IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එක්නැලිගොඩ ඝාතනයට හමුදාවේ හතරකගෙන් ප්‍රශ්න කරයි

ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සිව් දෙනකු රහස් පොලිසියට ගෙන්වා ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව පොලිස් ආරංචි කියයි.

මේ සම්බන්ධයෙන් මීට පෙර තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

2010 ජනවාරි මාසයේ දී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූ අතර ඒ සම්බන්ධයෙන් මුලින් හෝමාගම මූලස්ථාන පොලිසිය විමර්ශන කළේය.

පොලිස් විමර්ශන ගැන සෑහීමකට පත් නොවූ එක්නැලිගොඩ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හෝමාගම හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක (දැන් සහකාර පොලිස් අධිකාරී) ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් නඩුවක් ද ගොනු කළේය.

එක්නැලිගොඩ විදේශ රටක සිටින බවට හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතා සහ හිටපු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු වරෙක කියා තිබුණත් එය ද සනාථ කිරීමට ඔවුහු අපොහොසත් වූහ.

ජනවාරි අටවැනිදායින් පසු සිද්ධිය ගැන රහස් පොලිසිය පරීක්ෂණ ඇරැඹි අතර ඉන් පසු හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. එක්නැලිගොඩ මරා දමා ඇතැයි පොලිසිය සැක කරයි.



අදහස් (0)

එක්නැලිගොඩ ඝාතනයට හමුදාවේ හතරකගෙන් ප්‍රශ්න කරයි

තිලක්-ඩුබායි Monday, 24 August 2015 07:28 PM

මිනිස්සු හැම ප්‍රශ්නයටම පිළිතුරු දුන්නේ ඡන්දයෙන්.මම නිවාඩුවට ලංකාවට ගියාම,පාසල් වෑන් එකක් ගේ ඉස්සරහ නතර කළත් පපුව ගැහෙනවා. ඒ යුගය අවසන්කිරීම ගැන නම් පුදුම සතුටක් දැනෙන්නේ. (නි)

:       0       0

විජේසිංහ මෙහාන් Monday, 24 August 2015 10:52 AM

සත්‍ය වශයෙන්ම යහපත් ක්‍රියාවකි. ඝාතනයන් යනු කවුරු කුමක් අරඹයා කළත් එය පිළිගත නොහැක. එබැවින් 1977 න් පසු සිදුවූ සියළු ඝාතන සම්බන්ධව මෙවැනි අයුරින් පරීක්ෂණ පවත්වා සියළු වැරදි කරුවන්හට දඩුවම් ලබාදීමේ ක්‍රමයක් ස්ථාපිත කොට ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කිරීම වඩාත් කාලෝචිත ක්‍රියාවකි. එවිට රටේ ජනතාවට යහපාලනය මැනවින් දැකගත හැකි වේවි.(නදී)

:       0       0

කුලතුංග Monday, 24 August 2015 11:15 AM

මෙම අපරාධයට අණ දුන්න කෙනා ගැන දන්නා අය ඉදිරිපත් වී ඔහුව සමාජයට හෙළි කරන්න. බය වෙන්න එපා තව දුරටත් ඔබ පස්සේ වෑන් එන්නේ නැත.(හේ)

:       0       0

සාලිය Monday, 24 August 2015 11:24 AM

ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් ළඟදිම මිනිමරුවන් අහුවෙයි කියන එක නේද?(හේ)

:       0       0

ප්‍රසා Monday, 24 August 2015 11:56 AM

එක්නැලිගොඩ කිසි හේතුවක් නැතුව මරල දැම්ම කියල හිතන්න පුලුවන්ද නේද ? එල්.ටී.ටී එකට සම්බන්දයක් තිබුනද දන්නේ නැහැ. (නදී)

:       0       0

උක්කුන් Monday, 24 August 2015 11:58 AM

එතකොට මැරිච්ච කෙනාට කොටි සමග තිබුන ගනුදෙනුත් එලියට ඒවිද? (නදී)

:       0       0

වසන්ත Monday, 24 August 2015 11:58 AM

ඇත්තටම මේ සිද්දීන්ට අදාළ මිනීමරුවෝ හොයන එක වැදගත්. මට හිතෙන විදියට තව දෙයක් තියනවා. මේ මගින් මරණයට පත්වුණු පුද්ගලයන් පිලිබදවත් සෙව්වොත් නරකද. එයාල සමාජෙට දුන්නු දේවල් එයාල නිසා සමාජෙට වුනු යහපත් / යහපත් දේවල් ඒමත්. ලංකාව වගේ රටක නිකන්ම මිනිහෙක් ගිහින් තවත් මිනිහෙක් මරන්නේ නෑ නේ.(නදී)

:       0       0

යසිරු Monday, 24 August 2015 12:42 PM

ඔව් ඔව් වසන්ත රතුපස්වලදීත් මිනිස්සුන්ව මැරුවේ නිකන් නෙවේ වතුර ඉල්ලපු නිසා (බ)

:       0       0

ප්‍රසන්න Monday, 24 August 2015 01:29 PM

එක්නැලිගොඩගෙන් ප්‍රශ්න කරපු හමුදාවේ නිලධාරියා කියන්නේ එයාට අහන්න කිව්වේ එක්නැලිගොඩ ලියපු පවුල් ගස කියන පොත ගැනයි හමුදාපති එක්ක එයාගේ තියෙන්නේ මොනවගේ සම්බන්ධයක්ද කියල පමණයි...... කොටි ගැන මොකුත්ම අහල නෑ නේද? (බ)

:       0       0

නිශාන්ත Monday, 24 August 2015 01:48 PM

ගිය දේ ගියා.(හේ)

:       0       0

යසිරු Monday, 24 August 2015 03:12 PM

මොවුන් තාම සැකකරුවන් පමණි.(හේ)

:       0       0

චන්න බුවනක Monday, 24 August 2015 03:39 PM

මොහුගේ ඝාතනයක්ද නැද්ද කියා ළඟදිම දැන ගන්න පුළුවන් වෙයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site