM

අනේ ඔය අදහස හැමදාම ක්‍රියාත්මක වෙනවනම් කොයිතරම් හොඳද? (ස)

:       0       0

පෙරේරා Monday, 29 September 2014 06:20 AM

ඔය කිව්වට ඕක කරන්න පුළුවන් වැඩක්ද???? (දී)

:       0       0

සදුනි Monday, 29 September 2014 09:28 AM

මෝදීට ශක්තිමත් රජයක් තිබෙන නිසා ධනාත්මකව බලා සිටිමු.ඔහු යමක් කරාවි. (දී)

:       0       0

නුවන් Monday, 29 September 2014 08:29 PM

අපේ ජනපතිතුමා සාර්ථක වෙන බව විශ්වාසයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site