ඉන්දිකා රාමනායක
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද රාත්‍රී යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම ලුතිනන් කර්නල්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට කැඳවා ඇති අතර ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව රාත්‍රී 8.30ට පමණ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අරන්ත පීරිස් නමැති ලුතිනන් කර්නල්වරයකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
එක්නැලිගොඩ අතුරුදන් වීමට බුද්ධි අංශ නිලධාරියා සැකපිට අත්අඩංගුවට
rohan Thursday, 20 September 2018 05:15 PM
ඔන්න දැන් රට දෙවනත් කරයි රණවිරුවෝ දඩයම් කරනවා කියා. මාධ්‍යවේදීන් නිහඩයි තම සගයාට සාධාරණයක් පතා
vidya Thursday, 20 September 2018 05:41 PM
ඔය පටන් ගත්ත වැඩේ ඉවරවෙනතුරුම කටයුතු කර එක්නැලිගොඩ මහත්මියගේ පවුලේ අයට සාධාරණයක් කරන්න.
senarath Friday, 21 September 2018 05:30 AM
වගකිව යුත්තෝ තියාගෙන කාලෙන් කාලෙට කවුරුහරි ඇතුළට අරගෙන විජ්ජාවක් කරනවා. අද වෙනකම් චෝදනාව කරපු කෙනාගෙන් වත් චෝදනාවට ලක් වූ කෙනාගෙන්වත් ප්‍රකාශයක් ගත්තේ නැහැ.
ලුම්බිණි Friday, 21 September 2018 05:49 AM
කවුරු කරත් වැරැද්ද වැරද්දමයි.
chindana Friday, 21 September 2018 11:46 AM
අද මේ රටට සාපයක් වෙලා තියෙන්නෙත් ඔයාල වගේ 2015 දී ගත්තු අදූරදර්ශි තීන්දු තීරණ. මේ රණවිරුවාව අත්අඩංගුවට අරගන්න තිබුන චෝදනා කියවලා බලන්න, එකම චෝදනාව මේ නිලධාරියාගේ ජංගම දුරකථනය එක්නැලිගොඩ සිද්ධිය වුනයි කියන කාලේ කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක වීම.
SusilSaturday, 22 September 2018 03:53 PM
එම අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළව ලුතිනල් කර්නල් එරන්ත පීරිස් සම්බන්ධයෙන් මෙතෙක් කාලයක් සාක්ෂි නොතිබූ අතර එම කාලය තුළ බුද්ධි අංශ කණ්ඩායම අතර සිදුව ඇති දුරකථන පණිවිඩ හරහා එරන්ත පීරිස් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වී ඇති බව වාර්තා වේ.