ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියට සහභාගි වී එහි අවසන් පූර්ව වටය දක්වා පැමිණි ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (22 වැනිදා) වන විට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව පස්වැනි ස්ථානයේ රැදී සිටී. මේ වන විට ප‍්‍රසාද ලකුණු 4882 ක් සමගින් ශ්‍රේණිගත ලකුණු 108 ක් ලබා සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඉහළින් සිටින්නේ දකුණු අපි‍්‍රකාව, ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ ඉන්දියාවයි.
ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළින්ම සිටින ඉන්දියාව සහ එංගලන්තය ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමත් 4 වැනි සහ 5 වැනි ස්ථානයේ සිටින දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමත් මෙම ශ්‍රේණිගත සටහනේ සාධාරණත්වය වඩාත් තහවුරු කරන්නකි.
ඕස්ටේ‍්‍රලියානු පිල දැනට 3 වැනි ස්ථානයේ රැුඳී සිටියද ඔවුන්ගේ වත්මන් ශ්‍රේණිගත ලකුණු 113 රැඳී ඇත්තේ බහුතරයක් අතීත දක්‍ෂතා මතය. තුන්වැනි ස්ථානයේ සිටින ඕස්ටේ‍්‍රලියාවත් පස්වැනි ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකාවත් අතර පරතරය ශ්‍රේණිගත ලකුණු 5 ක් පමණි.
කෙසේ වෙතත් ඉදිරියේ එන කොදෙව් සංචාරයේදී හොඳ දස්කම් පෙන්වීමට සමත් වුවහොත් ශී‍්‍ර ලංකා පිලට එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළට යා හැකිවනු ඇත.
| ස්ථානය | කණ්ඩායම | තරග | ප‍්‍රසාද ලකුණු | ශ්‍රේණිගත ලකුණු |
| 1 | ඉන්දියාව | 42 | 5127 | 122 |
| 2 | එංගලන්තය | 40 | 4578 | 114 |
| 3 | ඕස්ටේ‍්‍රලියාව | 39 | 4406 | 113 |
| 4 | දකුණු අපි‍්‍රකාව | 31 | 3436 | 111 |
| 5 | ශ්‍රී ලංකාව | 45 | 4882 | 108 |
| 6 | පාකිස්තානය | 41 | 4173 | 102 |
| 7 | නවසීලන්තය | 31 | 2738 | 88 |
| 8 | බටහිර ඉන්දීය කොදෙව් | 36 | 3161 | 88 |
| 9 | බංගලාදේශය | 25 | 1949 | 78 |
| 10 | සිම්බාබ්වේ | 19 | 966 | 51 |
| 11 | අයර්ලන්තය | 8 | 312 | 39 |
| 12 | නෙදර්ලන්තය | 5 | 69 | 14 |
| 13 | කෙන්යාව | 4 | 45 | 11 |
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක්දින හිණිපෙතේ ලංකාවට 5 වැනි තැන
රංග Saturday, 22 June 2013 11:23 AM
මොනවා කියන්නද.. කොච්චර දැඟලුවත් ඉන්දියාවට බය වගේම ඉටහිර ඉන්දීය කොදෙව්වන්ටත් බය වේවිද දන්නෙ නැහැ. ඇයි දන්නවද නමේ කෑල්ලක් ගෑවිලා තියෙනවනේ. (ස)
සුරේෂ් Saturday, 22 June 2013 11:27 AM
ඒකනම් මදියි වගේ. (ස)
සනත් Saturday, 22 June 2013 11:46 AM
දේශපාලකයන් අතරෙයි, මෙයාලා අතරෙයි වෙනසක් නැහැ. (ස)
සුදේෂ් Saturday, 22 June 2013 11:47 AM
කමක් නඋ අපේ ක්‍රීඩකයෝ අපේ රට මේ ගානට හරි තිව්වා. දේශපාලකයෝ මොකද කරන්නේ ? (ස)
නිමල් රණසිංහේ Saturday, 22 June 2013 02:01 PM
අපේ ක්‍රීඩකයෝ දක්ෂයි සේරටම මුල දේශපාලනයයි සල්ලියි තමයි. (ස)
අරුණ Saturday, 22 June 2013 02:07 PM
සල්ලි මල්ලක් පෙන්නුවානම් දෙයි පැන පැන. දිගට හරහට රටට කලින් සල්ලි ගැන හිතන්නේ. (ස)
සම්පත් Saturday, 22 June 2013 02:57 PM
මට නම් දැන් එපාවෙලා ඉන්දියාවටම පැරදිලා.(ස)
අමිත් Saturday, 22 June 2013 03:28 PM
ඔහොම තමා. මැච් දිනනවා, පරදිනවා. ඉන්දියාව මේ තරගාවලියෙම හොදටම සෙල්ලම් කරන රට. ඔවුන් අපරාජිතයි, වාසනාවත් එයාල ලග තිබුණා. හැබැයි අපේ අයට හදාගන්න හුගක් දේවල්නම් තියෙනව. ටිකක් දුක වගෙ හිතෙන්නෙ, අර කොටින්ට පාඩමක් උගන්න තිබුනු අවස්ථාවක් මගහැරුනු එකටයි. (අ)
අනුර Saturday, 22 June 2013 04:03 PM
හැමදාම ඉන්දියාවටම නේ පරදින්නේ එකයි කණගාටුව!(ස)
තිළිණ Sunday, 23 June 2013 01:46 PM
අපේ ක්‍රිකෙට් ටීම් එක දැන් වැඩක් නැහැ. ඔක්කොම ක්‍රීඩකයෝ සල්ලි පස්සේ දුවනවා. මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නෙමෙයි තවදුරටත් ලංකාවේ ක්‍රිකට්.අර්ජුන සනත් අරවින්දලා නියම මහත්වරු. (නි)