(මනෝප‍්‍රිය ගුණසේකර)

එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම ඇතුළු මෝටර් රථවාහන පනතේ චෝදනාවන්ට වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට දඬුවම් නියම කිරීම ලබන 25 වැනිදා දක්වා කල් තැබීමට කොටුව වැඩබලන මහේස්ත‍්‍රාත් කින්ස්ලි හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය.

කොළඹ හිල්ටන් හෝටලයේ රථගාලක නවතා තිබීයදී සොයාගත් ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලට අදාළ පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

කොටස් එකලස් කරන ලද බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ලඟ තබාගැනීම” ඇතුළු මෝටර් රථ වාහන පනතේ චෝදනා මත විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

නඩුව කැඳවු අවස්ථාවේදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී සිටියේය. අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව විත්තිකාර ජොන්ස්ටන් මහතා මීට පෙර අවස්ථාවක අධිකරණයට දැනුම් දුන් අතර දඳුවම් නියම කිරීම සඳුහා නඩුව කැඳවනු ලැබීය.