ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නව මසක් රිමාන්ඩ් භාරයේ සිටි යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් සිව්දෙනෙක් එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද (19) නියෝග කළේය.
එමෙන්ම ඇප ලබාදුන් සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් හා සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.
ලුතිනන් චාමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන් සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ්‍රමනියම් නොහොත් රවී සහ සැරයන් දංගහගමරාළලාගේ තරංග ප්‍රසාද් ගමගේ ඇප ලැබූවෝ වෙති.
සෙසු සැකකරුවන් වූ යුද හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර රාජපක්ෂ නොහොත් නාදන්, සාජන් මේජර් වඩුගෙදර විනී ප්‍රියන්ත ඩිලංජන් උපසේන නොහොත් සුරේෂ්, කෝප්‍රල් සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන නොහොත් රංජි රිමාන්ඩ් භාරයේ පසුවෙති.
ඔවුන් සම්බන්ධයෙන් ඇප සලකා බැලීම ඔක්තෝබර් 24 වැනිදා සහ නොවැම්බර් 8 වැනිදා අවිස්සාවේල්ල මහාධිකරණයේදී සිදුකිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
එක්නැලිගොඩ නඩුවේ හතරකට ඇප
සුමුදු Tuesday, 20 September 2016 12:14 AM
‘සිංහල සිත‘ කියන්නේ අපරාධ කිරීමට බලයක් තියෙනවා කියන එකද? දහම්, එ්ක වහල් හිතක සිතුවිල්ලක් මිස නිවහල් සිංහල සිතක සිතුවිල්ලක් නෙමෙයි. (නි)
සුමුදු Tuesday, 20 September 2016 12:16 AM
අපරාධ කරන අයට හුරේ දාන ජාතියක් ලොවේ සිටීද? මට හිතාගන්න බැහැ. මේ තරම් මිනිස්සු අපරාධ වලට පෙළඹෙන්නේ ඇයි? (නි)
ජයතු Tuesday, 20 September 2016 12:50 AM
මෙය සිදුකිරිමට සහභාගි වූ සියලුම දෙනාට මෙහි වන්දිය ගෙවන්නට සිදුවෙනු අැත. බුදුදහමේ සත්‍යය එයයි. (නි)
සුදමි ඩුබායි Tuesday, 20 September 2016 02:22 AM
උසාවියෙන් උසාවියට වෙනස්වන යහපාලන නීතියක් ඇද්දැයි වෙලාවකට සිතෙනවා (නි)
සජීව Tuesday, 20 September 2016 02:34 AM
දැන් ගොඩක් දෙනෙකුට අමතකයි එදා ජීවිත පරදුවට තබා යුද්ධ කළේ කවුද කියලා (නි)
සැන්ඩ්‍රා Tuesday, 20 September 2016 02:54 AM
මේ වගේ විනිසුරන් රටට සම්පතක්. නාවික බුද්ධි නිලධාරින්වත් නිදහස් කරන්න. (නි)
සුසිල් Tuesday, 20 September 2016 03:27 AM
දුමින්දත් ඇප ලැබිලා එලියෙ හිටියෙ කාලයක්. ඒ වුණත් ඔය ලස්සනට ඇතුළට ගියේ. වැරදි කරලා කවදාවත් බේරෙන්න බැහැ. (නි)
සුදේශ් Tuesday, 20 September 2016 03:37 AM
සමහරුන්ගේ අදහස් දැක්කහම ඇත්තටම දුකයි (නි)
පිටිගල මිලානෝ Monday, 19 September 2016 01:04 PM
මේ මිනීමැරුමට අණ දුන්න කෙනාව අල්ලන්නේ කවදාද? (බ)
දහම් Monday, 19 September 2016 01:14 PM
යාන්තම් ටිකක් හරි සිංහල හිතට සැනසීමක්. අනෙක් අයටත් මේ වගේම සාධාරණය ඉටු වේවා.(බ)
අමාලි Tuesday, 20 September 2016 05:06 AM
පිටිගල මිලානෝ මට පේන හැටියට ඔයා ප්‍රභාකරන්ගේ අවතාරෙද කොහෙද. (බ)
සුමුදු Tuesday, 20 September 2016 05:10 AM
දුමින්දට කැමති බහුතරයකුත් ඉන්න රටේ මේ මිනී මරුවන්ට කැමති මිනිස්සුත් ඉන්නවා. (ම)
නුවන් Monday, 19 September 2016 02:09 PM
මේ මහා අධිකරණ විනිසුරු තුමාට මගේ ප්‍රසාදය !! (බ)
කුමාර මහර Monday, 19 September 2016 02:55 PM
අනෙක් අයටත් ඇප දෙන්න මොනවත් සාක්කි නෑනේ මෙයාලට විරුද්ධව (බ)
සදුන් Monday, 19 September 2016 02:48 PM
විනිසුරු තුමනි ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය ! (බ)
ප්‍රනීත් Monday, 19 September 2016 03:21 PM
විනිසුරු තුමනි ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය ! (හේ)
ප්‍රසාද් Monday, 19 September 2016 03:43 PM
එඩිතර තීන්දුවක් ! ජාතියට පන දුන්නු මේ විරුවන්ට නිදහස ලැබීම සතුටක් ! විනිසුරු තුමනි ඔබ තුමාට මගේ ආචාරය ! (හේ)
ධම්ම Monday, 19 September 2016 04:23 PM
මෙතැන මිනී මැරුමක් ගැන කියැවෙන්නේ නැහැ. අතුරුදන්වූ ත්‍රස්තවාදීන් ආදීන් සෙවීමට දැන් කාර්යාලයක් තියෙනවා. එකෙන් මේ ගැන හොයලා බලයි. (අ)
හේවා Monday, 19 September 2016 04:59 PM
අති විශිෂ්ට තීන්දුවක් (රේ)
සුමිත් ඇහැලේපොල Monday, 19 September 2016 05:04 PM
විනිසුරුතුමාට අපේ උත්තමාචාරය. (රේ)
කුමාර Monday, 19 September 2016 06:20 PM
මේ වගේ විනිසුරුවරු රටට සම්පතක්! (නි)
ආනන්ද සෙනෙවිරත්න Monday, 19 September 2016 07:44 PM
අනේ මෙහෙම මිනිස්සු! ඇපදුන් එකට සන්තෝෂවෙන ලස්සන? (නි)
සිරි Monday, 19 September 2016 09:30 PM
මෙවන් යුගයක අතිවිශිෂ්ට එඩිතර තීන්දුවක්. ඔබතුමාට ජාතියේ ප්‍රණාමය! (නි)