IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එක්නැලිගොඩ සොයා දෙන්නැයි ජගත් සංවිධානයටත් කියයි

2012 ජනවාරි 24 දින අතුරුදන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සොයා දෙන ලෙස ඉල්ලමින් සන්ධ්‍යා එක්නැලිගොඩ බිරිය කොළඹ පිරිහිටි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් භාර දුන්නාය.

ඇය අතුළු පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වූහ.



අදහස් (0)

එක්නැලිගොඩ සොයා දෙන්නැයි ජගත් සංවිධානයටත් කියයි

ගාමිණී Thursday, 21 February 2013 05:55 PM

අපේ රට කුඩා එකක් නිසා ලෙහෙසියෙන්ම හොයාගන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

අමරා Thursday, 21 February 2013 07:20 PM

මේවා ගැන කතාකරලා සුදු වෑන් වල යන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ගාර්ධි Thursday, 21 February 2013 07:46 PM

එයා නැති වුණේ සුදු වැන් පටන්ගත්ත මුල් කාලයේදී කියලා අපි අහලා තියෙනවා. (නි)

:       0       0

බුද්ධී Thursday, 21 February 2013 08:43 PM

ඉන්ද්‍රජිත්ගේ කතාව නම් මසුරන්... (නි)

:       0       0

පීරිස් Thursday, 21 February 2013 09:33 PM

ඵක්නැලිගොඩ මහත්මියට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් භාර දෙන්න මෙච්චර කල් ගියාද? මෙය තම මවුබිම බව අමතක කරන්න ඵපා. (නි)

:       0       0

ජයලත් Thursday, 21 February 2013 09:46 PM

මවුබිම ගැනත් ටිකක් හිතන්න මැතිණියනි. අන්තවාදින්ට අහු වෙන්න ඵපා. (නි)

:       0       0

එස්.රංජිත් Thursday, 21 February 2013 10:09 PM

මේ වගේ අවස්ථාවක රට නිකන් අපහසුතාවයට පත්කරන්න එපා. (නි)

:       0       0

බණ්ඩාර Friday, 22 February 2013 02:17 PM

දැන් කොච්චර කල්ද අප්පා (දී)

:       0       0

පාර්වතී Friday, 22 February 2013 12:33 AM

රිසානාගේ සිද්ධියට අපේ රජයට වඩා බලපෑම් කළේ මේ සංවිධාන. 88,89 කාලෙත් මේ සංවිධාන මිනී මැරුම් ගැන බලපෑම් කළා. එතකොට එයාලා හොදයි. දැන් නරකයි.(නදී)

:       0       0

නිමල් Friday, 22 February 2013 01:57 AM

ඉන්න තැන දන්න කෙනෙක් නම් ඉන්නවා. (නි)

:       0       0

තිසල් Friday, 22 February 2013 04:23 AM

ඉන්ද්‍රජිත්, ඒහෙනම් ඔබගේ ඉෂ්ඨ දේවතාවා වන ජිනීවා වලට කියන්න ඉරාක, ඇප්ගනිස්තාන, පලස්තීන වල කරපු දේවල් වලටත් පිහිට වෙන්න කියලා. (නදී)

:       0       0

ඩයස් Friday, 22 February 2013 05:01 AM

88/89 අයට වීරයෝ කිව්වොත් වීරයනට මොකක්ද කියන්නේ? මහජන දේපල ගිනිතිබ්බා, කලාකාරයෝ මරලා දැම්මා. මට කිසිම පක්ෂයක් නැහැ. ඒත් ඒක නේද ඉන්ද්‍රජිත් පරම සත්‍යය? (නි)

:       0       0

ලුම්බිණි Friday, 22 February 2013 08:01 AM

අතීතය අමතක වීම තමයි අපිට තියෙන ලොකුම ලෙඩේ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 21 February 2013 03:59 PM

ලේනා මුහුද ඉස්ස කතාව, සඳකිඳුරු කතාව අහලා කම්පාවෙලා පුරුදු අපේ බෞද්ධයෝම මේ මනුස්සයා තමන්ගේ ස්වාමිපුරුෂයා සොයාගන්න ගතහැකි අන්තිම පියවරත් ගත්තාම එක දැකලා 'රටේ ස්වාධීනත්වය පාවා දෙනවා,' කියලා බැන අඬගාන්න බැරි නැහැ. ඒ තරමට සමහරුන්ගේ මොළ දේශප්‍රේමයෙන් හෝදලා තියෙන්නේ. හැබැයි 88-89 කාලේ අපේ වත්මන් වීරයින්ටත් පිහිට වුණෙත් ජිනීවාම තමා. (නි)

:       0       0

රත්න Thursday, 21 February 2013 03:57 PM

අපේ අහවලාගෙන් ඇහුවා නම් කියාවි මොන රටේද ඉන්නේ කියලා. (නි)

:       0       0

තිසල් Thursday, 21 February 2013 04:02 PM

ඔහොම යමු. ඔහොම යමු. (නි)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 04:17 PM

කතා කරන්න බය නිසා නිශ්ශබ්දව ඉන්නම්. (නි)

:       0       0

සහන් Friday, 22 February 2013 09:58 AM

තිසල් ඔයාට ඕනනම් ඔයා ඇෆ්ගනිස්තානේ ප්‍රශ්න විසඳන්න කතාකරන්න. ඕකට ඉන්ද්‍රජිත්ට කියන්න ඕනෑය . මෙහෙ ඉන්න ලොකුම උදවිය තමා ඒ දවස්වල ජිනීවා දිවුවේ. මොකුත්ම මතක නැති උදවිය තමා ජිනීවා වල නමටත් බයේ දඟලන්නේ. මෙතන අපි කතාකරන්නේ ලංකාවේ තත්වේ ගැන.(නදී)

:       0       0

සේනාධීර Friday, 22 February 2013 10:04 AM

ඩයස්, එදා ජිනීවා ගියේ ඔබ හිතන උදවිය නොවේ. ඔවුන්ට පිහිට වෙන්න කියලා එක්තරා තරුණ මානව හිමිකම් ක්‍රියාධරයෙකි. කවුද කියා හොයලා බලන්න. අනෙක අද විදේශ රටවල්වලට අභියෝග කරලා ගිරිය කඩාගන්න හදන්නේ ඒ කාලේ රට ගිනිතියපු අයම තමා.(නදී)

:       0       0

සමීර Thursday, 21 February 2013 04:44 PM

සිල්වා, කතා කරන්න බයවෙන්න එපා. (නි)

:       0       0

රොෂාන් Thursday, 21 February 2013 04:50 PM

දිවිය ලෝකයෙන් හරි තමන්ගේ මිනිහාව හොයාගන්න එපැයි. ඒක වැරදි වෙන්නේ කොහොමද? (නි)

:       0       0

තිසල් Friday, 22 February 2013 10:44 AM

ඉන්ද්‍රජිත්, සහන් ඕකම තමයි මම කියන්නෙත්. ජිනීවා කියන්නේ එක එක්කෙනාට ආන්ඩු පෙරලන තැනක්. බටහිරට වාසියක් නැත්නම් ඒ ආණ්ඩුව පෙරලලා හිතවත් කෙනෙක් පත්කරලා දෙනවා. ඉන්පසු බටහිරට වාසි ගිවිසුම් ටිකක් අත්සන් කරගන්නවා.(නදී)

:       0       0

දුජාතා Friday, 22 February 2013 10:59 AM

ජිනීවා වල උදවිය පෙරලපු ආණ්ඩු ලැයිස්තුවක් තිසල් මහතා පෙන්වා දෙන්න. පසුගිය අවුරුදු පනහ තුල පෙරලපු ටික කීවත් ඇති.(නදී)

:       0       0

වරුණ Thursday, 21 February 2013 05:16 PM

එහෙනම් ඔන්න ඔහේ කොහේද රටක ඉන්නවා කියලා රාවයක් ගියේ ආයුබොවන්ඩ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 903 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site